4/5

KBQ Korean Barbecue

Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte


KBQ has an all new spot in Jana Jaya building, and they do some good fried chicken and noodles, with a Korean twist.


ඇතුල් ‍කෝට්ටේ  Rama’s Tea House අසල පිහිටා‍ තිබෙන  කොරියන් බාබකියු කියන්නේ කොළඹ අලුත්, ආකර්ශනීය බොජුන්හලක්. එය පිහිටා තිබෙන්නේ අලුත් ගොඩනැගිල්ලක කොටසක. පහත මාලයේ අලෙවි හලක් තිබෙනවා. එහි පෙනුම අනුව බැරිස්ටාත් මෙහි එන්න  වගේ.

ස්ථානය සුවපහසු ‍ලෙස පාරෙන් ඈතට වෙන්නටයි පිහිටා තිබෙන්නේ. පිටුපස තිබෙන කාර් නැවතුම්පළට පාර යොමු වෙනවා. කාර් පාක් එකේ සිට ඉහළ මාලයේ පුංචි කඩයට ගොඩවෙන්න පඩි පෙළක් තිබෙනවා. මම ඇතුල් වන විට මුලින් ම දුටුවේ කෙළවරක තිබුණු කැරෝකේ යන්ත්‍රයක්. එය දුටු මට හිනා නො වී ඉන්න බැරි තරම් නො ගැලපීමක් එහි තිබුණා. කොරියන් තේමාව සමග පවතින්න උත්සාහයක් වෙන්න ඇති.

ස්ථානයේ පිරිසිදුකම ඉහළයි. එය ඔබ විදේශ රටකදී හෝ ගුවන් තොටුපළේදී හෝ දකින අන්දමේ කෙටි කෑම අලෙවි හලක්. ටිකක් කුඩායි.  පාරෙන් අනෙක් පැත්තේ KFCට හා රාජගිරියේ Mc Donald’sට වඩා නිසංසලයි.

එහි චිකන් මම ලංකාවේදී කෑ හොඳ ම ඒවා බවට සැකයක් නැහැ. චිකන් වටා වූ දැවටුමේ බැටර් එක රසට හැපුණා. චිකන් තමයි මාර ම රස. ඔවුන්ගේ රහස තමයි, ඔවුන් කුකුළු මසේ සම ඉවත් කිරීම. එය ඒ බව ඔවුන්ගේ බිත්තියේ දැන්වීම්වල දක්වා තිබෙනවා. ඒ බව දැනුම් දෙන්න ටිකක් ඉක්මණ් වැඩි වගෙයි. කොහොම වුණත්, ඔවුන් KFC සමග හොඳ තරගයක් දේවි.

මම චිකන් කැබලි තුනක් (රු. 290) හා කිසියම් කොරියන් අච්චාරු වර්ගයක් ඇණවුම් කළා. රු. 100ක් වූ එහි නම කිම්චි. එය මිළ දී ගත් එක නම් නාස්තියක්. මම එය නො දැනයි ගත්තේ. එය ටිකක් ඇඹුලයි. බුරියානි හෝ බත් හා ව්‍යංජන සමග නම් එය කන්න පුළුවන් ඇති. ෆ්‍රයිඩ් චිකන් හා ෆයර් චිකන් හැරුණාම ඔවුන්ගේ මෙනුවේ කොරියන් ආහාර ගණනාවක් තිබෙනවා. (Shinramyeon noodles, JaJangmyeon, chicken bokeum and chicken bulgogi වගේ.) අපි ඒවා ගැන නුදුරු දිනෙක විවරණය කරනවා. සමහර විට කොරියානු දැක්මකින්.

මිළ ගණන් KFCයට වඩා ලාභයි. ගෙදරට ගෙනැවිත් දීම නො මිළේ. ඒත්, ඔවුන් බර්ගර් හෝ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නො සැපයීම නම් ඔවුන්ට අවාසියක්. සමහරවිට කාලය ගත වන විට ඔවුන් තවත් දේ ඔවුන්ගේ මෙනුවට එකතු තරන්න ඉඩ තිබෙනවා. එහි වහල් තලය මත පබ් එකක් දමන බවටත් කතාවක් තිබෙනවා. එය හොඳ දෙයක්. එතැන Boardwalk හා දියවන්නාව සුන්දර අන්දමින් දර්ශනය වන තැනක්.

TIP

Their fire chicken is popular

Address

Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte

Contacts

Open until 11:00 PM

Cuisine

Korean

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

BBQ Chicken Fried Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4


Latest