Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

King’s Burger

184, Main street, Trincomalee


Trinco's burger king. Yes! this is it.



වරුවක් විතර වතුරෙ බැහැල හිටිය කියන්නෙ ඉතින්, නේ.. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?

ආයෙ එනව බඩගින්නක්... යකෙක් නෙවෙයි, යක්කු පට්ටියක් වුණත් කන්න පුලුවන්. ඊටත් කොහොමද ඒ වගේ වෙලාවක, හතර මායිම නොදන්න ටවුමක, කෑම කඩයක් හොයන්න වුණාම?

සුපිරි කියන්නෙ යාලූ... ආයෙ පංකාදු පහයි. කොටින්ම කියතොත් බඩගින්න දෙපිටින් ගිහින් තොලකට ඇඹරිලා, බොර වෙලා යන්නෙ.

ඒකත් කමක් නෑ, හිතන්නකො ඒ ටවුම ‘ත්‍රිකුණාමලය’ වගේ එකක් වුණාම! ආයෙ ඉතින් ඉවරයි ඈ... ඉරට හැතැප්මයි, වතුරත් බොන්න බැරි ගානයි... හප්පේ!

එක්කො ඕන නෑ. ඒ කතාව මම කෙටියෙන් කියන්නම්කො.

මුහුදෙ බැහැලා ඇවිල්ල ඔන්න අපි බැස්ස ට්‍රින්කො ටවුමෙන්. බැහැලා මිනිස්සුන්ගෙන් ඇහුව කෑම කඩ තියෙන්නෙ කොහෙද කියල. අහල, ඒ වීදිය හොයාගෙන ඔන්න ඒ පැත්තට ගැළපෙනව. ඒ අතරට ශ්‍රී ලංකන් චයිනීස් කඩ දෙක තුනක් එහෙමත් මුණගැහු‌‌ණෙ නැතුවම නෙවෙයි. ඒත් කොහොමද කියන්නකො ඒවා ඇතුළෙ කෑම කන්නෙ. හරියට පෝරණුවකට වෙලා පාන් කනව වගේනෙ. ඒ තරම් රස්නෙ.

“මෙහ්... යං යං ඉස්සරහට. මෙතන නං ඉන්න බෑ දෙයියො. පිච්චිලා මැරෙයි” යාළුවගෙන්, වචනෙ දෙක බැස්සට මොකද මටත් ඒ වෙද්දි ඒකමයි හිතිල තිබ්බෙ. ඒත් ඉතින් යනව කියල කොච්චර දුරක් යන්නද. බැරිම තැන ඇහුව ඒ කඩේ අයියගෙන් ම, “මේ.. අයියෙ, තරහ නැතුව පොඩ්ඩක් කියනවද ඒසී එහෙම තියෙන රෙස්ටුරන්ට් ටයිප් කඩයක් තියෙන්නෙ කොහෙද කියල”

“ආ... අයියෝ... මල්ලි කියන්ඩ එපැයි. මම ඒට් බැලුව මොකඩ ඩෙන්න ඇඹරි ඇඹරි ඉන්ඩෙ කියල. වැඩිය නෑ. ඔටනින් ටව කඩ පහ හයක් පහුකළාම ටියෙනව මල්ලි. බර්ගර් වගේ කෑම ටමා. එටන හොඬවෙයි ඔයාලට. ඕම ටමා අප්ප. කොළඹින් එන ගොඩක් අයට මෙහේ රෂ්නෙ එච්චර අල්ලන්ඩෑනේ... යන්ඩ යන්ඩ, ගිහින් කන්ඩ”

“ටැන්කු අයියෙ”

කියල අනික් පැත්ත හැරුණ, යාළුවත් එක්ක පිටත්වෙන්න කියල. කොහෙද ඒ වෙද්දි ම පොර මගක් ගිහිල්ල කියන්නකො.

“අඩේ... ඔහෙ හිටු ගස්ගෙම්බා” මම දුවල ගියේ හොඳේ. ඒ ගිහින් සනික ගොඩවුණා කඩ පොඩ්ඩට. ගොඩවෙලා විනාඩි 5-10ක් වාඩිවෙලා හිටියෙ ග්‍රීස්මෙ ඇරිල යන්න කියල. ඒ අතරෙ විදුරුවෙන් පේනව එළියෙ දාපු බාබකියු එකත්, දුම් දානව ගිනිගන්නව. ෂැහ්! පොඩි චාටරයක් කෑවට මොකද ගැලපිලා තියෙන්නෙ නම් හොඳ තැනකට වගේ.

ඊටපස්සෙ හෙමින් සැරේ නැගිටල ගියා කැෂියර් එක ළඟට. ගිහින් ගත්ත කඩේ මෙනුව අතට. අරගෙන ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ, දුටු සනික ඕඩර් කළා හයිඩ්‍රාබාද් චිකන් බිරියානි (රු. 420) එකක්. ඒකයි චොකෝ මිල්ක් ෂේක් (රු. 220) එකකුයි. ඒ අතරට ඔන්න යාළුවත් මිල්ක් ෂේක් එකකුයි, ස්පෙෂල් බර්ගර් (රු. 580) එකකුයි දාලා. ඊට පස්සෙ ඉතින් ආයෙත් ඇවිල්ල දෙන්න මේසෙට වාඩිවුණේ කෑම එන ටිකටත් පොඩි රෙස්ට් එකක් ගන්නය කියල. ඒත් කොහෙද, විනාඩි 5-10ට කෑම ටික මේසෙ උඩ කියන්නකො. හැබැයි ඉතින් ඒ ආවත් හරි, එච්චරම තමයි. මම හැන්ද අතට ගන්නව මතකයි... ඊට පස්සෙ බලද්දි බත් එකෙන් බාගයක් නෑ. ඇත්ටම බඩගින්නත් එක්ක ඒ බිරියානි එකෙන් ආපු රස නම්… පිස්සු කොර ඈ. 

විශ්වාස කරන්න යාළු.. කාලෙකට පස්සෙ කාපු සුපිරි ම බිරියානි එකක්. ඒ කියන්නෙ බතෙත් මහ ලොකු වෙනසක් නෑ. තනි සම්බා හාල. අනික චිකන් කෑල්ලෙත් එහෙමකට වෙනසක් නෑ. ෆුල් නෝමල් චිකන් කකුල. ඒත් හිතා ගන්නත් බෑ. මගෙ හිතේ මෙයාලා රසකාරක මොනවහරි හොඳ හැටි පාවිච්චි කරල වෙන්න ඕන. හැබැයි වටිනකම කියන්නෙ ඒ දාපුවගෙ, අර අජිනොමොටෝවල වගේ කෑවට පස්සෙ ඇඟට අමාරු වෙන ගතියක් නෑ. දෙයියනේ කියල රසම් ටිකක් එක්ක ගළපගත්තාම ගමකට වගකිව්ව හැකි. අනික චිකන් කෑල්ල ඇතුළට ලුණු, මිරිස් පදමත් නූලට අල්ල, ක්‍රිස්පි ගතියත් හොඳටෝම තියෙන නිසා... තලුමරමර රස බැලුවහැකි. ඊටත් උණු උණු බතට බැදපු චිකන් කෑලි, කජු කෑලි එහෙමත් මදි නොකියන්න දාලානෙ. ඇත්ත ම කියනව නම් රසේ තරම කියන්නෙ, බිරියානි එකේ තම්බල බැදපු බිත්තරේ නෑ කියල මතක් වුණෙත් කාලා ඉවර වේගෙන යද්දි කියන්නකො, ඈ…

ඒ අතරට ඔන්න මම යාළුවගෙ බර්ගර් එකටත් පොඩ්ඩක් හොට දැම්ම.

හප්පේ.. දැම්ම අපරාධයක් කියල හිතුණ. ඇයි අප්පේ ඒකෙ රස! ෂැහ් කියල වැඩක් නෑ හොඳේ, බිරියානි එකට එහා ඒක. ඇබ්බැහි වෙනව හොඳේ හරියට කෑවොත් එහෙම. ඒකට දාලා තියෙනවා... තඩි ක්‍රිස්පි චිකන් පලුවක් බනිස් ගෙඩියෙන් එළියට පනින සයිස්. ඊට පස්සෙ චීස් පෙත්තයි, සලාද කොළ අඩුම කුඩුම ටිකයි. හිතන්නකො ඊටත් පස්සෙ ලුණු මිරිස් ගම්මිරිස්, කුළුබඩු අඩුම කුඩුම එක්ක හොඳ හැටි ඇඹරිලා හැදුනු චිකන් පැටි එකක්, ගැඹුරු බැදල උණුඋණුවට තියල තියෙද්දි. 

ඔක්කොමත් හරි ඇස් දෙකෙන් කඳුළු පැන්නෙ මිල්ක් ෂේක් උගුරක් රස බලපු වෙලාවෙ. යාළු කිරිගහට ඇන්න වගේ කියන්නම්, ඒක හදල තියෙන්නෙ චොකලට් රස කල්කිරි එකයි, චොකෝ අයිස් ක්‍රීමුයි දාලා. මොකද ඝනකමයි, සීතලයි, පැණි රසයි, කිරි රසයි… සියල්ල,

සියල්ලම නූලට යාළු.

බොරු නම් ගිය වෙලාවක කාලා බලන්න. නැත්නම් කාපු කෙනෙක්ගෙන් අහල බලන්න. ඒ වගේම ඊළඟ පාර සීසන් එකටවත් ට්‍රින්කො යන්න, හ්ම්...


TIP

Try Biriyani

Have you visited this place?

Write your own review!
Leave a comment