Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

JoJo's Place

43/6A De Alwis Ave, Dehiwala-Mount Lavinia


Jo Jo's Place is a seaside restaurant, offering some good Sri Lankanised Chinese food, and a particularly great HBC.



ඇඟටත් ලොකු ෆිට් එකක් නෑ. ඊටත් කන්නත් හරියට පිරියක් නෑ කියන්නකො. ඒත් ඉතින් ගෙදරින් ගෙනාපු කෑම එකනෙ, විසික් කරන්න බෑනෙ, කියල ඔන්න පුටුවෙන් නැගිට්ට 3ට විතර. නැගිටල යාලුවෙක්ටත් කතාකරගෙන ගියා ලන්ච් රූම් එකට. ගිහිල්ල, වාඩිවෙලා හිටං.. හෙමි හෙමිහිට, 

බත දිග ඇරපු වෙලේ ඉඳන්.. මේකා ෆෝන් එක අතට ගන්නව, මොකක්දෝ බලනව, චැහ්! ගානව, ආයෙත් දාගන්නව. ටික වෙලාවක් මම ඕක බලාගෙන හිටිය. ඉඳල ඉඳල කාලත් ඉවර වුනාට පස්සෙ තමයි නිකමට හරි අහල බලන්න ඕන කියල, වචනෙ දැම්මෙ. මොකද පෞද්ගලික ප්‍රශ්නයක්වත්ද දන්නෙත් නෑනෙ. හැරත් එච්චර ළඟ ඉඳලත් මේකා මට මුකුත් කිව්වෙත් නෑනෙ.

“ඇත්තටම මොකෝ බං කේස් එක. මං මේ නිකං ඇහුවෙ. උබ අවුලෙන් වගේ නිසා..” එතකොටම ඔන්න ගත්ත ආයෙත් ෆෝන් එක අතට.

“නෑ බං මේ..

තප්පරයක් දියං..” කියල බැලුව ෆෝන් එක දිහා. බලල හෙමින් සැරේ ලිෆ්ට් එකෙන්.. බැස්ස විතරයි, අනික් පැත්තටනෙ, 

“උම්ම උම්ම උම්ම. ආදරෙයි ආදරෙයි ආදරෙයි” ෆෝන් එක ඉඹගෙන ඉඹගෙන ඉඹගෙන ගියා කියන්නකො. මම හිතුව හරි, ලව් සීන් එකක් තමයි.

“හරි හරි බං එළ ඈ. ඒනං පාටි දියං ඈ..”

“පාර්ටි? මොන පාර්ටිද යකෝ. ඕන නම් එකතුවෙලා පාර්ටි දාමු. පඩි වැටිල බොල, පඩි වැටිල”

“කිරි අප්පට, පඩි වැටිල? දෙයියෝ.. කියන්නෙපෑ මෙච්චර වෙලා බෝ බැලුවෙ ඒක කියල. හප්පේ.. දාමු දාමු එකෙන්ම පාර්ටියක් දාමු. ඉඳාන්කො ඉඳාන්කො මම හොඳ තැනක් බලන්න. හැබැයි 5, 6 වෙද්දිම ගැලපෙමු ඈ.. එතකොට නිදහසේ ගසන්න පුළුවන්”

කියල, ඇවිල්ල, වාඩිවෙච්ච අනික් පැත්තට මම කළේ තැනක් බලපු එක. බලල ඔන්න කට්ටියවත් දැනුවත් කරල ලයින් වුණා 6 වෙද්දිම වගේ ඔෆිස් එකෙන් යන්න.

ඒත් කොහෙද මේ මෝසම් වැස්සක් නිසා, යන්න තියා වාහනයක් හොයාගන්නවත් බෑනෙ. අන්තිමට බලල බලල එකක් ලයින් කරගනිද්දි වෙලාව 6.30යි. ඊටත්.. ට්‍රැෆික් එකේ එතනට යද්දි!

7ත් පහු ඕං..

‘ජෝජෝස්’! මවුන්ට් ලැවනියාවල.

මගෙත් පළවෙනි පාර. ගිහිල්ල ඉතින් ඔන්න රේල් පාර පැනල එන්ටර් වුණා තැනට. ඒත්.. ම්හ! නෑනෙ කිසිම හැපනින් ගතියක්. ඇත්තටම මම හිතුවෙ ෆුල් ෆන් ප්ලේස් එකක් කියල.

“කමක් නැහ්, බිව්වාම හරි ෆන් වෙයිනෙ” කියල ඇල්ලුව වෙරළ කිට්ටුවම තියෙන මේසයක්. අල්ල, බඩු මුට්ටු ටිකත් ගලපලා.. පොඩ්ඩක් ඔලුව උස්සල බැලුව විතරයි, සේවක මිත්‍රයෙක් වැලි කාගෙන ආවෙ එතනට. ඇවිල්ල මෙනු අපිට දීලා, කෑම තෝරන්න උදව් කරල.. එක සර්විස් එකයි කියන්නෙ, සුපිරිම ඈ.. අනික. අපි ඉල්ලන ඉල්ලන එක, නෑ බෑ කියන්නෙ නැතුව සනිකවම ගෙනැල්ල දෙනවනෙ. අඩේ ඇත්තටම කොළඹ බීච් ලයින්වල තියෙන රෙස්ට් අතරෙ මේ වගේ සර්විස් එකක් තියෙන ප්ලේස් එකකුත් තියෙනව කියන්නෙ.. මාරයි ඈ..

කොහොම කොහොමින් හරි අපි, සේවක මිත්‍රයගෙත් උදව් ඇතිව ඕඩර් කලා සීෆුඩ් රයිස් එකකුයි (රු. 800), මික්ස් කොත්තුවකුයි (රු. 900), පෝර්ක් කරියකුයි (රු. 750). බොන්න.. බීර තමයි. මොකද එයාලා ළඟ සැර ජාති තිබ්බෙ නෑනෙ.

වැඩේ වුණේ ඕඩරේ දාල නම් යාළු ටික වෙලාවක් ඉන්න වුණා. මගෙ හිතේ.. විනාඩි 15, 20ක්. බාග වෙලාවට එදා සෙනඟත් හිටිය නිසා වෙන්න ඇති. හැරත් ඉතින් පබ් ඇන්ඩ් රෙස්ටුරන්ට් වුනාම දන්නැද්ද. ඒත් අර හොඳේ කියන්නෙ එනකොට එක පාරම එනව ඔක්කොම ටික මේසෙට. ඒ නිසා කාට කාටත් කැමති කැමති දේවල් බෙදාගෙන වැඩේට බහින්න පුළුවන් වුනා. පෝර්ක් කන අය, සීෆුඩ් කන අය, ඒ ජාති මේ ජාති කන නොකන අය.. සිල්ලෝම,

“චියර්ස් ඒනං ඈ”!

එක දිගට බැහැපු බීර උගුරු දෙක තුනේ මුල්ම කට ගැස්ම වුනේ පෝර්ක් කරි යහමින් වැටුණු  කොත්තුව.

වැඩක් නෑ ඉතින් ඈ.. හප්පේ.. එක කටයි කෑවේ.. බියර් තිබ්බදවත් මතක නෑ. කිව්වට විශ්වාස කරන්න යාළු කට්ටියම.. බොන එක පැත්තක. කනව කියන්නෙ මරේ කියල. බලාගෙන ඉඳිද්දි කොත්තු, රයිස් ටික ඉවර වුණේ. ඕ..

වෙලාවට අර මුලින්ම බෙදාගෙන තිබ්බෙ.

මික්ස් කොත්තුව වුණාට මොකද ඇත්තටම ඒකට පෝර්ක්, බීෆ් නම් එන්නෙ නෑ. ඒත් මදි නොකියන්න, චිකන්, සොසේජස්, ඉස්සො, දැල්ලො, මාළු පදමට තම්බපුව එනවා.. කැරට්, ලීක්ස්, මාලු මිරිස් ඔක්කොමත් එක්ක, රස පදම නූලට තියෙන්න. ඉතින් චිලි පේස්ට් ටිකකුත් දාගත්ත කියන්නෙ පංකාදු පහයි ඈ.. ඊටත් පෝර්ක් හොදි වැටුණාම? තලු මැරෙන්නෙ බලාගෙන ඉඳිද්දි.

හැබැයි එකක්. රස පදමට පෝර්ක් කරිය හදල තිබ්බට, ඒ පෝර්ක් කෑලිවලට නම් මිරිස් තුනපහ ටික අල්ලල මදි වගේ. ඒ නිසාමද කොහෙද පෝර්ක් කෑලි තැම්බිලත් තියෙනව ටිකක් මදි. ඒත් හොද්දෙ නම් තියෙනව මිරිස් තුනපහ, ලුණු ඇඹුල් අඩු නැතිව. සත්තයි කියල වැඩක් නෑ යාළු, කරිය තව ටිකක් හිඳෙන්න ඇරිය නම්. ෂප්පේ.. පාන්, පරාටා ටිකකට දෙසාබාන්න කියාපුම!

ආයෙ, ඒ දෙකටම හරියන්න රයිස් එකත්.. ටොපේ ටොප්. ඒකත් එළවළු අඩුම කුඩුම වලින් නම්.. උපරිමයි. ඒ වගේම තමයි හොඳ ෆ්‍රෙෂ් ඉස්සො, දැල්ලො, මාලු ටිකක් තම්බල, බැදල ගලපල තියෙනව, කන කන කටක් ගානෙ මොකක් හරි සතෙක් අහුවෙන්න. අනික කීරි සම්බා හාලෙ බතත්, ලාවට ෆ්‍රයි වෙන්න අල්ලලනෙ.

වැඩිය ඕන නෑ, බතට පෝර්ක් හොදි ටිකක් වැටුනාම…

අන්තිමටම බයිට් මදි වෙලා ගෙන්නුවනෙ පෙපර් පෝර්ක් එකක් (රු. 750). ඒක බැලූ බැල්මට සුදුවට තිබුණෙ. ඒත් කාලා බැලින්නම්නෙ. බොලේ වයිට් පෙපර් දාලද මංදා මාර ගම්මිරිස් රසක්නෙ. ඊටත් අමුමිරිස්, සෝස් අඩුම කුඩුමත් එක්ක ලාවට බැදිච්ච පෝර්ක් කෑලි ටිකත් හොඳ හැටි පෙපර් එක්ක රස වෙලා.. කරුමෙ කියන්නෙ, ඒක කනකොට, අපේ කන් සාක්කුවෙනෙ. ඉතින් හරි හැටි රස කර කර ඉන්න බැරි වුණා.

හැරත් බයිට්ම කාලා වැදිල, ඔය එකා දෙන්න ගියේ වැලි කාගෙන. තලපතා වගේ එකෙක් හිටිය, ඒකා තව පොඩ්ඩෙන් මාරු වෙලා යනව මුහුද පැත්තට, හ්ම්..!


Similar Places

User Reviews
L
1

4/5

0

Lakshan

They used to serve cheese culets. the best I have ever had

L
1

4/5

0

Lakshan

They used to serve cheese culets. the best I have ever had

See 2 Comments