Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

3/5

Krish Restaurant

  • Open until 11:00 PM


Good place to chill with beer & delicious kadala kottu



සිංහරාජෙ යන්න කියල ගියේ. කොහෙද රෑ වුණානෙ. ඊටත් කළවාන පැන්නත් හරි අනෝරා එකෙන් දෙන්න ගත්තෙ, තෙත බරිත වෙලා ආයෙ වතුර බේරෙන ගානට. බැරිම තැන ඔන්න දෙන්න ඇල්ලුව බයිසිකලේ පොඩි කඩයකට.

“ෂැහ්! මාර චාටරේකටනෙ බං සෙට්වුණේ”

“ඒක නේන්නං. හිතුවෙම නෑ මෙහෙම වහියි කියල.

ඒක නෙවෙයි දැන් හයටත් කිට්ටුයි බං. මොකෝ කරන්නෙ. රෑට ඉන්නෙ කොහෙද කියාන්කො?”

“කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. ඔව් නේන්නං. ඇත්තටම රෑට කොහෙද බං ඉන්නෙ?.

මං කියන්නං, මේ කඩේ අයියගෙන්වත් අහල බලමුද?”

හෙමින් සැරේ දෙන්න කිට්ටු කළා කඩේ ඇතුලට. කිට්ටු කරල, හෙල්මට් දෙකත් ගලවලා…

“වැස්සක් ඇල්ලුව නේ මල්ලි. ඔය සති තුනකින් විතර. පහුගිය දවස් ටිකේ මාර පෑවිල්ලක් මෙහෙට”

“ආ... එහෙමද අයියෙ. කොහොමත් එහෙම තමයි අපි ගියොත් තැනකට. දෙනව දීමක් ආයෙ උතුරල දෙගොඩතලා යන්න. ඒක නෙවෙයි, අපිට පුංචි උදව්වක් ඕන අයියෙ. අපි හෙට කැළේ යන්න කියල. අද රෑට විතරක් නවතින්න තැනක් හොයාගන්න බැරි වෙයිද? මොකක් හරි කමක් නෑ. ඇඳන් දෙකක් තිබ්බ නම් ඇති වැටිල පොඩි නින්දක් දාන්න”

“ම්… මේ හරියෙ නම් තියෙනව මල්ලි. හැබැයි සීසන් නිසා ටිකක් ගණන් වැඩියි. කළවාන පැත්තට ගියා නම් රු. 1000ට වුණත් හොයාගන්න පුලුවන් හැබැයි”

ආයෙ, කාලා වරෙන්කො. අමාරුවෙන් කළවාන පන්නගෙන මෙහෙට ආවා. දැන් යමංකො ආයෙත් කළවානෙ.

“කරන්න දෙයක් නෑ බං. නැගපං නැගපං. රෑ වෙන්න කලින් යමං”

කිව්වට විශ්වාස කරන්න යාළු අනෝරාව පොඩ්ඩ අඩු වුණා විතරයි දෙන්න ආයෙත් කළවානට. හැබැයි අර අයිය කිව්ව වගේම වැඩි දුර නොගිහින් ප්ලේස් එකක් නම් සෙට්වුණා. ඊටත්, ඒක නෙවෙයි කේස් එක. එතන ම එහා පැත්තෙ බාර් එක කියන්නකො. ආයෙ ඉතින් වැස්සට තෙමිල සී..තල වෙලා ඉන්න දෙන්නෙක්ට මදුවිත අතළඟ කිව්වාම? තනි වචනෙට බීරවලට ඕකේ වුණේ හොඳේ. තෙමිච්ච ඇඳුම් ආයිත්තම් සියල්ල කාමරෙන් ගලපල ගියා බාර් එක පැත්තට. ගිහින් වාඩිවුණා හොඳ හුදකලා මුල්ලක් අල්ලල. වැඩේ වුණේ ඒකෙ ලොකු සෙනඟක් හිටියෙ නැති නිසා වාඩිවෙච්ච අනික් පැත්තට වේටර් අයියයි, මෙනුවයි දෙකම මේසෙ උඩ.

“ම්ම්.. අපිට ගේන්න අයියෙ බියර්. ඒකයි, මේ... කඩල කොත්තු (රු. 550)?”

“ඔව් මහත්තය. කඩල කොත්තුවක් දාමු. ඒක හොඳයි. එතකොට කෑමට?”

“කෑමට... මෙන්න මේ ස්පෙෂල් මික්ස් චොප්සි (රු. 950)එකක්. ඒකයි, ඒකට සෙට් වෙන්න බීෆ් ඩෙවිල් (රු. 650) එකකුත් ගේන්න”

“හා මහත්තය. ඉක්මනට ගේන්නම්...”

හරි හොඳ මනුස්සය. කතාබහෙත් නෑ කිසි වරදක්.

ඕඩරේ දාලා ඉතින් දෙන්න මුල පිරුවෙ පහුවෙනිද ප්ලෑන් එකට. ඒකයි, දැකපු නැති සත්තු ටික බලාගන්නෙ කොහොමද කියලයි.. දන්නැද්ද ඉතින්. කොහොමහරි ඔය අතරට කඩල එකයි බීරයිත් මේසෙට ආවා. ඊට පස්සෙ නම් ඇත්තටම කතාබහේ වේගෙට එහා… බීරයි කඩලයි යනව පට පට ගාලා.

“මං හිතුවෙම නෑ බං මෙහේ කඩල කොත්තු තියෙයි කියල. අනික හොඳ රසට හදලත් එක්කනෙ. බිත්තර එහෙම දාලා තියෙනව මදි නොකියන්න. අර කඩල පොඩ්ඩක් බැදෙන්න වගෙත් ඇල්ලුව නම් පංකාදු පහයි බං.”

“ඒක නේන්නං. මේ බලාංකො රම්පෙ කරපිංච, සුදුළූණු ආයෙ කෑලි මිරිස්, අමු මිරිස්, ලූණු එහෙමත් නියම ගාණට ඈ. අඩේ ගම්මිරිසුත් දාලා බං හොඳට සැර තියෙන්න. සීතලටයි, බියර්වලටයි නම් කියාපුම ඈ”

කඩල එක කාගෙන කාගෙන යන අතරට බීෆ් එකයි, රයිස් එකයිත් ආපු නිසා අපි බැලන්ස් වෙන්න කියල ඒවයිනුත් ටික ටික ගත්ත. මොකද නැත්නම් කඩල එක ඉවර වුණොත් එහෙම, අපරාදෙනෙ. හැබැයි කඩල එකේ වගේ ගතියක් නම් බීෆ් එකේ තිබ්බෙ නෑ. කොටින්ම කියනව නම් බීෆ්ද කියලවත් හොයාගන්න බැරි ගානයි. මස් නම් තමයි. හැබැයි ගැඹුරු තෙලේ බැදල තියෙනව නිකම් කරවල වෙන්න. ඊට පස්සෙ සෝස් ටිකක්, මාළු මිරිස්, තක්කාලි, ලූණූ එහෙම දාලා.. ඒත් ඩෙවිල් එකක තියා නිකම්… මොකකවත් පදමක් ඇවිල්ල නෑනෙ.

අනේද කියන්න රයිස් එක ඊටත් එහා. චැහ්! කියල හිතුණ ඒක කාපු වෙලාවෙ නම්. චොප්සිය නිකම් පැණිර රසට සෝස් තොගයක් විතරයි. කැරට්, ගෝවා, බෝංචි, අල අඩු නැතිව දාලා... ඉස්සො දෙතුන් දෙනෙකුයි, බැදපු මාළු කෑලි ටිකකුයි, දැල්ලො වගයකුයි, චිකන් මොනවහරියි එකතු කරල. එච්චරයි. වැඩේ තියෙන්නෙ ඒක එච්චරක් වුණත් අවුලක් නෑ රස හරි තිබ්බ නම්. ඒකත් නෑනෙ. මොකද බත නිකම් සුදු බත් විතරයි. අනේ මංදා…

එක්කො බැරි කඩවල් නොකර ඉන්න ඕන. සුද්දොත් එන පැති අනික. මෙහෙම කෑම දෙනවද අයියෝ..!


TIP

Try Kadala Kottu

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment