Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Kim's Kitchen

755 New Parliament Road, Sri Jayawardenepura Kotte, Battaramulla


Vietnamese food with a super authentic touch.



චයිනීස්, ඉටෑලියන්, ජැපනීස්, ඇරබික් වගේ එකී මෙකී නොකී රෙස්ටෝරන්ට් ජාති කොළඹ වැහි වැහැලා තිබුණත්, වියට්නමීස් ස්ටයිල් කෑම කියන්නේ ලේසියකට හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය Pho Vietnam වගේ රෙස්ටෝරන්ට් එකකට ගියොත් ඇරෙන්න ඔතන්ටික් වියට්නමීස් කෑම තියෙන රෙස්ටෝරන්ට් ගොඩක් අඩුයි. 

ඉතින් අපි මේ කියන Kim's Kitchen එක තමයි කොළඹට ආව අලුත් ම වියට්නමීස් රෙස්ටෝරන්ට් එක. මේගොල්ලෝ ඉන්නේ බත්තරමුල්ලේ. 

කෑම බීම 

අපි වැඩේ පටන්ගත්තේ මෙන්න මේ Meat Wrapped In Piper Lalot (රු. 450) එකෙන්. Piper Lalot කියන කොළ වර්ගයෙන් ඔතපු චිකන් ග්‍රිල් කරලා තමයි මේක හදන්නේ. ඔය Piper Lalot කියන්නේ බුලත්වලට සමාන, ඉහළ උෂ්ණත්වවලදී බොහොම අපූරු සුවඳක් කෑමට එක්කාසු කරන කොළ වර්ගයක් කියලා තමයි අපට චෙෆ්ගෙන් දැනගන්න ලැබුණේ. ඒ නිසා ම, මේ කොළ වර්ගය වියට්නමීස් කෑමවලදී ගොඩක් භාවිතා වෙනවලු. 

අපි සෑහෙන්න ආසාවෙන් තමයි මේක කෑවේ. චිකන් එක බොහොම ජුයිසි, ඒ වගේ ම ස්මෝකි. Piper Lalot කොළෙන් එන සුවඳට මුසු වුණා ම තවත් රසයි.

ඊළඟට අපි ගත්තේ Kim's Special Mix Flat Noodle Soup (රු. 980) එක. තඩි සුප් බෝල් එකක බීෆ් ස්ලයිසස්, ෆ්ලැට් නූඩ්ල්ස් සහ හර්බ්ස් කීපයක් දාලා හදපු මේ සුප් එක පංකාදු පහයි. බ්‍රොත් එකේ ලුණු, සෝයි සෝස් එකතුවෙලා එන රසට බීෆ් රසත් එකතු වෙද්දී මරු. අර නූඩ්ල්ස්වලටත් මේ රස හොඳට උනලා. ඒ නිසා නූඩ්ල්ස් එක නිකන් වුණත් කන්න ඇහැකි.

Grilled Chicken Rice (රු. 850) එකත් සිරා. සුදු බත් කෝප්පයක් එක්ක ග්‍රිල් කරපු චිකන් සහ එළවළු (තක්කාලි, සලාද කොළ, ලූණු) තමයි මේකට ආවේ. හොඳට ග්‍රිල් වෙලා තිබුණු නිසා චිකන් එකේ පිට පැත්තෙන් නියම ක්‍රිස්පි ලේයරයක් ඇවිත් තිබුණා. ඒක ඇතුල් පැත්තෙන් මාර ම සොෆ්ට්. නියම ස්මෝකි රසකුත් දැනුණා. 

බීම ලිස්ට් එකෙන් අපි තෝරගත්තේ Vietnamese Iced Coffee (රු. 480) එකයි, Lemongrass Iced Tea (රු. 380) එකයි.

 බලන්න එපැයි Vietnamese Iced Coffee එකේ තිබුණු ගැම්ම! ෂහ්! කෝපි රස උතුරනවා. ඒ වුණාට තිත්ත ගතියක් මුකුත් නැහැ මොකද මේක ටින් කිරි දාලනේ හදන්නේ. අයිස් කැට ටිකත් එක්ක එද්දී මාර ම රිෆ්රෙෂින්.

Lemongrass Iced Tea එක පොඩ්ඩක් විතර ස්වීට් වැඩියි කියලයි අපේ අදහස. ඒ නිසා තේ රස එනවා හොරයි. හැබැයි සේර රස හොඳට ම තිබුණා.

තැන සහ සේවාව 

පුංචියට හදපු මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ අලුත් පාර්ලිමේන්තු පාරේ අයිනෙමයි. ඇතුළේ වාඩි වෙන්න දාලා තිබුණේ ලී මේස සහ බැංකු. හැම මේසෙකට ම වගේ උඩින් ෆර්න් ස්ටයිල් එකේ මල් පෝච්චි එල්ලලා. හරි ම හැඩයි. 

අහ්! කියන්නත් අමතක වුණා නේ. මේ කෑම සේරම හැදෙන්නේ වියට්නාම ජාතික චෙෆ් කෙනෙක්ගේ අතින්මයි. අපට ගැලපෙන කෑම බීම තෝරගන්න එයා සෑහෙන්න උදව් කළා.

අවසාන වශයෙන් 

වියට්නාම ජාතික චෙෆ් කෙනෙක්ගේ අතින් ම හැදෙන නිසා මෙයාලගේ කෑමවල ඔතෙන්ටික් ගතිය හොඳට ම තියෙනවා. ඔයත් බත්තරමුල්ල පැත්තේ ඉන්න, හෝ ඒ පැත්තෙන් යන එන කෙනෙක් නම් Kim's Kitchen එකට ගොඩ වෙලා ම බලන්නකෝ. ඔයාට ම වෙනස තේරේවි.

Address

755 New Parliament Road, Sri Jayawardenepura Kotte, Battaramulla

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 1000 - Rs. 1500

Cuisine

Vietnamese

Dish Types

Soup

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment