Galle Road, Panadura
Open until 09:00 PM
පානදුර පැත්තෙ ගියපු වෙලාවක රසම රස කෑම ටිකක් හිතේ හැටියට තෝරගෙන බඩ පැලෙනකන් කන්න කැම්රෝස් අවන්හල නම් කියාපු තැනක් තමයි.
“කොහෙද කොහෙද?”
“පානදුරේ බන්, පිල්ම් හෝල් එක කිට්ටුව”
“නෑ!, ඒනම් මං හවසට එනව ඈ…
මේ ඒක නෙවෙයි, එතනින්ම බයිට් එකක් දාගෙන බීච් පැත්තට ලයින් වෙමුකො බන්. බියර් එකක් එහෙම ගහල හිටං...”
“ආ.. එළ එළ, ඒනම් ඉතිං ඉන්න බලාගෙනම වරෙං”
“ආයෙ එකෙන්ම. තද ඈ ඒනම්”
කොරියාවෙ ඉඳන් ආපු යාළුවෙක්ගෙන් කෝල් එක. මනුස්සය ලංකාවට ඇවිත් මාසයක් විතර ඇති. සෙට් වෙන්න කතා කරනව කතා කරනව, කොහෙද මට යන්න වෙලාවක් නෑනෙ.
ඔය විදියට පහුගිය සෙනසුරාදත් මට කෝල් එක ආවා. හැබැයි වෙනදට වැඩිය වෙනස්. යාළුව ගත්ත ගමන් කිව්වෙ පානදුර පැත්තෙ තියෙන සුපිරි බජට් කෑම කඩයක් ගැන. කොහොම හරි විස්තරේ ඇහුවාම මට නොගිහින් ඉන්න බෑ කියලමයි හිතුනෙ. වෙලාවත් දවල් 2 විතර නිසා ටිකක් හවස් වෙන්න ගිහින් බඩ පැලෙන්න කාලා, කුදාර් වෙන්න ගහල, යාළුවගෙ ගෙදර ඉඳලම එන්න තමයි මම කල්පනා කලේ.
පෙර සූදානමටත් එක්ක පැයක ඇලට් එකක් දාපු මම සෙනිකව ෂෝටයි බාටයි දාගෙන ගෙදරින් එළියට බැස්සා. 138 ඇවිත් බම්බ වලින් 430 ගොඩ වුනේ හිත හදාගෙන. අනේ ඇස් දෙක පියා ගන්න හම්බවුනේ නෑ, “පානදුර බැහැගන්න, පානදුර බැහැගන්න”
දඩ බඩ ගාලා සීට් එකෙන් නැගිට්ට මම අඩියට දෙකෙට බස් එකෙන් බැහැගත්තෙ, හදිස්සියෙවත් ඇද්දොත් ආයෙ කිලෝමීටරයක් විතර පයින් එන්න වෙන නිසා. බැහැලා හමින් සැරේ ෆිල්ම් හෝල් එක පැත්තට යද්දි යාළුවත් ඉස්සරහට එනව. අත දීලා, හග් පාරක් දාලා ආපු උණුසුම් පිළිගැනීමෙන්ම මට හිතුනා, කරටි කැඩෙන්න සෙට් වෙන්න තමයි යන්නෙ කියල. මොනව කරන්නද ඉතිං, හිත හදාගෙනම එහා පැත්තෙ තිබුනු කැම්රෝස් එකට ගොඩ වුනා.
කඩේ ගැන කියනව නම්, පොඩි, තට්ටු දෙකේ නෝර්මල් ප්ලේස් එකක්. පොඩි පොඩි චයිනීස් සැරසිලි වගයක් දාලා තියෙනව. උඩ තට්ටුවෙ තමයි කෑම කන්න තියෙන්නෙ. හැබැයි එතන තියෙන රස්නෙ නිසා කෑම කනවද නැද්ද කියල වුනත්, කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොකද ඒ තරම් රස්නයක් තියෙන්නෙ. ෆෑන් දෙකක් දාලා තිබ්බට දැනෙන්නෙවත් නැති ගාණයි.
ඒත්, ඒ රස්නෙ නැති වෙන තරම් කූල් සර්විස් එකක් ලැබෙන නිසා අවුලක් නෑ. සේවක මිත්රයා පොඩි හිනාවක් දාගෙනමයි මේසෙ ලඟට ආවෙ. ඇවිත් මෙනුවක් අතට දීලා, අපි කෑම තෝරනකම් පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු එහෙමත් ගෙනැල්ලා තිබ්බා.
දෙන්නත් එක්ක කතා වුනේ, මික්ස් මොන්ගෝලියන් එකක් (රු. 400) ගන්න. මොකද යාළුවත් කාලෙකින් ශ්රී ලංකන් චයිනීස් ටයිප් රයිස් එකක් කාලා තිබුනෙ නෑ. හවස බියර් පාර්ටියෙ බයිට් එකටයි, පුලු පුලුවන් විදියට එවෙලෙ බඩට දාගන්නයි කියල චිලි චිකන් විත් කැෂු නට් එකකුත් (රු. 330) ගත්තා. බියර් පෙනි පෙනි බීම බොන්න ඕන නැති නිසා බොන්න ගත්තෙ කූල් වතුර බෝතලයක්.
රස බර කතා බහ අතරෙ ඒ හැටි වෙලාවක් යනව නම් තේරුනේ නෑ. මෙන්න බොලේ තඩි රයිස් පිඟානක් අපේ මේසෙ උඩ. හම්මේ… සුවඳ, දැනෙද්දි කටට කෙල උනනව. ඒ විතරක් නම් බැරියැ, රයිස් එකේ හතර දිසාවෙන් මතු වෙලා තියෙන බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, මාළු කෑලි පෙනෙද්දි කොහොම ඉවසන්නද අප්පා…
සේවක අයියත් පිස්සුනෙ කරන්නෙ, රයිස් එක දැකල මඤ්ඤං වෙලා ඉඳිද්දි, ගෙනාවා සුවඳ ඩබල් කරන චිලි චිකන් එක මේසෙට. කජු කෑලි, ළුෑණු කොළ, මාළු මිරිස්, එක්ක මිරිස් දාලා බැදපු තඩි චිකන් කෑලි 10ක් 12ක් පිඟානෙ.
මොනව කරන්නද, හිතට කලින් අත ඉස්සර වුනා. ලොකු මොන්ගෝලියන් හැඳි 3ක් එක පේළියට බෙදා ගත්ත මම චිලි චිකන් එකෙනුත් ග්රෙවි එක්ක කෑලි 3ක් දා ගත්තා.
ඉස්සෙල්ලම රස බැලුවෙ චිලි චිකන් කෑල්ල. ෂහ්, පංකාදු පහයි ඈ… යාළුවට පිං දෙන්න වටිනව. නමේ හැටියටම සැර ගතියත් නියම ගාණට. හොඳ පදමට බැදිලා නිසා හිතේ හැටියට හප හප රස බලන්න පුලුවන්. ඒකෙ ග්රෙවිත් පට්ට රසයි. මොන්ගෝලියන් එකටම කියාපු. ඊලඟට රස බලපු රයිස් කටත් හරි මගේ දිවට පිස්සු වැටුනා කියල තමයි කියන්න තියෙන්නෙ. මයෙ මතකෙ හැටියට මොන්ගෝලියන් කාලා මොන්ගල් වෙච්ච පළවෙනි පාරද කොහෙද. සුපිරි රයිස් එක. ලීක්ස්, කැරට්, ළූණු කොළ එක්ක පදමට එකතු වුනු සී ෆුඩ් ටිකයි චිකනුයි මරේ මරු. මොන්ගෝලියන් වලට ආවේණික සෝස් රසත් හොඳ හැටි තියෙනව. පොඩි සැර ගතියකුත් තියෙන නිසා ගිලගෙන ගිලගෙන යන්න පුලුවන්. ආ.. ඒක නෙවෙයි මොන්ගෝලියන් එකට වම්බටු බැදුමක් එනව, අනිත් ඒවයෙ රස නිසා ඒක කන්න අමතක වුනා කියන්නකො.
කොහොම හරි මිෂන් එක පැය භාගයක් විතර ඇදුනා. වැල කාපු කිඹුල්ලු දෙන්න වගේ යාළුවයි මායි උන් හිටි තැන් වලම ඔන් ද ස්පොට්. කූල් වතුර බෝතලෙත් වාෂ්ප වෙලා. රයිස් පිඟාන නම් අහවරයි. ඒත් චිලි චිකන් කෑලි 4ක් පිඟානෙ එහෙම පිටින්ම.
ඔය අතරෙ සේවක මිත්රය ආවා හිනාවක් එහෙම දාගෙන, තව කෙනෙක් එක්ක අපේ මේසෙ ලඟට.
“අයියෙ, කෑම නම් පට්ට ඈ…” අමාරුවෙන් ඔලුව උස්සපු යාළුව වචන ටිකක් ගැලපුවා.
“නියමයි නේ මල්ලි, එහෙනම් දැන අඳුන ගන්නකො. මේ ඉන්නෙ, ඔය රස කෑම හදන අපේ ශිවා. ආදරේට කියන්නෙ සමන් අයියා කියල” සේවක මිත්රය, අනිත් කෙනාව හඳුන්වල දුන්නා.
“හම්මේ අයියෙ, මෙහෙම කෑම හදන්න එපා. කෑදර කමට කාලා කාලා අපි මැරෙයි”:- උස්ස ගත්තු ඔලුව පහත දාන යාළුවා
“තද සමන් අයියේ, සුපිරි කෑම ටික”:- පැත්තට ඇල වෙලා ඉඳපු මම
සිංහල හම්මේ… සුවඳ, දැනෙද්දි කටට කෙල උනනව. ඒ විතරක් නම් බැරියැ, රයිස් එකේ හතර දිසාවෙන් මතු වෙලා තියෙන බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, මාළු කෑලි පෙනෙද්දි කොහොම ඉවසන්නද අප්පා…
සිංහල චීලි පේස්ට් ටිකකුයි සෝස් ටිකකුයි දාපු බත් කටක් එක්ක දවටලා බැදපු දැල්ලො කෑල්ලක් හැපෙන කොට දිවට දැනෙන රස නම් කියලා නිම කරන්න බෑ.
Address
Directions
If you are coming on Galle road from Colombo side it's just 100m ahead from Panadura base hospital on your right hand side
Contacts
Report Inaccuracy
Open until 09:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Seafood Fried Rice Fried Chicken Cuttlefish
Ratings Breakdown
Good place to try Sri Lankan Chinese & Chopsuey.
A good spot to chill with some booze, and delicious pork devil.…
Delete Comment
Charith
Baila meke kama melo rahak na… mamath panadure thamai…
okaush
mama ada eye rata kanna mekata giya.chiken cheese kothtuwak gaththe….eeeyaaa.ake thibune chicken katu witharai. cheese rasak wath ne. kema nam harima sawuthui.aththatama mama mekata giye me web site ake thiyana article aka dekala. athtatama mata hithenne yamu adminla me kada walata kade yanawa kiya witharai
chinthaka
kamrose restaurant eke branch ekak thiyenawa kaluthara…eketh kama godak quality…panadureth kama rasae…man kama ganne kamrose eken witharae…good restaurant…good luck
charuka
ඇත්තටම හොද restaurant එකක්
lasith
සෑහෙන්න අපිරිසිදුයි. කෑමත් ජරාව. එක දවසක් මම Mongolian sea food rice එකක් අරන් දවල්ට කලා කාපු වෙලෙ ඉදන් ඈගට හරි නෑ. රෑ කාපුව ඔක්කොම වමනෙ දෑම්මා.