Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

KAVA Island Bar

#41 Maitland Cres, Colombo 07


Colombo's first tiki bar. Their food and drinks are exceptionally good.



කාවා අයිලන්ඩ් බාර්! මේක තමයි කොළඹ ඕපන් කරපු පළවෙනිම ‘ටිකි බාර්’ එක. මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් එකේ රූෆ්ටොප් එකක දාල තියන මේක මෑතකදි හුඟක් දෙනා අතර කතාබහට ලක් වුණ තැනක්...

තැන

මෙතන හැම දෙයක්ම සකස් කරල තියෙන්නෙ ටිකි කල්චර් එක ඉස්මතු වෙන විදිහට. ගාණට ඩිම් කරපු රතු පාට කොළ පාට ලයිට් යට ඉඳන්, යන්තමින් එන හුළං පාර විඳ විඳ සුන්දර හැන්දෑ වරුවක් ගෙවන්න සුවපහසු තැනක්. 

බීම

කාවා එකේ ජනප්‍රිය ම අංගය තමයි ‘බොන්න යකෝ’, ‘අඹ යාළුවා’ වගේ නම් දාල තියන සොම්බි කොක්ටේල්ස්. මේ කොක්ටේල්ස් මිලෙන් ටිකක් ඉහළයි. හැබැයි ‘හැපි අවර්’ එකේ ඩ්‍රින්ක්ස් ගණන් අඩුයි නෙ. අපි ගියෙත් හැපි අවර් එකේ නිසා මේ දාල තියන මිල ගණන් වලංගු වෙන්නෙ හැපි අවර් එකට විතරයි කියල ඔන්න මතක තියාගන්න.

අපි තෝරගත්තේ Black Magic (රු. 550) සහ Skux Deluxe (රු. 500). ඊට අමතරව ඇල්කොහොල් නැති බීම විදිහට Virgin Mojito (රු. 400) සහ Virgin Mojito Passion Fruit (රු. 400). හැපි අවර් එකේ නැතුව නෝමල් වෙලාවක ගියොත් Black Magic එක රු. 1000ක් සහ Skux Deluxe එක රු. 900ක් වෙනවා.

ඩාක් රම්, ලයිම්, පැෂන්ෆෘට්, රෝස්වෝටර් සහ නට් සිරප් එකතු කරල හදපු කොක්ටේල් එකක් වෙන Black Magic තිත්ත, ඇඹුල් රස මිශ්‍ර, මතක හිටින රහක් ඉතුරු කරන බීමක්. 

Skux Deluxe ආවෙ වයින් ග්ලාස් එකක. තැඹිලි පාටට හුරු රෝස පාට කොක්ටේල් එකක් වෙන මේකේ උඩින් දොඩම් පෙත්තක් පාවෙවී තිබුණා. VAT 9, රෙඩ් වයින්, ලයිම් ජූස්, ඔරේන්ජ් ජූස් එක්ක සිනමන් සිරප් පාවිච්චියෙන් තමයි මේක හදල තියෙන්නෙ. මේකේ රහ හරිම ස්ට්‍රෝං නිසා හැමෝටම අල්ලන්නෙ නැති වෙන්නත් පුළුවන්.

Virgin Mojito එකට පාවිච්චි කරල තිබුණෙ ලයිම්, මින්ට් සහ ස්ප්‍රයිට්. Virgin Mojito Passion Fruit එක හදල තිබුණෙ ලයිම්, මින්ට් සහ ස්ප්‍රයිට්වලට අමතරව පැෂන්ෆෘට් භාවිත කරල. කූල් සෝඩා රසට මැදි වෙලා එන දෙහි ඇඹුල් ගතිය සහ සැර මින්ට් ගතිය නිසා, මේ දෙකම රිෆ්‍රෙෂ් වෙන්න කියාපු ඩ්‍රින්ක්ස් දෙකක්. 

කෑම 

ස්ටාටර් එකක් විදිහට අපි තේරුවේ The Jungle Has Fries (රු. 500) නමින් ආපු තීරු කපලා බැදපු බතල. මුදවපු කිරි සහ මසමාන් කරියක ග්‍රේවි ටිකකුත් මේ එක්කම හම්බුණා. පදමට ෆ්‍රයි වුණාම හපනකොට එන කරස් ගතියත් එක්ක බතලවල පැණි රස එක්කාසු වෙලා මේක මරු කටගැස්මක් බවට පත් වෙලා තිබුණා.

Maui Wowie Fried Rice (රු. 2200) තමයි අපේ මේන් ඩිෂ් එක වුණේ. මේක දිවට කලින් ඇහැ පිනවන කෑමක්. ලොකු අන්නාසි පලුවක පුරවපු ඉස්සො, පනීර්, බිත්තර සහ එළවළු කලවම් කරපු ෆ්‍රයිඩ් රයිස් එකක්. බැදපු කජුයි චිලී පේස්ටුයි හම්බුණා මදිපාඩුවට. යහමින් තෙම්පරාදු වෙලා හොඳට සීසනිං එහෙම එකතු වෙලා ආපු ෆ්‍රයිඩ් රයිස් එක කටට සැරට වගේම හොඳ රසට තිබුණා.

සර්විස් එක

ස්ටාෆ් එක ගැන කියන්න තියෙන්නේ උපරිමයි කියල තමයි. ඒගොල්ලො එන හැමෝම එක්ක මිත්‍රශීලීයි වගේම හරිම ඉක්මන්. ඉතිං අපි මෙතන ගෙවපු හැන්දෑ වරුව මතක හිටින එකක් කරන්න ඒගොල්ලොත් දායක වුණා කිව්වොත් වැරදි නෑ.

අවසාන වශයෙන්

කෑමබීම පැත්තෙන් වගේම තැන සහ සර්විස් එක අතිනුත් අපෙන් උපරිම ලකුණු හිමි කරගන්න කාවා අයිලන්ඩ් බාර් එක, කාර්යබහුල දිග දවසක අවසානය ඩ්‍රින්ක් එකකින් සැහැල්ලු කරගන්න වගේම, ඩිනර් ඩේට් එකකට එහෙමත් නියම තැනක්!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment