Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Kandoori

17, Charlemont Road, Wellawatte

Get it delivered on Pickme Food

Kandoori is an Indian restaurant that serves just biriyani and other Indian food.



“නෑ නෑ, මේක ඉන්ඩියන් ප්ලේස් එකක්. අපේ කට්ටිය තරු 4කුත් දීලා තියෙනව බය නැතුව යමංකෝ”

දවල් කෑමට පොඩ්ඩක් එළියට යන්න ප්ලෑන් කළාට මොකද, යාළුව එන ගමන් ඇහුවෙත් කන්න යන කඩේ ගැන. මොකද පානදුරේ ඉඳන් ඇවිත් නිකම් චොර ඩයට් එකක් දාලා වැඩක් නෑනෙ.

එයාගෙ බස් එක මවුන්ට් කිට්ටුව, කිව්වට පස්සෙ තමයි මම පික්මියක් දාගෙන ඔෆිස් එකෙන් පිටත් වුණේ. ඒත් ඒක දෙහිවලදි ට්‍රැෆික් එකට අහුවෙලා කියන්නකො. අන්තිමට මට අදාළ ප්ලේස් එකට ගිහින් විනාඩි 10ක් විතර බලාගෙන ඉන්නත් වුණා. ඒකත් අවුලක් නෑ, ලැජ්ජාවෙ පණ යන්නෙ වේටර් ඇවිල්ල දෙවෙනි පාරටත් ඕඩරේ දානවද කියල ඇහුවට පස්සෙනෙ.

බැරිම තැන ගත්ත එයාට කෝල් එකක්,

“කොහෙද බං…”

“ඇතුලෙ යකෝ. උඹව හොයා ගන්න බැරුව ඉන්නෙ”

“ඉතිං ගං ගෝ!@#$ කෝල් එකක් දෙන්න එපැයි. ඔන්න ඔය දොර ළඟින් වමට ඇවිල්ල දකුණට හැරියං. මම ඇති”

බොහොම අමාරුවෙන් යාළුවව ගෙන්නගෙන මේසෙට සෙට්වුණා.

ඊට පස්සේ… බලනව බලනව වේටර් නෑ.

කේන්ති ගිහින්වත්ද දන්නෑ? වෙන වේටර් කෙනෙක්ගෙ අතේ පණිවුඩය යැව්ව නම් හරි කියල හිතපු මම කිට්ටුවෙන් ගිය කෙනෙක්ට කතා කරල කිව්ව මේ මේසෙ බලන එක්කෙනාට එන්න කියන්න කියල. ඔන්න ටිකකින් මනුස්සය ආවා හොඳේ, ඇවිල්ල “ඔහොම ටිකක් ඉන්න” කියල ආයෙත් ගියා කියන්නකො. මට නේද අසූහාරදාහට නැග්ග, ඒ වෙලාවෙ නම්.

“!@#$%^& haalgaranna යකෝ වේටරය හිතාගෙන ඉන්නෙ අපි පිනට කන්න ආව කියලද දන්නෑ.”

දැන් යාළුවටයි මටයි හොඳටෝම කේන්තියි. කවුන්ටරේ ළඟට ගිහින් කතා කරන්න කියල හැදුවෙ!, ඔන්න එතකොටම එනව වෙන කොල්ලෙක්. ඒ මදිවට කේන්තිය නිසා දාන්න ඉඳපු ඕඩරෙත් අමතක වෙලා…

“මොනවද මේ... ගේන්නකො බීෆ් සබ් එකකුයි, මට්න් බිරියානි එකකුයි (රු.860), චපාතියි (රු. 70)… චිකන් ටික්කා මසාලා එකකුයි (රු. 710). ඔරේන්ජ් ජූස් එකකුත් (රු. 280) ගේන්න හොඳේ”

යාන්තම් මතක් කරල ඕඩරේ දැම්ම. දාලා ඉතින් අපි අපේ කයියක හිටියෙ. මෙන්න විනාඩි 10කට විතර පස්සෙ වේටර් ආයෙත් එනව.

“වී ඩෝන්ට් හැව් බීෆ් සබ්. ඔන්ලි බර්ගර්ස් ලෙෆ්ට්”

!@ ඒක කියන්නෙත් නිකම් ඕන නම් කාපන් නැත්නම් නිකං ඉඳපන් වගේ. මට නේද යාළු… වෙලාවට වැදගත් පෙනුමට තියෙන තැනක් වුණේ. හොම්බට දෙකක් අනිනව වෙන තැනක වගේ වුණා නම්.

“දෙන්, ඕකේ ඕකේ බ්‍රින්ග් අ බර්ගර්”

මාත් නිකං සතේකට ගණන් ගන්නෙ නැතුව කියල දැම්ම.

දාන්න ඉඳපු කයියත් කොට උඩ ගිහින් දැන් යාළුවයි මායි වේටර්ලට බැන බැන ඉන්නව. ඔය අතරෙ ඔන්න එනව මේසෙට මට්න් බිරියානි එකයි, චිකන් මසාලා ඇන්ඩ් චපාති එකයි, ඔරේන්ජ් ජූස් එකයි.

තිබ්බ තිබහටත් එක්ක මම ගත්ත ගමන් ඔරේන්ජ් ජූස් ටිකක් බිව්ව.

හ්ම්ම්… වරදක් නෑ. හැබැයි තැනේ හැටියට නම් සත පහක වැඩක් නෑ. මොකද ඒකට කෝඩියල් හරි නෙක්ටා හරි අනිවා දාපු සීන් එකක් තිබ්බෙ. වැඩේ කියන්නෙ ඒත් දොඩම් රස මදි කියන්නකො. ඇත්තටම ඊට වැඩිය රහට තියෙනව අර පාරෙ තියෙන සරුවත් කඩවලත්.

කමක් නෑ ඉතින්, කියල මම මට්න් බිරියානි එක ළංකරගත්ත.

ෂැහ්! බත් එක නම් සුවඳේ බෑ. හම්ම්… රසත් නරකම නෑ. එකම අවුල තියෙන්නෙ ගාණෙ හැටියට මදි එක තමයි. හෑ… කෝ බොලේ මේකෙ බිත්තරේ?

අයියෝ බිත්තරේ නෑ. ඒ වෙනුවට පැත්තකින් තියෙනව කටේ තියන්න බැරි ලූණු සම්බෝලයක් වගේ එකක්. හැබැයි මට්න් නම් තොගයයි. කාලා බලමුකො! එක පාර මට්න් කෑලි දෙකක් හැන්දට ගත්ත මම හෙමින් සැරේ රස බැලුවා.

“මාර වැඩේ! තව එකක් කාලා බලමු?

මළ කෙළියයි, මට්න්වලින් මට්න් රහක් එන්නෑ  කියන්නකො. අනික හරිම මෘදුයිත් එක්ක. වෙන මසක්වත්ද දන්නෑ. සැක හැර ගන්න කියල මම යාළුවටත් කෑල්ලක් දෙකක් දීලා බැලුව. කාපු ගමන්ම එයාගෙත් මූණ අවුල්.

“මොකක්ද බං ඒ? නිකම් අල කෑල්ලකට තුනපහ දාලා වගේ. කිසිම මස් රහක් නෑනෙ”

කේන්තිය උපරිම වුණාට පස්සෙ, අර කර කියාගන්න දෙයක් නැතුව ආයෙ අඩුවෙලා යන්නෙ. මම හිටියෙ අන්න ඒ තත්ත්වෙ. බිරියානි එක බාගෙට කාලා පැත්තකින් තියල ආයෙත් මෙනුව බැලුව රයිස් ඇන්ඩ් කරියක්වත් ඕඩර් කරන්න කියල. වෙලාවට එවෙලෙම වේටරුත් එතනින් ගියා. ආයෙ දෙපාරක්  හිතන්න දෙයක් නෑනෙ, සෙනික චූස් පාරක් ගහපු මම බීෆ් රයිස් ඇන්ඩ් කරි එකක් (රු. 520) ඕඩර් කළා. ඔන්න ඊට පස්සෙ තමයි යාළුවට ගෙනැල්ල තිබ්බ බර්ගර් එකෙන් (රු. 400) කෑල්ලක් රස බැලුව.

හප්පේ… යාන්තම් ඇති, ඒක නම් හොඳ මට්ටමේ තියෙනව. බන් එකෙයි සලාද කොළ, තක්කාලිවලයි රසට වඩා උඩ එන පැහැදිලි රසක් බීෆ් පැටි එකේ තිබ්බ. ඒකත් පොඩි ස්පියිසි ගතියක් එහෙමත් එකතු වෙලා, ඇත්තටම සෑහෙන්න හොඳයි. හැරත් චීස් පෙත්තත් හැපෙද්දි රස බඩල් ත්‍රිබල් වෙන සීන් එකක් තිබ්බෙ. ඒත් ඉතින් කියන්න කණගාටුයි යාළු බර්ගර් එකකට අනිවා එන්න ඕන ෆ්‍රෙන්ච් ෆයිස් නම් ඒකෙ තිබ්බෙ නෑ.

ඒ අතරට යාළුවගෙ බලකිරීම මත මම චිකන් මසාලා ටිකක් එක්ක චපාති කෑල්ලකුත් කෑවා. සැහ්! ඒකනෙ සුපිරියටම තියෙන්නෙ. හොද්දෙ පොඩි පැණිරස ගතියක් තිබ්බට මොකද ළා සැරක් එක්ක මසාලා රසින් අනූන චිකන් කරියක්. හැරත් දෙන්නෙක්ට බඩ පැළෙන්න කන්න පුළුවන් ගාණට තියෙනවත් එක්ක. ඒකෙ නම් චිකන් කෑලිත් පට්ට රසයි. හොඳ හැටියට මසාලා රසට පදම් වෙලා, සැර ගතියත් අල්ලලා…!

යකෝ බැලින්නම් හොඳ කෑම ටික යාළුවටනෙ ගිහින් තියෙන්නෙ.

ඒ දෙක රස බලල ඉවර වෙද්දිම වගේ මෙන්න වේටර් ගේනව නිකම් චොප්සි රයිස් එකක් වගේ එකක්. “සොරි! මම ඉල්ලුවෙ රයිස් ඇන්ඩ් කරි එකක්”

“මේ රයිස් ඇන්ඩ් කරි තමයි”

“හෑ…

ආ… කමක් නෑ, කමක් නෑ”

කිව්වට විශ්වාස කරන්න යාළු ඒක නිකම්, අපි අර ගෙදරදි ලේසියට අම්මට කියල එළවලුත් එක්ක බත් අනාගන්නෙ. අන්න ඒ වගේ. අනික බීෆ් කෑලි හොයන්න පොලිසියෙන්වත් දාන්න වෙන සීන් එකක් තිබ්බෙ. ඒකෙ කරි කොහොමද දන්නවද? බීෆුයි, බණ්ඩක්කයි, මාළු මිරිසුයි, අලයි ඔන්න ඔය තව මොනවද මන්දයි එකට, තෙල් දාලා. එච්චරයි!

හිතා ගන්නකො ඉතින්.

තුක් නොදෝකින් කියන්න බැරි කමට හිටිය මිසක්…

සත්තයි, කතාවට අවසානයක් ගන්නවත් අදහසක් එන්නෑ යාළු, ඒ තරම් කේන්තියි.

කොටින්ම කියනව නම් ඔයාලා යන්නත් එපා, දන්න එකෙක්ට යන්න දෙන්නත් එපා. අපරාදෙ සල්ලි...!


TIP

Try the Avacado juice to wash down your meal, it's very thick and just plain delicious.

Address

17, Charlemont Road, Wellawatte

Directions

Charlemont Road is the lane right before the Savoy theatre - the restaurant is a 10 minute walk in.

Contacts

Report Inaccuracy

Open 11.30AM to 11.00PM

Cuisine

Indian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

See 7 Comments