Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

KKY Hotel

100 Watarappala Rd, Dehiwala-Mount Lavinia


A Sri Lankan Chinese hotel which has delicious babth & types of kottu



විද්දෙ හාවට වැදුනෙ පඳුරට වගේ වැඩක් තමයි වුණේ. ඇයි ඉතින් ගියේ හොඳ හෝටලයක් තිබ්බ අලුතෙන් දාපු රත්මලාන කිට්ටුව, ඒකට යන්න කියල. ඒත් ගිහිල්ල බැලින්නම් ඒක වහල කියන්නකො එදා. අන්තිමට ඒ වීල් එකම නවත්තගෙන, තව තැන් හොයල හොයල.. බැරිම තැන වැඩේ අල්ලල දැම්ම...

ඇත්තටම මටම හිනා හොඳේ. ඇයි ඉතින් පොෂ් එකේ කන්න ගිහින් අන්තිමට කෑවෙ කොහෙන්ද?

නෑ එහෙම වැරැද්දක් කියනව නෙවෙයි, කෑමත් හොඳ රහට තිබ්බ. හැබැයි.. අර ‘නයිට්කඩයක්’ වගේ ප්ලේස් එකක්. ඒත් ඉතින් කෑම කාලා ඉවර වෙද්දි නම් හිතුණ එක අතකට ඒක සෙට්වෙච්ච එකත් හොඳයි කියල. මොකද අපිට හරියන විදියට අපේම රහට තිබ්බනෙ කෑම ටික!

කොහොමහරි යාළු ඕඩරේ දැම්මෙ චිකන් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 250), බීෆ් ඉඳි ආප්ප කොත්තුවයි (රු. 375), ෆ්‍රයිඩ් බාබත් එකයි (රු. 130). ම්.. බොන්නත් මුකුත් බැලුව. ඒත් අයිස් මයිලෝ එහෙම නොතිබ්බ නිසා වැඩේ අල්ලල දැම්ම.

ඕඩරේ දාලා.. කෑම ටිකත් අරගෙන.. ඊට පස්සෙ මම කෙලින්ම ලයින් වුණේ  ඒ ළඟ තිබ්බ මගේ යාළුවෙක්ගෙ ගෙදරට. ගිහිල්ල තමයි ඕං කෑම ටික දිග ඇරල බැලුවෙ.

ෂැහ්! හිතුවට වඩා හොඳටම හොඳයි ඈ.. ලොකුවට බෙදලත් තියෙනවා.. දීසි පිරෙන්න හොදිත් තියෙනවා..

ඊටත් උණුඋණුවෙ එක්කනෙ. ඉතින්, හැරෙන තැපෑලෙන් දෙන්න ඔන්න!

ඉස්ඉස්සෙල්ලාම යාළුව රයිස් ඇන්ඩ් කරි එකට, මම කොත්තුවට.. එහෙමයි කියල බෙදාහදා ගත්තෙ නැතුවමත් නෙවෙයි. ෆ්‍රයිඩ් බාබත් එහෙම, සවලෙන් බෙදනව වගේ.

සත්තයි, හොඳටම හදල තිබ්බ කෑම ටික නම්. ෆ්‍රයිඩ් බාබත් එක එහෙම බැදල විතරක් නෙවෙයි, බැදල.. ලූණු, මිරිස්, තන්දුරි අඩුම කුඩුම එක්ක තෙලටත් දාලා, රසයි කියන්නේ.. කට ගැස්මකට නම් පංකාදුම ගානයි.

ඒ විතරක් නම් බැරියැ, ඉඳි ආප්ප කොත්තුව? ලෝබ නැතුව ඉඳි ආප්ප දාලා, මස් හොදිත් දාලා, කැරට් ලීක්ස් අඩුම කුඩුම ටිකත් එක්ක කැරලි වෙන්න බිත්තරත් දාලා, කරි බීෆ් දාලා තියෙනවා.. හප්පේ, කන කටකට එක ගානෙ වගේ ඔන්න! අනික ඒකෙ සැරත් ගානටමනෙ.

උණුත් නිසා සැරත් එක්ක දිවට.. හායි හූයි..!

ඔය අතරට මම යාළුවගෙ රයිස් ඇන්ඩ් කරි එකටත් පොඩ්ඩක් අත දැම්ම. දාලා අරගෙන කාලා බැලුවෙ ඉස්සෙල්ලම පරිප්පුව.

ම්.. නරකමත් නෑ. හැබැයි ඒ හැටි කියන්න තරම් හොඳකුත් නෑ. ඊට පස්සේ.. අළුකෙහෙල් තෙල් දාලා තිබ්බ. ඒක නම් අන්න ටිකක් හොඳයි. ඒත්, ඒකෙත් කියන්න තරම්ම හොඳක් නෑ හොඳේ. වැඩේ කියන්නෙ ඒ හැරුනාම තිබ්බෙ ලීක්ස් තෙල් දාල කියන්නකො. බොලේ මෙයාලගෙ එළවලු ඔක්කොම තියෙන්නෙ තලේ දාපුවද?

අර ඒකෙ අවුල මැකිල ගියේ පංකාදු පහට තිබ්බ බීෆ් කරියයි (රු. 240), චිකන් කරියයි නිසා. 

ඇත්තටම ඒ දෙක නම් සුපිරි ඈ.. තඩි බීෆ් කෑලි 2ක් තිබ්බ ආයෙ මදි නොකියන්න තුනපහ, ගම්මිරිස් දාලා හදපු හොද්දක් එක්ක. අනික ඒ බීෆ් කෑලිත් හොඳ හැටි තැම්බිලා මාර සොෆ්ට්නෙ. එතකොට.. චිකන් කරියත් හොඳයි. ඒත් ඒකට මොනවහරි සෝස් ජාතියක්වත් දාලද මන්දා අමුතු පැණිරසක් වගේ එකකුත් එනව. ඒ හැරුණාම නම් ඉතින් චිකන් කරියත් සුදුබතට නොම්මර එකට, හ්ම්..!

ඒකෙන් මේකෙන් ඉතින් දෙන්න බඩ පැලෙන්නම කෑවා. කාලා අවසානයේ.. පුංචි කතාවකුත් ආවා,

“ඒ.. මෙයාලගෙන් බාබත් කොත්තුවක් වගේ තිබ්බ නම් කොහොමද?” 


TIP

Try babath


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment