Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

Kaala Balan - Maha Gedara

556A, Galle Road, Ratmalana


Kaala Balan - Maha Gedara is the perfect spot if you happen to be in Ratmalana area and find yourself craving for some great rice and curry.



ගෙන්නගෙන කෑවත්, ගිහිල්ල කෑවත්...

කඩේ හොඳයි නම් කෑම හොඳයි. හරියට ‘කාලා බලන්’ එකේ වගේ.

එදත් ඔන්න යාළුවයි මායි, අම්බානක වැඩ! ඇත්තම කිව්වොත් උදේට හරියට කාල හිටියෙත් නෑ. ඉතින්... දෙන්නගෙම අයිඩියා එක තිබ්බෙ දවල්ට හොඳහැටි දෙසාබාන්න.

“මේ... චයිනීස් නං කන්න බෑ බං. දවසම වතුර බිබී ඉන්න වෙන්නෙ. කටට රහට බත් ටිකක් කන්න තැනක් හොයාං” ඕඩරේ දාන්න මම ෆෝන් එක අතට ගත්තත් හරි, යාළුව කියාපි. හැබැයි ඉතින් කතාව හරි. මොකද පහුගිය දවස් ටිකේම අපි චයිනීස් කාලා පුදුම දුකක් වින්දෙ හැන්දැ වෙද්දි.

ඒ...ත් වැඩේ තියෙන්නෙ කොහෙන්ද අප්ප කිට්ටුව පාතින් හොඳ බත් කඩයක් හොයන්නෙ. ඊටත් ඩිලිවරි සර්විස් එකේ, ඒ කඩේ තියෙන්නත් එපැයි.

කමක් නෑ ඔන්න ඔහෙ ඇප් එකට ම ගිහිල්ල බලනව කියල, මම ලොකේෂන් ගලපල පිවිසුනා ඇප් එකට. පිවිසිලා... පහළට පහළට යද්දි,

“ම්... දැකල පුරුදු ප්ලේස් එකක්…

‘කාලා බලන්’.

හරිනෙ දැකල පුරුදු වෙන්නෙ එපැයි. මේ අපේ විශ්වි කියපු කඩේනෙ.

ඒ... හොයාගත්ත හොයාගත්ත ප්ලේස් එකක්. සුප්ප බත් කඩයක් ඈ. එසේ මෙසේ නෙවෙයි මේක අපේ එකෙක් ම හොඳයි කියපු කඩයක්”

“අඩෙහ්, සිරාවට! දාං දාං ඒනං. මට පෝක් (රු. 320) හොඳේ”

“එළ එළ. ඒනං මං ගන්නව කට්ල්පිෂ් (රු. 350) එකක්. අම්මට... චිකන් (රු. 300) එකක් දාමු නේ?”

“ඔව් බං. අම්මට චිකන් හොඳයි. එයා අනිත් ජාති කන්නෑනෙ”

හිතේ විශ්වාසෙට ම ඔන්න යාළු දැම්ම ඕඩරේ. දාලා ඉතින් ටික වෙලාවක් යන්න එපැයි කොහොමත් කෑම ටික එන්න. ඒත් එදා නම්, ඒකත් සනික ආවා කියන්නකො. හරියටම පැය බාගයයි.

ගෙනාපු අනික් පැත්තට, කට්ටියගෙ හැරිලි බැලිලි නෑ. කෙලින්ම කෑම තුන පිඟන් තුනේ, කට්ටියට හර හරියට වටවුණේ.

නෙළුම් කොළේ දිගඇරියත් හරි උණු උණුවෙ බෙදපු බත් ටිකේ සුවඳනෙ.. ෂැහ්! පිස්සු හැදෙනව යාළු. ඊටත් ඒකෙ තිබ්බ ව්‍යංජන ටික? අල තෙල්දාලා, තලන බටු කිරට උයල, පරිප්පුයි, බණ්ඩක්කා තෙල්දාලයි. ඒ විතරක් නම් බැරියැ, බැදපු මිරිස් පපඩම් එක්ක බත් එක වැහෙන ගානට, තඩි දැල්ලො කෑලි හත අටකුයි, ඒකෙ හොදියි. හප්පේ... කටක් කන්න පටන් ගත්තා... ඔලුව උස්සද්දි කටවල් පහ හයක්ම බඩේ. ඒ තරම්... ආයෙ සිහි නෑ හොඳේ. හිතන්නකො රස පදමට කිරි දාලා ළාවට හින්දපු පරිප්පු කරියක් එක්ක, මිරිස් තුනපහ දශමෙට ම දාලා හදපු මිරිස් දැල්ලො කරියක් සෙට්වුණාම. තොලකට නලියනව ඉතින්. අනික ඒ දැල්ලො කෑලිවලටත් හොඳහැටි මිරිස් තුනපහ අල්ලලනෙ. සත්තයි, ගොඩ කාලෙකින් ඒ වගේ දැල්ලො කරියක් නම් කෑවෙ. බණ්ඩක්කා තෙල් දැමුමත් දෙවනි නෑ ඉතින්. මොකද ළපටි බණ්ඩක්කනෙ පාවිච්චි කරල තියෙන්නෙ. ඒවත් ගොඩක් තැම්බෙන්න නොදී, නියම රසට ලුණු, ගම්මිරිස් දාලා හරි පදමට බාලා තියෙනව. එතකොට... අල තෙල්දැමුමත් හොඳයි. හැබැයි තව සැර වුණා නම් තව හොඳයි. ඔක්කොමත් හරි බටු කිරට උයපු එකේනෙ රස! ෂැහ්, නියම ම ගමේ රහට. කිරි රස මදි නොකියන්න, අමු තුනපහ, මිරිස්, රම්පෙ කරපිංච අඩුවැඩි ටිකත් දාලා... රම්පෙට පොරි වගේ.

ඒ අතරට ඉතින් මම පුරුද්දට වගේ යාළුවගෙ බත් එකෙන් පෝක් ටිකකුයි, නෙළුම් අල, කොළමැල්ලුම් ටිකකුයිත් ගත්ත. ගත්ත ගත්තම තමයි යාළු, ‘අන්න පෝක්’ කිව්වලු. ටොපේ ටොප් ඈ. ඒකෙ නම් කියන්න අඩුවක් නෑ. මිරිස්, බැදපු තුනපහ, මස්කරි, ඉඟුරු සුදුලූනු... අනේ මන්දා හිතාගන්න බෑ, කරියෙ තෙල් කෑලිත් ඒ හැටි නෑ කියන්නකො. හොද්දත් පට්ට රසයි. හොඳට තෙල් උනන්න හදල තියෙනව. මස් කෑලිවලටත් මිරිස් තුනපහ නියමෙට අල්ල. මද ගින්දරේ එහෙම, ඉතින් දන්නැද්ද ඉව්වාම! සත්තයි, ඒ වෙලාවෙ බත් කාලා හිටියෙ නැත්නම් මම, අනිවා කඩේට ගිහින් ගේනව පරාටා හරි, පෝරණු පාන්ගෙඩියක් හරි.

ම්... පෝක් එකේ රස නිසාමද මන්ද හිතා ගන්න බෑ එවෙලෙ කාපු කොළ මැල්ලුමත් පට්ට රසයි. කළවම් පළා මැල්ලුමක්. හැබැයි, ලුණු ඇඹුල් එක්ක කිරිත් පදමට දාලා මළවල. රතු බතත් එක්ක තකට තක. වැඩේ කියන්නෙ කොළමැල්ලුමට එහා කියන්නකො, නෙලුම් අල ව්‍යංජනය. ඒකට නම් දාලා තියෙනව බැදපු තුනපහ... ආයෙ තිස්ස පැත්තෙ හදපු ඔරිජිනල්ම නෙලුම් අල ව්‍යංජනයක් වගේ. ඒ විතරක් නෙවෙයි, ඒකෙ සැරයි, කිරයිත් නියම ගානට.

අවංකයෙන්ම කියනව නම් ළාවට රස බලපු චිකන් කෑල්ලෙත්, පෝක් එකේ වගේම.. අඩුවක් නෑ කියන්න. ඒ නිසාම, වගකීමෙන් යන්න.. ‘කාලා බලන්’න, මහගෙදරට, ඕං…!


TIP

Try Pork or Seafood

Address

556A, Galle Road, Ratmalana

Contacts

Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Dish Types

Rice And Curry Pork Chicken

Ratings Breakdown

Overall Rating
4
Service Rating
5
Ambience Rating
4
Similar Places

User Reviews
A
1

1/5

0

Aviator

There is only variety in this place, no flavour at all. Terrible experience.

P
1

5/5

0

Pushpika Heashan Silva

Turely Authentic Srilankan food place. Great atmosphere

A
1

1/5

0

Aviator

There is only variety in this place, no flavour at all. Terrible experience.

P
1

5/5

0

Pushpika Heashan Silva

Turely Authentic Srilankan food place. Great atmosphere

See 3 Comments