3/5

Klassy Pastry Shop

2B De Fonseka Road, Colombo, Sri Lanka


Klassy is a really good pastry shop - reliable for savouries and milk toffees.


ඔන්න නැවතත් කෙටිකෑම ගැනයි කතාව. කොළඹ වැසියන්ගේ බැදුම්, පිළිස්සුම්, බේක්කිරීම් ගැන ඇති ලොල්බව දන්නවානේ. මේ පැණිරස, ලුණුරස කෙටිකෑම සේවය කරන්නේ ප්‍රධාන කෑමවේල් අතර අමතර ආහාර ලෙසයි.

හැව්ලොක් ටවුමේ, ඩික්මන් පාරේ, ද ෆොන්සේකා පාර මුල්ලේ ඇති 'ක්ලාසි' ටොප් ක්ලාස් කෙටිකෑම ඔබට පිරිනමනවා. ලංකාවේ ටපාස් වර්ග වන පැටිස්, පෑන් රෝල්, බේකන් හා බිත්තර පේස්ට්‍රි, සීනි සමබෝල බනිස්, ඉක්ලෙයා වැනි දේ රු. 40 සිට 80 දක්වාත්, අයිස් කෝපිත් මෙතැනින් ගන්න පුළුවන්. මෙතැන පෙනුමෙන් කුඩා වුණත්, හැව්ලොක් ටවුමේ හැම මට්ටමකම ජනතාව මෙතැනට ආකර්ශනය වෙනවා.

එහි ජනප්‍රිය කෙටිකෑමවලට වගේම කේක්වලටත් ක්ලාසි ප්‍රසිද්ධයි. එහි මිළෙන් සාධාරණ කේක් වර්ග අතර හැමදාමත් හොඳ බටර් කේක් ග්‍රෑම් 500 රු. 300යි. මිළට හොඳටම වටිනවා. ඒවා ජෑම් පොඩ්ඩක් හා අයිස්ක්‍රීම් සමග තේ වෙලාවට පිරිනමන්න හොඳයි. කෙළින්ම පිරිනමන්න පුළුවන් පුඩිං කෝප්පත් තිබෙනවා. ඒසේම ගෙදර සැදූ ජින්ජර් බීර සහ ඒ, ඒ කාලයට ගැලපෙන විශේෂ කෑමත් තිබෙනවා. එහි මේස තුනේ වාඩිවුණාම ආකර්ශනීය ද ෆොන්සේකා පාර පෙනෙනවා. ඒ නිසා යනගමන් ඔබේ කෙටිකෑම අරගෙන දුවන්නේ නැතිව මෙතැන වාඩිවී විවේකීව කාලා අයිස් කෝපි කෝප්පයකුත් බීලා යන්න පුළුවන්.

TIP

Try the butter cake, we've heard from a lot of people that it's great.

Address

2B De Fonseka Road, Colombo, Sri Lanka

Directions

At the intersection of Dickmans Road (Sir Lester James Peiris) and De Fonseka Road.

Contacts

Facebook

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pork Short Eats Coffee

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
2


Latest