Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

5/5

Kopi Kade

15/3, Stratford Avenue, Colombo


Excellent coffee and small plates of modern Sri Lankan cuisine.



අබිලිං, එල්සිනා, නිමල් ළමයා, පොඩි මහත්තයා මහත්තයා, දයාවතී, කුරුං ගුරුං; සාමාන්‍යයෙන් කෝපි කඩේ කිව්වා ම අපට මතක් වෙන්නේ ඔය චරිතනේ. ඔය චරිත කොච්චර එහෙ මෙහෙ වුණත්, දශක 3කට වැඩි කාලයක් තිස්සේ අයි.ටී.එන් එකේ විකාශය වෙන කෝපි කඩේ කතන්දර ගැන මිනිස්සුන්ගේ තියෙන ඇල්ම තවමත් අඩු වෙලා තියෙන වගක් පේන්න නැහැ.

හැබැයි අපි මේ කියන්න යන්නේ ඔය කෝපි කඩේ ගැන නෙවෙයි; කොළඹ තියෙන තවත් කෝපි කඩයක් ගැන. මේ කෝපි කඩේ නමත් “කෝපි කඩේ”. කොටින් ම කිව්වොත්, කොළඹ දැනට තියෙන හොඳම කෝපි දෙන කැෆේ එක විදියට ජනප්‍රිය වෙලා තියෙන්නෙත් මේ කෝපි කඩේ ම තමයි.

තැන

මේක තියෙන්නේ කිරුලපන ස්ට්‍රැට්ෆර්ඩ් ඇවෙනියු එකේ. හරියට ම කිව්වොත් කිරුළපනින් කිරුලපන ස්ට්‍රැට්ෆර්ඩ් ඇවෙනියු එකට හරවපු ගමන් පාරේ වම් අත පැත්තේ.

හරි ම “හෝමි” වයිබ් එකක් මෙතැන තියෙනවා. ඉඩකඩ ඇතුව තියෙන ලී පුටු මේසවලින් මෙතැන ඉන්ටීරියර් එකට හරි සිම්පල් මොඩර්න් ගතියකුත් එකතු වෙලා.

පාරේ තියෙන සද්ද බද්ද කිසිම එකකින් කරදරයක් නැති එකත් සෑහෙන්න දෙයක්. සාමාන්‍යයෙන් මෙතැන එක සැරේ පහළොස් දෙනෙක්ට වගේ වාඩි වෙලා කෑම ගන්න පුළුවන්.

කෑම බීම

කොළඹ තියෙන සාමාන්‍ය කැෆේ එකක මෙනුවට වඩා කෝපි කඩේ මෙනුව වෙනස්. මේ කට්ටියගේ මෙනුව පිටු ගණන් තියෙන තඩි එකක් නෙවෙයි. බොහොම සිම්පල් විදියේ කාඩ්බෝඩ් දෙකක කෑම බීම සහ ඩෙසර්ට් වර්ග ගැන විස්තර දාලා තියෙනවා. ඔය සැන්විච්, පැස්ටා වගේ කෑම වර්ග නැහැ. මේන් කෝර්සස් කීපයක් එක්ක, අපූරු sliders ටිකක් මේ මෙනුවේ දැකගන්න පුළුවන්. පොඩි පොඩි බර්ගර් වර්ග, කට්ලට් ඇතුළු කෑම කීපයක් ඔය අතරේ අඩංගුයි.

අපි බීමට ගත්තේ “මෝකා” (රු.650) එකකුයි, “ශ්‍රී ලංකන් ස්ටයිල් කෝල්ඩ් කොෆී” (රු.450) එකකුයි. කෑම විදියට “ජැෆ්නා ස්ටයිල් මට්න් කොෆ්තා” (රු.200) සහ “ප්‍රෝන් slider” (රු.350) එකකුයි ඕඩර් කළා.

කෝපි කඩේ මෝකා එක ඕනේ නම් 70% ඩාක් චොකලට්, 50% කිරි හෝ වයිට් චොකලට් දාලා ගන්න පුළුවන්. චොක්ලට්වලට තියෙන පෙරේතකම නිසා ම අපි තෝරගත්තේ 70% ඩාක් චොකලට් එක. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ; ගොඩක්ම ස්ට්‍රෝන්ග් විදියට එන ඩාක් චොකලට් අරෝමා එකක් මේකේ තිබුණා. හැබැයි කෝපි රස එකෙන් යටපත් වෙලා නැහැ. බොහොම උකුවට තිබුණු මේ මෝකා එකේ කිරි, චොකලට් සහ කෝපි නියමම ගානට බැලන්ස් වෙලා. ඇත්ත ම කිව්වොත් ඩාක් චොකලට්වලට ප්‍රිය කරන කෙනෙක්ට, මේක බොන්න සීනි ඕනේ වෙන්නේ නැහැ. අනික රේගියුලර් කැෆේ එකක දෙන නෝමල් සීනි නෙමෙයි කෝපි කඩේ තියෙන්නේ. මේ කට්ටිය දෙන්නේ පොල් මලේ ෆොට්ටුවෙන් එන යුෂයෙන් හදන කොකනට් ෂුගර් එක. ඉතින් කෝපි කඩේට එන අයට ලැබෙන තවත් අලුත් අත්දැකීමක් තමයි ඒක.

ශ්‍රී ලංකන් ස්ටයිල් කෝල්ඩ් කොෆී එකත් සීනි රහිත, සහිත සහ මීඩියම් ටයිප් එකට ගන්න ඇහැකි. අපි ගත්තේ මීඩියම් එක. ෂහ්! මේකත් මාර සිරා ඈ! බොහොම තදට එන කොෆී අරෝමා එකක් මේකෙත් තිබුණා. මේක නියම ක්ලැසික් අයිස්ඩ් කොෆී එකක්. අර මසාලා රසවල් මුකුත් නැහැ. කිරි එකත් හොඳ උකුයි. රස්නේ දවසට නියම බීම.

ජැෆ්නා ස්ටයිල් මට්න් කොෆ්තා එකත් මරු. අපි මේක ගත්තේ බාබෙකියු සෝස් එක්ක. සාමාන්‍යයෙන් කොෆ්තා එකකින් එන්න ඕනේ කුළුබඩු බ්ලෙන්ඩ් එකේ රස, ජැෆ්නා ට්විස්ට් එකකට ගළපලා තමයි මේකට එකතු කරලා තිබුණේ. මට්න් කෑල්ලත් හරි ම chewy විදියට තිබුණා. බාබෙකියු සෝස් ඩිංගකුත් ගෑවිලා එද්දී සුපිරි.

ප්‍රෝන් slider එකත් අපි කෑවේ ගොඩක් ආසාවෙන්. පුංචි ම පුංචි ක්‍රිස්පි බන් දෙකකට මැදි කරපු ඉස්සෝ මික්ස්චර් එකක් මේ slider එකේ තිබුණා. මේ ඉස්සෝ මික්ස්චර් එකෙන් ආව කරි රස සෑහෙන්න හොඳයි.

ඩෙසර්ට් එකට අපි ගත්තේ කෝපි කඩේ හෝම්මේඩ් අයිස්ක්‍රීම් සෙට් එකේ තියෙන “සෝල්ට්ඩ් කිතුල් අයිස්ක්‍රීම්” (රු.250) එක. ජොලී’ස් එකේ අයිස්ක්‍රීම්වල තියෙන ශ්‍රී ලංකන් ගතියට පස්සේ, ඒ වගේ ට්විස්ට් එකක් තියෙන තවත් අයිස්ක්‍රීම් එකක් හම්බවුණු පළමුවෙනි වතාව මේක. මේ අයිස්ක්‍රීම් එක ගොඩක් ක්‍රීමි. ඒ වගේ ම අපි කිතුල් පැණිවල රස අඩුවක් පාඩුවක් නැතුව තිබුණා. හීනියට එන ලුණු රසත් එක්ක, අර කොකනට් ෂුගර් ටිකකුත් හැපෙනකොට තවත් හොඳයි.  

සර්විස් එක

කෝපි කඩේ සර්විස් එක ගොඩක් හොඳයි. කෑම බීම සේරම ටික මේසෙට ආවේ විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත. මේ කෝපි කඩේ අයිතිකාර මහත්මයත් නිතර මෙතැන ගැවසෙනවා දැකගන්න පුළුවන්. කෑම බීම ගැන ඕනේ ම රෙකමදාරුවක් එයාගෙන් අහගන්න පුළුවන්.

අවසාන වශයෙන්

කෝපි කඩේ කියන්නේ කොළඹ අවට තියෙන කැෆේ අතරින් වෙනස් ම සහ හොඳ ම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක්. ලොකු බඩගින්නක් නැති වෙලාවකට, පොඩි ගාණක් ගෙවලා, ඔය slider එකක් එක්ක හොඳ ම හොඳ කෝපි එකක් බොන්න මේක කියාපු තැන. අනික ලොකු බඩගින්නට වුණත් කෑම තියෙන නිසා, බය වෙන්න කාරියක් නැහැනේ.


TIP

Try the salted kithul ice cream. It's amazing!

Address

15/3, Stratford Avenue, Colombo

Directions

Go down High Level Road and turn into Stratford Ave. It's right there on the left.

Contacts

Facebook

Report Inaccuracy

Open until 08:00 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Ice Cream Sandwiches Coffee Iced Coffee

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4
User Reviews
D
3

5/5

0

Duminda

New Coffee shops seem to be popping up almost every week. They range from quirky and delightful places like 'Black Cat' and Hansa, to truly dreadful places like 'Gloria Jean's. Kopi Kade stands out for a number of reasons. The owner truly cares about his product and the service, and they have been able to maintain a high level of consistency. The food itself is not too bad, but I wasn't overly blown away by it. However, hands down Kopi Kade is the place for the best coffee in town. Hope they are able to add a few more items to the mix like nitro coffee soon. If you are actually into good coffee and not sugary milkshakes that pass for coffee drinks at places like 'Coffee Bean', then certainly give Kopi Kade a shot (an espresso shot that is).

E
1

5/5

0

Edwards

The best coffee. Why? They literally run a coffee training school for Colombo’s top hotels.

D
3

5/5

0

Duminda

New Coffee shops seem to be popping up almost every week. They range from quirky and delightful places like 'Black Cat' and Hansa, to truly dreadful places like 'Gloria Jean's. Kopi Kade stands out for a number of reasons. The owner truly cares about his product and the service, and they have been able to maintain a high level of consistency. The food itself is not too bad, but I wasn't overly blown away by it. However, hands down Kopi Kade is the place for the best coffee in town. Hope they are able to add a few more items to the mix like nitro coffee soon. If you are actually into good coffee and not sugary milkshakes that pass for coffee drinks at places like 'Coffee Bean', then certainly give Kopi Kade a shot (an espresso shot that is).

E
1

5/5

0

Edwards

The best coffee. Why? They literally run a coffee training school for Colombo’s top hotels.

Avatar for Malinthe
21

5/5

0

Malinthe YAMU STAFF

Excellent (and a wide variety of) coffee and excellent food. Everything is done with passion and care. Can't recommend it enough. A coffee lovers paradise.

See 5 Comments