Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Kaala Balan - Maha Gedara (Boralesgamuwa)

No. 30, Dehiwala Road, Boralesgamuwa


The newly opened branch of Kaala Balan in Boralesgamuwa serving up the same known, delicious rice & curry.



රත්මලානේ කාල බලන් මහගෙදර ඕපන් කරපු ගමන්ම එතන රයිස් ඇන්ඩ් කරිවල රස හැම තැනම පැතිරිලා ගිහින් සෑහෙන ජනප්‍රිය වුණා. ඊළඟට අපිට ආපු ආරංචිය තමයි කාල බලන් එකේ අලුත් අවුට්ලට් එකක් බොරලැස්ගමුවෙ අලුතෙන් දාල කියන එක. හදිසියෙන් ඒ පැත්තෙන් යන එන දවසක, වැඩි වෙලාවක් නැතත් අලුත් කාල බලන් එකට ගොඩ නොවී යන්න හිත හදාගන්න බැරි වුණා. වාඩිවෙලා හරිබරි ගැහිලා කන්න තරම් වෙලාවක් නැති නිසා ටේක් අවේ දාමු කියල හිතාගෙන ඔන්න අපි දඩිබිඩියේම එතනට ගොඩ වුණා.

තැන

මේක තියෙන්නේ බොරලැස්ගමුව දෙහිවල පාරෙ. පුංචි වුණත් ඉඩකඩ තියන විදිහට පිළිවෙළට කහ පාට පුටු මේස ඇරෙන්ජ් කරලා. ඒ වගේම පෙනුම ප්‍රසන්නයි. ලොකු මැටි හට්ටිවල කරි ජාති ගොඩක් පුරවල තිබුණා. අපි යනකොට වාඩිවෙලා කෑම කකා හිටපු අයට කෑම බෙදල දීල තිබුණේ පන් වට්ටියකට එලපු නෙළුම් කොළයක් උඩට.

කෑම

මෙතන චිකන්, ෆිෂ්, පෝක්, ඉස්සෝ, දැල්ලෝ එහෙම තියන බව ගහල තිබුණට මොකද අපි ඉස්සෝ දැල්ලෝ ගැන ඇහුවම 'අද නම් ඒවා නෑ ' කියල තමයි උත්තර ලැබුණේ. ඒ හින්ද ඉතිං අපි පෝලිමේ ගිහින් චිකන් රයිස් ඇන්ඩ් කරි (රු. 280) එකයි ෆිෂ් රයිස් ඇන්ඩ් කරි (රු. 280) එකයි ඕඩර් කළා. පාර්සල් කරල තිබුණේ ලන්ච් ෂීට් එක උඩට එලපු නෙළුම් කොළ බාගයක් උඩට බත් බෙදලා. කෑම දෙක එක්ක පපඩම්, බැදපු මිරිස් කරලක් එහෙම දාන්නත් මේගොල්ලො අමතක කරල තිබ්බෙ නෑ.

චිකන් රයිස් ඇන්ඩ් කරි එකට අපි බෙදාගත්තේ සුදු බත් එක්ක චිකන්, කතුරුමුරුංගා කොළ මැල්ලුම්, පොල් සම්බෝල, රාබු, මඤ‍්ඤොක්කා සහ වැටකොළු. අර්තාපල් වගේ පේන්න ලස්සන කහ පාටක් එන විදිහට උයල තිබුණ මඤ‍්ඤොක්කා කරිය කටට සොෆ්ට්. මැල්ලුම හදල තිබුණේ අලුත් කතුරුමුරුංගා කොළවලින්. ඒකට මොකද වැටකොළු කරියෙන් නම් වැඩිය ෆ්‍රෙෂ් ගතියක් දැනුණේ නෑ. පොල් සම්බෝලෙයි රාබු සම්බෝලෙයි කියන්න තරම් වරදක්වත් විශේෂ හොඳක්වත් නෑ. මේ කෑම එකේ පොල් පාවිච්චි කරලා හදපු සම්බෝල මැල්ලුම් වගේ ජාති ගොඩක් තිබුණ හින්ද වැඩිය සැරක් නොතිබ්බට, ඒ ඔක්කොටම හරි යන්න මිරිසට හදපු චිකන් කෑල්ල කට සැර කරන්න උදව් වුණා.

රතු කැකුළු බත් එක්ක මාළු, අඹ මාළුවක්, පරිප්පු, කැරට් සහ බෝංචි, ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එක විදිහට අපි බෙදාගත්තා. මේ බත් එක තමයි බත් එක! රතු කැකුළු බත් එක උඩින්ම පරිප්පුයි කැරටුයි බෝංචියි පාට පාටට ගැලපිලා හිටියා. ඇහැ පිනවන ලස්සන තැඹිලි පාටට තිබුණ කැරට් ටික අබ එහෙම දාල රස කරලා තිබුණා. නියම දකුණේ රහ එන කෙළවල්ලා මාළු කෑල්ල පදමට මිරිසට. ඇඹුලයි පැණි රහයි ගාණට මික්ස් වුණ අඹ ඇඹුල මරු. බෝංචි ටික ළා නිසා කිරි රසයි. කතා දෙකක් නෑ මේ කෑම එක නං පංකාදු පහයි.

අවසාන වශයෙන්

කාල බලන් එකේ කෑම රසයි කියල කට පුරා කියන්න පුළුවන්. උඩින් කියපු සමහර කරීස්වල තියන පොඩි පොඩි අවුල් ටික හදාගත්ත නම් තවත් හොඳයි. නියම රයිස් ඇන්ඩ් කරි රහ කොයි වගේ ද කියල කාලම බලන්න, කාල බලන් පැත්තෙ යන්න.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment