Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

Jolly's Ice Cream

402/2, Kaduwela Road, Battaramulla, Koswatta 61158


They serve some super authentic Sri Lankan ice cream.



අපේ ශලිනිටයි මටයි අයිස්ක්‍රීම් කිව්වොත් ඒ තරම් දෙයක් නෑ. තුන් වේල ම වුණත් කයි. ඉන්ස්ටග්‍රෑම් එකේ “ජොලී’ස් අයිස්ක්‍රීම්” එක දැකපු දවසේ ඉඳන් අපි දෙන්න ම ඉස්පාසුවක් නැතුව හිටියේ මේකට යන්න. දෙයියනේ කියලා ඒ චාන්ස් එක අපි දෙන්නට හම්බුණේ පහුගිය දවසක ඒ පැත්තේ රිවිව් එකකට ගිය නිසා.

තැන

බත්තරමුල්ලේ ඔඩෙල් එක දන්නවා නේද? ඔන්න ඕක පහු කරලා, කොස්වත්ත පැත්තට යද්දී මුණගැහෙන “Hi Life” එක මේ හරියේ ඉන්න ගොඩක් අය අතරේ ජනප්‍රිය ඇඳුම් කඩයක්. ජොලී’ස් අයිස්ක්‍රීම් එක තියෙන්නෙත් මේ බිල්ඩිම තියෙන ඉඩමෙමයි.

ඉතින් හරිබරිගැහිලා වාඩිවෙලා කන්න පුළුවන් විදියේ ඉඩක් මෙතැන නැහැ. ටේක්-අවේ තමයි තියෙන්නේ. හැබැයි ඕනේ ම නම් මේකට පොඩ්ඩක් එහාපැත්තෙ තියෙන ගල් මේස, බංකු පෙළේ ඉඳගෙන මේ අයිස්ක්‍රීම්වල රස බලන්න පුළුවන්.

කෑම බීම

අයිස්ක්‍රීම් රසවල් 30ක් වගේ මේ කට්ටිය ළඟ තියෙන බවයි ආරංචිය. කෝන් විදියට වගේ ම, ෆ්ලේවර් තුනක් දාපු කෝප්ප විදියටත් මේවා ගන්න පුළුවන්. හොඳ ම වැඩේ කියන්නේ මේවයේ රස පොඩිත්තක් බලලා ම ඕඩර් කරනවද නැද්ද කියලා තීරණය කරන්නත් මෙතැනදී අවස්ථාව ලැබෙනවා. අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි, ෆෘට් ජූස්, මිල්ක්ෂේක් වගේ ජාතිත් මෙතැන තියෙනවා.

ශලිනි බ්ලූබෙරි කෝන් (රු.100) එකක් ගත්ත අතරේ මං ගත්තේ ස්ට්‍රෝබෙරි කෝන් (රු.80) එකක්.

ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක ආවේ කෑලි කපපු ස්ට්‍රෝබෙරි ගෙඩියක් එක්කමයි. පෙනුමෙන් එක වගේ වුණත්, මේකේ තිබුණේ  සාමාන්‍යයෙන් අපට පුරුදු ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් රස නෙවෙයි. ටිකක් විතර පැණි රස වැඩි එකක්. හැබැයි රස්නේ දවසකට මේකත් ගාණක් නැහැ.

ශලිනි ඕඩර් කරපු බ්ලූබෙරි කෝන් එක නම් පට්ට. බ්ලූබෙරි ෆ්ලේවර් එක හොඳට ආවා. චොකලට් ස්ප්‍රින්කල් එක්කනේ ආවෙත්. ඉතින් තවත් මරු. අනික මෙයාලා දෙන කෝන් එකත් නියමයි. කරස් සද්දෙට හැපෙන්නේ.

ඊටපස්සේ අපි ගත්තේ ෆ්ලේවර් තුනේ අයිස්ක්‍රීම් කප් එකක්. තමන් කැමති විදියට මේ ෆ්ලේවර් ජාති තෝරාගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් අපේ තේරීම වුණේ ස්විස් චොකලට් (රු.70), කෝපි (රු.80) සහ ක්‍රීම් මිල්ක් (රු.60).

චොකලට් අයිස්ක්‍රීම් එක නම් හරි ම රසයි. හොඳ චොකලට් රසක් තිබුණා. උඩින් දාලා තිබුණු චොකලට් සිරප්, චොකලට් චිප්ස්වලින් ඒ රස තවත් වැඩිවුණා. කොටින් ම කියනවනම් කෝපි අයිස්ක්‍රීම් එකෙන් ආව ගෙදර හැදෙන ක්ලැසික් කිරි කෝපිවල රස. මේකේ උඩිනුත් චොකලට් සෝස් එක්ක කජු කෑලි දාලා තිබුණා.

ක්‍රීම් මිල්ක් අයිස්ක්‍රීම් එක කන ගමන් අපි දෙන්න ම කල්පනා කළේ මේ රස පුරුදු ඇයි කියලා. පස්සෙනේ අපි දෙන්නට වැඩේ මතක් වුණේ. පොඩි කාලේ අම්මලාගෙන් බැණුම් අහ අහ කෑව කිරි රස බීම පැකට් මතකද? කිව්වට විශ්වාස කරන්න යාළුවනේ ක්‍රීම් මිල්ක් අයිස්ක්‍රීම් එකේ තිබුණේ ඒ රස. මේකටත් ස්ප්‍රින්කල්ස් එකතු කරලා තිබුණා. බීම පැකට් එකත් කටේ ගහගෙන ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ආව හැටි මට මතක් වුණේ ඉබේටම.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. හැබැයි කවුන්ටරේ පිටිපස්සේ ඉන්න කොල්ලෝ දෙන්න නියමයි. පට්පට්ගාලා ඉල්ලන අයිස්ක්‍රීම් ටික ලෑස්ති කරලා දෙනවා.

අවසාන වශයෙන්

අපේ ලෝකල් රහට හරියන අයිස්ක්‍රීම් ඕනේ නම් මේක තමයි පොට් එක. අර කෝපි අයිස්ක්‍රීම් එක ම ඒකට සාක්කි. ඒ විතරක් නෙවෙයි කුරුඳු, එනසාල් රසවල්වලින් හදපු අයිස්ක්‍රීම් පවා මෙයාලා ළඟ තියෙනවා. අපට දැනගන්න ලැබුණු විදියට, මෙයාලගේ මුල් අයිස්ක්‍රීම් කඩේ තියෙන්නේ නිට්ටඹුවේ, තිහාරියේ.

බත්තරමුල්ල පැත්තේ ගියොත්, පොඩ්ඩක් ගොඩවෙලා බලන්නකෝ. අපි කියන කතාව ඇත්ත වග තේරේවි.

Address

402/2, Kaduwela Road, Battaramulla, Koswatta 61158

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Dish Types

Fruit Beverages Ice Cream Gelato Fruit Juice

User Reviews
Avatar for thivanka1989
1

2/5

0

thivanka1989

I tried their fresh strawberry juice last week. It was nothing like the real deal. Almost like water you get after washing the strawberries. Dislike :(

M
1

5/5

0

Mfazir

Creamy ice cream with delicious flavors of Blueberry and Butterscotch

Avatar for thivanka1989
1

2/5

0

thivanka1989

I tried their fresh strawberry juice last week. It was nothing like the real deal. Almost like water you get after washing the strawberries. Dislike :(

M
1

5/5

0

Mfazir

Creamy ice cream with delicious flavors of Blueberry and Butterscotch

See 4 Comments