Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Kuruniya Restaurant

Amity Shopping Complex, 123 Avissawella Rd, Maharagama 10280


One of the livelier establishments in the Amity Building, with good food.



ඉස්සර ලංකාවේ වී මනින්න පාවිච්චි කරපු මිනුම් ඒකකයක් තමයි කුරුණිය කියන්නෙ. මේක පියනක් තියන වියපු රවුම් පෙට්ටියක්. ඒ හින්ද නෑගම් යද්දි කැවිලි පෙවිලි දාගෙන යන්නත් පාවිච්චි කරල තියෙනවා. මේ වෙද්දි නම් කුරුණි දකින්න නැති තරං. හැබැයි උපකරණය නැති වුණත් කුරුණිය කියන නම නම් ව්‍යවහාරයේ ඉතුරු වෙලා. ඒ හින්ද නේ අපිට ආරංචි වුණේ කුරුණිය කියල රෙස්ටොරන්ට් එකක් ගැන. හොයල බැලුවම මේ රෙස්ටොරන්ට් එකේ ලෝගො එකත් කුරුණියක රූපයක් බව දැනගන්න ලැබුණා. ඉතින් අපි ගියා කුරුණිය බලන්න..

තැන

කුරුණිය තියෙන්නෙ මහරගම ඇමිටි ෂොපිං කම්ප්ලෙක්ස් එකේ පළවෙනි තට්ටුවෙ. හයිලෙවල් පාරට පේන විදිහට කුරුණිය රෙස්ටොරන්ට් කියල ගහල තියනවා. ඇමිටි බිල්ඩිං එකට ඇතුල් වුණාම නම් පාළුවට ගිය තැනක් වගේ. සතියෙ දවසක දවාලක් නිසා ද දන්නෙ නෑ. හැබැයි කුරුණියට ඇතුල් වුණාම නම් සෙනඟ.

රෙස්ටොරන්ට් එක ඇතුළේ ලොකු ඉඩකඩක් නැතත් දහ දෙනෙකුට විතර වාඩිවෙන්න පුළුවන්. හැබැයි ඒකටත් එක්ක එළියේ සිටිං ඒරියා එකේ ඕන තරම් ඉඩ. බැල්කනි එකෙත් වාඩිවෙන්න පහසුකම් සපයල තියන හින්ද ඕන නම් කොයි වෙලෙත් කලබල හයිලෙවල් පාර දිහා බල බලම කෑම කන්න පුළුවන්. ඒ වගේම මේ රෙස්ටොරන්ට් එකේ පෙනුම ඇහැට ප්‍රියජනකයි. පොඩි පොඩි දේවල්වලින් මෙතන ලස්සන කරන්න ඒගොල්ලො උනන්දු වෙලා බව පෙනුණා. උදාහරණයක් කිව්වොත්, මේස උඩ අලංකාර කරන්න තියල තිබුණ මල් බඳුන හදල තිබුණේ දිවුල් කට්ටකින්..

කෑම

මෙතන රයිස් ඇන්ඩ් කරිවලට තමයි මුල්තැන. හැබැයි, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, පැස්ටා, බර්ගර්ස්, සබ්මැරීන් වගේ මෙකී නොකී ජාති ගොඩකුත් කුරුණිය මෙනු එකේ තියනවා. අපි තේරුවා කබොනාරා චිකන් එකයි (රු. 700) සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි. (රු. 480).

කබොනාරා චිකන් එක බඩ පිරෙන්න කන්න පුළුවන් විදිහට හොඳ පෙනුමට ආවට මොකද, ගාණේ හැටියට නං වටින්නෙ නෑ කියල හිතුණා. ඇති පදමට චීස් දාල ක්‍රීමි ගතියට තියන බව පෙනුණට මේකෙන් චීස් රහ වෙනුවට ආවෙ කිරි රහක්. චිකන්වල නං අවුලක් තිබුණෙ නෑ. කොහොම වුණත් බර කෑමක් නිසා චුට්ටක් කනකොටම බඩ පිරෙනවා.

සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකේ අපි හිතුව තරම් සීෆුඩ් ගොඩක් තිබුණෙ නැතත්, මාළු කෑලි බිත්තර කෑලි එහෙම එකතු කරල රසට හදල තිබුණා. ඊට අමතරව කැරට්, ලීක්ස්, ගෝවා තීරුත්.. පොඩි ඩ්‍රයි ගතියක් තිබුණට සෑහෙන දුරට හොඳ කෑම එකක්. මේකත් එක්ක චට්නි එකකුයි චිලි පේස්ට් ටිකකුයිත් හම්බුණා. ඒ දෙකේ කියන්න තරම් වරදක් නෑ. හැබැයි චට්නි එකේ දියාරු ගතිය අඩු වුණා නම් හොඳයි.

බීම

මේගොල්ලන්ගෙ ඩ්‍රින්ක්ස් මෙනු එකත් සැලකිය යුතු තරම් සෑහෙන දිගයි. ඒකෙන් කැරට් ජූස් එකයි (රු. 170) ලයිම් ජූස් එකයි (රු. 130) අපි ඕඩර් කළා.

කැරට් ජූස් එක පෙනුමෙන් වගේම රසෙනුත් අවුලක් නැති බීම එකක්. බ්ලෙන්ඩ් වුණ කැරට් කෑලිත් තිබුණ නිසා ෆ්‍රෙෂ් කැරට් රහක් තිබුණා වගේම, ඕනවට වඩා සීනි දාල පැණි රහ කරල තිබුණෙ නැති එක නං ලොකු දෙයක්.. 

කැරට් ජූස් එකට සාපේක්ෂව බැලුවම ලයිම් ජූස් එකට දෙන්න වෙන්නෙ දෙවෙනි තැන. සීනි එකතු කරල තිබුණට මේක ටිකක් ඇඹුලයි. ඒ හින්දම කෘත්‍රිම ගතියක් නැතුව, පොඩි තිත්ත රසක් එක්ක දෙහි ගතිය ආව තිතට. කොහොම වුණත් රිෆ්‍රෙෂිං ඩ්‍රින්ක් එකක් කියල කියන්න පුළුවන්. 

සර්විස් එක

කැෂියර් එකේ හිටපු යාළුව අපිට කෑම තෝරන්න ඇති තරම් වෙලාව දුන්නා වගේම, දිගටම මිත්‍රශීලීව අපිට ඕන දේවල් හොයල බැලුවා. ඒ වගේම කෑම සර්ව් කරපු කෙනත් සුහදයි. හැබැයි මේසෙට කෑම එන්න නම් අපි හිතුවට වඩා වෙලාවක් ගියා. ඒ අපි ඕඩර් කළේ රයිස් ඇන්ඩ් කරි නොවන නිසා වෙන්න ඕන. ඒ ඇර සර්විස් එකේ කිසිම අවුලක් නෑ.

අවසාන වශයෙන්

මහරගම තියන ලොකු ලොකු ඇඳුම් කඩ ඔක්කොටම අතේ දුරින් පිහිටලා තියන නිසා, මහරගම ෂොපිං කරන්න එහෙම යන අයට, ෂොපිං කරල මහන්සියට ලේසියෙන්ම මොනාහරි කන්න බොන්න යන්න පුළුවන් තැනක් තමයි කුරුණිය..

Address

Amity Shopping Complex, 123 Avissawella Rd, Maharagama 10280

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Italian

Price Range

Less than 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment