Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Kitchen 06‍

744Pannipitiya roadBattaramulla


Kitchen 06 serves up some good kottu, and rice and curry. We loved their Mix kottu.



“මොකක්? හලෝ…

ඔව් !@#$% මාත් බත්තරමුල්ලෙ තමයි ඉන්නෙ. දැන් ඇවිල්ල පැය කාලකට එහා. තෝ කොහෙද ^&*() ඉන්නෙ”

මගේ වැඩකට ගෙන්න ගන්න නිසා බනින්න බැරි හින්ද මිසක් නැත්නම් මුගෙ…

ඇයි අප්ප, මහ වැස්සෙ කඩයක් අයිනට වෙලා හිටිය කියන්නකො බඩු වගයක් ගන්න ගිහින්. ඒ මදිවට උදේට කාලාත් නෑ, දවල්ට කාලත් නෑ. යාළුවත් බයිසිකලේ තමයි එන්නෙ. ඒත් එන්න කිව්ව වෙලාවට ආව නම් වැස්සකට සෙට් වෙන්නෙ නෑනෙ. කරන්න දෙයක් නැතිම තැන මම පොඩ්ඩක් ඔලුව උස්සල වටපිට බැලුව බීම එකක්වත් බොන්න කඩයක් තියනවද කියල ළඟ පාත. මහ වැස්ස නිසා දුර දුවන්නත් බෑනෙ.

චැහ්! පේන තෙක් මානෙක කඩයක් නෑනෙ. මාර සවුත්තුව උනේ!

ඔය අතරට මගේ ඉස්සරහ නැවැත්තුව ලොකු කාර් එකක්. නවත්තල හොඳ උස මහත පුද්ගලෙයක්, කුඩයකුත් ඉහලගෙන එනව මගේ ඉස්සරහට. ළඟටම ඇවිල්ල, හිනාවක් එහෙමත් දාලා “එක්සියුස් මී” කිව්ව. ආයෙ ඉතින් මොකටද ලොකු සීන් කියල මාත් අයින් වෙලා ඉඩ දුන්නා. මෙන්න බොලේ පිටිපස්සෙ තිබ්බ දොරක් තල්ලු කරගෙන ඇතුලට ගියා කියන්නකො.

මළා… හැරිලා බැලින්නම් එතන චයිනීස් එකක්. ආයෙ ඉතින්, මගේ ඉහේ මලක් පිපුනා වගේ. දැන් යාළුව ආවත් එකයි නැතත් එකයි. අඩියට දෙකට මාත් ගොඩ වුණා කඩේ ඇතුළට.

හප්පේ සුවඳ, වැස්සයි බඩගින්නයි නිසා වැඩියෙන් දැනෙනවද මන්දා, මුළු කඩේම කොත්තු සුවඳයි. අනික කුස්සියත් එහෙම පිටින්ම වීදුරු නිසා කොත්තු ගැහෙන හැටිත් දෑහැටම පේනව. කිව්වට විශ්වාස කරන්න යාළු, කඩේ තිබ්බ කොත්තු පසුබිම නිසාම මට හිතුනෙත් කොත්තුවක් ඉල්ලන්න. ඒ නිසයි, වාඩි වෙන්නත් කලින් ඉස්සරහට ආපු සේවක මල්ලිට කතා කරල ඇහුවෙ රෝස්ටි චිකන් චීස් කොත්තු තියේද කියල.

“හ්ම්ම්… චීස් කොත්තු නම් නෑ. අපේ ස්පෙෂල් මික්ස් කොත්තුවක් තියෙනව ඉස්සො, දැල්ලො, චිකන් අනම් මනම් හැම එකම දාලා. හැබැයි බීෆ්, පෝර්ක් හැර. එයින් එකක් දාලා දෙන්නද? රු. 410යි වෙන්නෙ”

හප්පට බොල, මාර කඩයක්නෙ මේක. මික්ස් කොත්තු? කාලා පත්තු වෙයිද දන්නෑ. අවුලක් නෑ, කවද කාපු ටකරංද කියල ඔන්න ඔහෙ මාත් දැම්ම මික්ස් කොත්තුවක්ම ඕඩරේට. ඔය අතරෙ යාළුවගෙන් එනව කෝල් එකක්.

“හලෝ, කොහෙද බන් ඉන්නෙ. මම මේ කිචන් 06 ඉස්සරහ ඉන්නෙ”

“මොකක් ඉස්සරහ? මම කොහොමද !@#$% දන්නෙ කිචන් 06ක්. මම මේ කඩේකට ආවා කොත්තුවක් කන්න. මේකෙ නම් නමක් පේන්න නෑ. තනිකර වීදුරු වලින් ගහල තියෙන්නෙ”

“ආ… උඹ ඒක ඇතුළෙද? ඒක තමයි ^&*() කිචන් 06 කියන්නෙ”

මළා…

කෝල් එක කට් වෙද්දිම යාළුව මගේ ලඟ.

“වාඩි වෙයන්, වාඩි වෙයන්. මොනෑයි කන්නෙ?”

“මට… බිරියානි එකක් හොඳයි බන්”

“ස් ස්… මල්ලි. කොත්තුවත් එක්ක චිකන් බිරියානි එකකුත් ගේනවද?”

“හා සර්… විනාඩි 2ක් දෙන්න”

අපි නොදන්න විනාඩි 2.

“මචං, අර ලෙන්ස් එකේ…” කියල කතාවක් පටන් ගන්න හම්බවුණේ නෑ

“එක්සියුස් මී සර්…”

කොත්තුව මේසෙට ඇවිල්ල කියන්නකො. ඒ මදිවට බිරියානි එකත්!

“ඉන්න සර්. මං ග්‍රේවි එකකුත් ගෙන්නම්”

අවංකයෙන්ම මෙතන සර්විස් එක නම් මාරයි. ඊටත් කොත්තුව! පංකාදු පහයි. තාච්චි කොත්තු නිසා ඒ හැටි හොදි එහෙම නම් දාලා නෑ. ඒත් පොඩි ඉස්සො, හීනියට ලියපු දැල්ලො, බැදපු මාළු කෑලි, ඒ විතරක් නෙවෙයි රෝස්ට් චිකනුත් අම්බානක දාලා. කොටින්ම කියනව නම් කන කටක් කටක් ගාණෙ මොකක් හරි මස් මාළු කෑල්ලක් අහුවෙන ගතියක් තියෙන්නෙ. අනික මස් මාළු තොගේ නිසාම නෝර්මල් කොත්තුව, ෆුල් කොත්තුවක් වගේ. මදි නොකියන්න කැරට්, ලීක්ස් ටිකත් දාලා නිසා ටොපේ ටොප්. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ චිකන් ග්‍රේවි එකත් පට්ට රසයි. හොඳ පදමට මිරිස් තුනපහ දාලා හදල තියෙන්නෙ. ඉතින් කොත්තුවත් එක්කත් නියමටෙ එකට නැගල යනව.

යාළුව ගත්ත බිරියානි එකත් පංකාදු පහයි. පොඩ්ඩක් උණුවෙන් තිබ්බ නම් සුපිරි. හරියටම කිව්වොත් ඉන්දියන් බිරියානි රසක් එන්නෙ. මසාලා රසත් හොඳ හැටි තියෙනව. හැබැයි තම්බල බැදපු බිත්තරේ හැරුණාම චිකන් පළුවයි සලාදයයි නම් පොඩ්ඩක් පොඩියි. විශේෂයෙන්ම චිකන් පළුව, රෝස්ට් චිකන් කාලක්වත් නෑ එතන. අනික ක්‍රිස්පි ගතියත් මදි. නිකම් ගැඹුරු තෙලේ බැදල විතරයි. කොහොම වුණත් රු. 340ට නම් පාඩුත් නෑ වගේ.

කිචන් 06 එකේ එකම අවුල තියෙන්නෙ ෆෘට් ජූස් මොනවත් නැති එක තමයි. බීම තියෙන්නෙත් බෝතල් බීම විතරයි. වෙලාවට ටී, ප්ලේන්ටි තියෙනව. සමහර විට අලුතෙන් දාපු කඩේ නිසා වෙන්න ඇති. බලමුකො බලමුකො කාලයක් ගිහින්. කොහොම වුණත් කිචන් 06 මික්ස් කොත්තුවට නම් සෑහෙන ආයුෂ තියෙනව ෂුවර් සොට්!


TIP

Try mix kottu

Similar Places

User Reviews
V
6

3/5

0

vinurasera

Pricers are bit high. But the seafood kottu is good with along the gravy…

V
6

3/5

0

vinurasera

Pricers are bit high. But the seafood kottu is good with along the gravy…

See 2 Comments