460F Weli Para, Sri Jayawardenepura Kotte
Closed right now
A restaurant by The Barnhouse Studio that serves up some epicurean dishes in their most unique ambience.
හදන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මාන බල බල හිටියෙ ඔ්කට යන්න.
ඇයි ඉතින් පුංචි වැව් ඉස්මත්තක.. වෙල් යායක් ඉස්සරහ.. ඇන්ටික් ලුක් එකට හදාපු අමුතුම, අපූරුම රෙස්ටුරන්ට් එකක්නෙ. ඊටත් ඉර බැහැගෙන යන හැන්දෑවක අපේ රහට, රස කෑම ටිකක් කකා, සැර බයිටක් එක්ක හෙමින් සැරේ බීර වීදුරුවක් තොල ගගා..
ආයෙ.. මනෝ පාරක් ගහන්න, කයියක් දාන්න කියාපුම තැන!
ඒ නිසාමයි විශ්වියි මායි කල් ඇතුවම ඔතන රිවිව් එකට යන දවස ප්ලෑන් කලේ..
ඒ ප්ලෑනට අනුව ඔන්න පහුගිය බදාදා,
හැන්දෑවෙ 7ටම වගේ.. අපි අදාළ ස්ථානයට.
යද්දි.. බලන්න එපැයි,
ෂැහ්! තණකොලින් පිරිච්ච පුංචි මිදුලෙ ඉඳන් ඊට එපිට පැත්තකට වෙන්න තියාපු පරණ ලී ලොරිය, ඒකෙ හදාපු ටේකවේ කිචන් එක, ඊට පිටිපස්සෙන් ඔ්පන් ඩයිනින්ග් එකයි, බාර්ටොප් එකයි. එතනින්ම උඩ තට්ටුවට පඩිපෙල..
කියල වැඩක් නෑ ආ.. ඔක්කොමත් හරි ඒ මළකඩ කාපු යකඩ පාටටම ගැලපෙන කහපාට බල්බ් එළිය. හරියට වින්ටර් කැෆේ එකක වගේ.
එහෙමෙට, ඇතුලත පිටත හැඩට තියෙද්දී..
පිටින් බෝතලයක් අරගෙන යන්න චාන්ස් එකකුත් තියෙද්දී..
නොබී ඉන්න?
හිහ්.. වොඩ්කා ගෙනිච්චෙ කෙලින්ම, වොඩ්කා. අරගෙන ගිහිල්ලා දැම්මා බයිට්, ඩයට් ඔ්ඩරේ..
බාබත් කොත්තු (රු. 1200) එකයි, බ්ලැක් පෝර්ක් කහබත් (රු. 1100) එකයි, ෆිෂ් ඇන්ඩ් චිප්ස් (රු. 1000) එකයි. දාලා මැන්ගෝ මස්ටානි (රු. 490) එකකුයි, ෆුවල් කැප් ඕල් ඩේ ඩීටොක්ස් (රු. 590) එකකුයි ගත්තා සැන්ඩියට.
අරගෙන ඉතින් දන්නැද්ද..
හෙමින් සැරේ වොඩ්කා උගුරක් ඔන්න ඉස්ඉස්සෙල්ලාම කියලා. ඊට පස්සෙ මෙලන්බෙරි අයිස් එක.
හප්පා.. මම නේද, එක උගුරෙන්ම තිබ්බා වීදුරුව බිම. ඒකෙ තනිකරම සිරප් කියන්නකො. මෙලන් බෙරි ටේස්ට් එකකුත් තියෙනවා. ඒත් මට සෙට් වෙන්නෙ නෑ. ඒ නිසාම මම මස්ටානි එකෙන් උගුරක් බීලා වැඩේ ෂේප් කරගත්තා. ඒක නම් ඇත්තටම හොඳයි. හොඳ පදමට මැන්ගො එහෙමත් දාලා, නූලටම වගේ සීනිත් තියෙන්න..
මරු ආ..
කොහොමහරි ඔය අස්සෙ මේසෙට ආවනෙ අපේ බයිට් ඩයට් ටිකත්. එතනින් ඉතින්..
නෝ කතා නෝ සිනා. විශ්වි පෝර්ක් රයිස් එකෙන් ඇරඹුම. මම බාබත් කොත්තු එකෙන් ඇරඹුම.
කෝකටත් කියලා තව වොඩ්කා ෂොටකුත් හලාගෙනම..
උණු උණු බාබත් කෑලි 2, 3ක් අහුවෙන්න ගත්තා හැන්දට කොත්තු. අරගෙන එක කටට ඈ..
හප්පේ.. ඒක එක කට වුනාට, ඊට පස්සෙ කට, දෙක, තුන පෝලිමට.. ඒ තරම් රසයි යාළු. කොත්තුවෙ සැර ගතියත් නූලට. ලෝබ නැතුව දාලා තියෙනවා කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටික. ම්.. බිත්තරයක් වගෙත් දාලා තිබ්බා. හැබැයි බාබත්? ආයෙ හැන්දට කෑලි 2 ගාණෙවත්. අනික අර අපිට පුරුදු කොත්තු වගේම හොදි එහෙම දාලනෙ ගහල තිබ්බෙ.
ඒ ගැම්මට, අමර පදමට වැදෙද්දී..
මම ඉල්ලගත්ත විශ්විගෙන් පෝර්ක් රයිස් එකත්. ඉල්ලගෙන කෑලි 3ක්ම සෙට්වෙන්න ඔන්න උණු උණු රයිස් කටකුත්..
නොම්මර එකයි, මල් හතයි!
බතේ සුවඳයි, තුනපහ බොර රසයි, ඒකෙ ලුණු ඇඹුලයි එක්ක පංකාදු!..
කටක් දෙකක් කියල හිතුවට යාළු ඒකෙනුත් 5, 6ක්ම බඩේ..
හැබැයි ඒ අතරට කෑවනෙ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක.
ම්.. අනේ මන්දා කොහොමහරි ඒක මට සෙට්වුනේ නෑ. මොකද තනිකරම ක්රීම් චීස්, මයො, සෝස් රසනෙ උඩින් තිබ්බෙ.
ඒත් ඉතින් ප්රශ්නයක් නෑ මල්ලි,
ගැටලුවක් කරගන්න ඔ්න නෑ, ඒ වෙද්දිත් වැදිලනෙ හිටියෙ!
Closed right now
Cuisine
Asian Western Middle Eastern Indian Sri Lankan American Fusion European Mexican
Price Range
Dish Types
Meats Seafood Salad Vegetarian Beverages Rice And Curry Pork Chicken Fish And Chips Ice Cream Burgers Shawarma Wraps Fruit Juice Healthy
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
A restaurant and a guest house in Ella, that one should…
Delete Comment