Yangahapela kotasa, Thangappuwa Rd, Rangala
Open until 10:00 PM
A swiss cottage at an amazing, scenic view of knuckles mountain range...
මීදුමෙන් වැහිලා ගියපු හිමිදිරියක අවසානය..
හෙමි හෙමිහිට කඳු මුදුන් අතරින් ඇවිල්ලා, පින්නෙන් වැහුනු පොළෝතලය සිපගන්න උත්සාහ කරන ඉර එළිය..
කොටේජයේ ගැට්ටටම වෙන්න ඉඳපු මගේ මූණ මැදටම කිට්ටු කලාට පස්සෙයි, පොඩ්ඩක් හරි ඇස් ඇරියෙ. ඒත්.. ඒ සීතල?
“හ්ම්.. තව චුට්ටක් නිදාගන්නවා!”
ඝනකම බ්ලැන්කට්ටුව ඔලුවට එනකම්ම පොරව ගත්ත මම ඉර එළියට පිටුපෑවෙ තව විනාඩි කීපයක සුව නින්ද මගේම කරගන්න. ඒත් කොහෙද, හැම සෙට් එකකම වගේ අපේ සෙට් එකෙත් ඉන්නවනෙ උදෙන්ම නැගිටින එකෙක්..
“අනේ මන්දා බං. උඹෙන් නම් මහ පුදුම වදයක් තියෙන්නෙ. හරි හරි නැගිටින්නම්. දැං මොකක්ද කියාංකො කරන්න කියන්නෙ”
“අඩේ පොටෝ ටිකක් ගහමු බං. පට්ට ලස්සනයි බං එළිය. බොරු නම් ඔය රෙද්ද අයින් කරලා බලාංකො ජනේලෙන්”
කීමට පිටුපාන්න බැරි කමට මිසක් මම..
රෙද්ද පොඩ්ඩක් අයින් කරලා බැලුවා ජනේලෙන් එපිට..
“අඹ ගහේ ජම්බු කිව්වලු. අඩේ හැබෑ නේන්නං බං. හම්මෝ.. සිස්ටර් ලන්තෙ වගේ. මීදුම?”
කිව්වට විශ්වාස කරන්න යාළු ඒ සීනරි එක නම්.. ලොවෙත් සදා මතකයේ රැඳෙත්. ඇයි අප්පේ.. කොටේජයෙන් ඉස්සරහ කඳු පේළියෙම මුදුන් ටික මීදුමෙන් වැහිලා. ඒකත් එසේ මෙසේ නෙවෙයි, මීදුම් සේලයක්.. නොකඩවාම රැලි නඟන. හිතන්නකො ඉතින් ඒ අතරින් ඉර එළියත් එබිකම් කරද්දි. ඉමක් කොනක් නොපෙනෙන තණ යායත් පින්නෙන් වැහිලා දිස්න දෙනවා.
ආයෙ ඉතින් තව මොන කතාද? මම අඩියට දෙකට ඇඟමැලි කඩාගෙන නැගිට්ටෙ. “යමං යමං.. ගහමු ෆොටෝ. උඹ කලින් කියන්නෙපෑ බං මෙහෙම සීන් එකක් කියලා”
මමත් දඩිබිඩියට ෂෝටක් බාටක් දාගෙන එළියට.
ඒ බැහැලා කොටේජ පේලියෙන් ඉස්සරහ තණ ගොල්ලට කිට්ටු කලා විතරයි මතක.. වෙනමම ලෝකයක් අප්පේ ඒක! නෙත සිත ගැටුනු සුන්දරත්වය නම් කියලා නිමකරන්න බැරි තරම්. පැත්තෙන් පේන කෝබට් නිම්නය.. මීදුමෙනුයි, ඉර එළියෙනුයි හැඩවෙලා.. අළුත ගෙනා මනමනාලියක් වගේ. ඊට එපිටින් ඈත.. දුම්බානාගල කඳු පන්තිය, එක පේලියට..
ආයෙ.. ෆොටෝ ගැහුවා නෙවෙයි, මෙමරි ඉවරයි බලාගෙන ඉද්දි ඈ..
වෙලාවට ඒ අතර අපේ උදේ තේ එක ලෑස්ති වෙලා තිබ්බෙ. මුලු ගතම වෙළුණු සීතලෙන් බේරෙන්න කියාපු බෙහෙත ඒක. වැඩේ වුනේ උගුරට දෙකට ඉවරයිනෙ ඒ තේක.
ඊට පස්සෙත් ඉතින් ගොඩක් වෙලා යනකම් අපි සොබා සෞන්දර්යයේ පහසටමයි ඇල්ම. කොහොමහරි ඔන්න උදේ 10ට විතර කාලා.. හෙමින් සැරේ අඩුම කුඩුමත් ලෑස්ති කරගත්තා දුම්බානාගල නගින්න යන්න.
ආයෙ.. දුම්බානාගල ගමනෙ අවසානය ඉතින් කෙලින්ම හැන්දෑවෙත් ඉමේ. ඊටත් බොහොම අමාරුවෙන් අපි ආවෙ ‘නක්ල්ස් එජ්’ එකට. ඇවිල්ලා කූඩැල්ලො කාපු තැන් ටිකත් පිරිසිදු කරගෙන හොඳහැටි උණු වතුරෙන් නාලා.. ස්විස් කොටේජයෙ ලී ඇඳේ ලාවට හාන්සියක්..
ලොකු වෙලාවකට නම් නෙවෙයි. මොකද අන්තිම දවසෙ රෑ.. බාබකියු එකත් එක්ක බීර අඩුම කුඩුම ගැලපිල්ලනෙ. ඒ අතරට පංකාදු රෑ කෑම ටිකකුත් කිට්ටු කරපු නිසා පාර්ටියත් හොඳ සරුවට.
හැබැයි නින්ද නම්.. ගියා දන්නෙ නෑ, නැගිට්ටා දන්නෙ නෑ..
ඒ තරම් සුවයක් යාළු ඒ ගමන, හ්ම්..!
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
A beautiful cottage hotel that provides the genuine…
A beautifully secluded destination surrounded by the tranquil…
Delete Comment