Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Kollupitiya Market

65 Srimath Anagarika Dharmapala Mawatha, Colombo 3, Sri Lanka


If you've ever wondered what's in that long-ass ugly block of a building opposite next to Liberty Cinema - this post is going to take you through it - here you'll find handcrafts, travel agencies, a shipping surveyor, a whole floor of vegetables, another full of butchers, shops that sell colourful buckets and mops, grocery stores, Chinese grocery stores - and then unexpectedly - rare and awesome food products imported from Italy, Australia and the UAE.



විසි වසරකට කලින් නම් කොළඹ ආහාර ද්‍රව්‍ය මිළ දී ගන්න තිබුණු එකම තැන කොල්ලුපිටිය වෙළඳපල. දැන් නම් තැන් බොහොමයි. ඒත්, තවමත් කොල්ලුපිටිය මාරකැට්ටුව සිත් ඇද ගන්නා තැනක්.

මෙතැන තමයි නියම ආසියානු තෙත වෙළඳපල. ඒ කියන්නේ මෙහි ඇති නිෂ්පාදන තවමත් දිය බේරෙන ඒවා. කළුකුම් මස්වල සිට ආනයනික Nuttella දක්වා හැම දෙයක්ම විකුණන විවිධ වෙළෙන්දෝ එහි කඩ තට්ටුවල ඔබට හමු වෙනවා. කේවෙල් කර සාධාරණ මිළට භාණ්ඩ මිළ දී ගන්නත් පුළුවන.

1970ගණන්වලදී, සැරින් සැරේ ආණ්ඩුවට හැදෙන කලබල වැළැක්වීමේ උවමනාව නිසා වීදි අද්දර වෙළඳාමේ යෙදුණු වෙළෙන්දන් පිරිසක් අල්ලා මේ අවලස්සණ තුන් මහල් ගොඩනැඟිල්ලේ ස්ථානගත කළා. එහි ‍ප්‍රතිඵලය මේ කලබලකාරී තෙත තැනයි. කලක එය අති කලබලකාරී ඉතා තෙත් තැනක්. නාගරික සැලසුම්කරුවන් නම් කියන්නේ නිවර්තන රටක වායු සමනය නොකළ, උඩු මහල් මාළු වෙළඳසලක් කියන්නේ නරක අදහසක් කියලයි.

එහි සැලසුමේ සීමා සහිතකම් කෙසේ වෙතත්, කොල්ලුපිටිය වෙළඳපල තවමත් නැවුම් නිෂ්පාදන මිළ දී ගන්න කොළඹ ඇති හොඳම තැන්වලින් එකක්. නවීන සුපිරි වෙළඳසල් කොළඹ ආක්‍රමණය කර ඇති නිසා දැන් මෙතන ටිකක් සෙනග අඩුයි. ඒ වගේම ඉස්සරට වඩා ප්‍රසන්නයි. මෙහි ඇති නිෂ්පාදනවල තත්වය ඉහළයි. කේවෙල් කරන්න හොඳින් දන්නා කොළඹ පදිංචි චීන හා කොරියන් ජාතිකයන් අතර මේ ස්ථානය ජනප්‍රිය නිසා මෙහි මිළත් තරගකාරීයි.

ෆුඩ් සිටි හෝ කීල්ස්ට වඩා වෙනස

මේ වෙළඳපල හොඳ වෙළඳ ගනුදෙනුවලින් පිරිලා. ආහාර ගැන උනන්දු සෑම කොළඹවැසියෙක්ම මෙතැන වෙළෙන්දන් දැන හඳුන ගත යුතුයි. ඒ වෙළෙන්දෝ තමයි මේ සම්ප්‍රදායික වෙළඳපලට සුපිරි වෙළඳසල් සමග තරගයක් නිර්මානය කරන්නේ. ඔවුන් දන්නවා ඔබවත්, ඔබේ රුචිකත්වයනුත්. ඔබ දූරියන්වලට කැමති බව දැන ගන්නා ඔවුහු හොඳ තොගයක් ආවොත්, ඔබට ගෙඩියක් වෙන් කර තබනවා. නැතිනම්, දුරකථනයෙන් දන්වනවා. මෙය තමයි පාරිභෝගික සේවාව කියන්නේ.

ඒ වගේම ඔබට ඕනෑ නම් කතා කර මට මෙයින් ග්‍රෑම් 500ක් අරවායින් කිලෝ දෙකක් ආදී වශයෙන් ඇණවුම් කරන්න පුළුවන්. ඔවුන් ඔබගේ බෑගය සූදානම් කර තබනවා. ඔබට තිබෙන්නේ ඇවිත් අරන් යන එක විතරයි. පැරණි ක්‍රමය තමියි. ඒත් සුපිරි වෙළඳසල්වලට හොඳ විකල්පයක්.

TIP

Negotiate for produce downstairs, check out the seafood and pork on the second floor, and get rare imported goods from Branas and Beemas on the top floor.

Address

65 Srimath Anagarika Dharmapala Mawatha, Colombo 3, Sri Lanka

Directions

From the Kollupitiya Junction head up Dharmapala, the market is opposite Liberty Plaza.

Report Inaccuracy

Similar Places

User Reviews
N
1

5/5

0

Navoda

I love this place, everything you ever wanted is here, Branas and Bheemahs has everything you want from around the world, I even found doritos here :D

N
1

5/5

0

Navoda

I love this place, everything you ever wanted is here, Branas and Bheemahs has everything you want from around the world, I even found doritos here :D

See 10 Comments