Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

2/5

La Fiesta

62/4 Chatham Street, Colombo 1


La Fiesta is Sri Lanka's first Mexican (well, Tex-Mex) restaurant, located on Chatham Street in the old fertiliser building (now, of course, refurbished).



චැතම් වීදියේ අළුත්වැඩියා කරන ලද පොහොර ගොඩනැගිල්ලේ පිහිටා ඇති ලා ෆියෙස්ටා ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම මෙක්සිකානු අවන්හලයි.

ලොව බොහෝ දෙනා කැමති මෙක්සිකානු ආහාර සහිත අවන්හලක අඩුව බොහෝ කලක සිට කොළඹ නගරයට දැනෙන්නට විය. ප්‍රධාන පෙළේ හෝටල්වල ඉඳ හිට මෙක්සිකානු ආහාර සහිත ප්‍රවර්ධන වැඩසටහන් තිබුනද ලොව අතිශයින්ම ජනප්‍රිය මෙක්සිකානු ආහාරවලටම වෙන්වූ අවන්හලක් මෑතක් වන තුරුම කොළඹ නගරයේ නොවීය. ශ්‍රී ලාංකිකයන්ට කවදත් හුරුපුරුදු මිරිස් මෙක්සිකානු ආහාරවලද ප්‍රධාන තැනක් ගනී.

ලා ෆියෙස්ටා යනු අංග සම්පූර්ණ මෙක්සිකානු ආහාර සහිත අවන්හලකි. එය තනිකරම මෙක්සිකන් ආහාර ලබා දෙන අවන් හලක් නොවේ. මෙහි ඇත්තේ "ටෙක්ස්-මෙක්ස්" ආකාරයේ වරලත් ෆාස්ට් ෆුඩ් අවන්හලකි. මෙහිදී ඔබට ෆජීටා, චිමිචංගා සහ බුරීටෝ වැනි ඇමරිකානු-මෙක්සිකන් අහාර ලබාගත හැකිය. ඇති පදම් මස් මෙන්ම චීස්ද ඇති ලා ෆියෙස්ටා මෙක්සිකානු අහාර සැබවින්ම ඔබේ රස නහර පිනායනු ඇත.

ලා ෆියෙස්ටා තවමත් සිටින්නේ එහි මුල් දින කිහිපයේය. එය ආරම්භ කර ඇත්තේ පසුගිය 18 වෙනිදාය. එනිසාම අපේ මෙම ලියවිල්ලේ අඩංගු කරුණු ඉදිරියේදී වෙනස් විය හැක. අවාසනාවට ලා ෆියෙස්ටා සමග අපේ පළමු අත්දැකීම එතරම් සිත සතුටු කරවන්නක් නොවේ. සේවක පිරිස ඉතාමත්ම සුහදශීලී වුවද කෑම අප හිතූ තරම්ම කටට කෙළ උනන සුළු නොවිණි.

අපි මුලින්ම ලා ෆියෙස්ටාහි ජැලපීනො රෙලිනස් ගැන සළකා බලමු. මෙය සාමන්‍යයෙන් ඕනෑම මෙක්සිකන් අවන්හලකදී ලබාගත හැකි රසබර දීසියකි. එහෙත් ලා ෆියෙස්ටාව මෙයද වරද්දාගෙන තිබිණි. චීස් පිරුණ ජැලපීනො කියූවිට මට සිහිවන්නේ අතිශයින්ම රසබර ගලා හැලෙන චීස් හා මිරිස් රසයයි. එහෙත් ලා ෆියෙස්ටා චීස් ගලා හැලුනේවත්, දියවුනේවත් නැත. එහි චීස්වල තිබුනේ නියම චීස් රසය නොව වෙනත් රසයකි. හරියටම කිව්වොත් සියඹලා මිශ්‍රිත චීස් රසයකි. මෙවැනි සරල කෑම දීසියක්වත් හදා ගන්නට බැරිවීම මා පුදුම කරවයි. මෙහි ඇත්තේ චීස් දියවන විදියට හදා ගැනීම මිස වෙනත් සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ.

උණු උණු ෆැජිටාස් (රුපියල් 1200) ගැන කියනවානම් මිළෙන් වැඩිවුවද මෙයද අපේ බලාපොරොත්තු කඩ කල දීසියකි. මස් ඉරු හරියටම පදම් වී නොමැත. ලුණු සහ කුළුබඩුද ප්‍රමාණවත් තරමින් දමා නොමැත. ටෝටිලා තරමක් හොඳය. නමුත් අවශ්‍ය පිරවුම් නොමැතිව ඉන් පළක් නොමැත. මෙයද අතිශයින්ම සාමන්‍ය අපහසු නැති දීසියකි. කළයුත්තේ අවශ්‍ය පමණට ළූනු දමා චිකන් බ්‍රෙස්ට්ස් තීරු හොඳින් පදම් කිරීම පමණි. ඔවුන් ඉදිරියේදීවත් මස් පදම් කිරීම ගැන මීට වඩා අවධානය යොමු කරනු ඇතැයි සිතමි. ටෙක්ස්-මෙක්ස් වලදී සැළකිය යුත්තේ පදමට චීස් දැමූ විශාල මස් කුට්ටි හෝ මස් තීරුය. නමුත් මුලින් කී පරිදි මෙය අපගේ පලමු අත්හදා බැලීමයි. ලා ෆියෙස්ටාවට වෙනසක් කරගෙන ඉදිරියට යා හැක. කොළඹට මෙක්සිකානු අවන්හලක් අත්‍යවශ්‍යය. ලා ෆියෙස්ටාවට ජනප්‍රිය අවන්හලක් වීමේ හැකියාව තිබේ. චැතම් වීදියේ ඉඩකඩ සහිත තැනක පිහිටීමම ලා ෆියෙස්ටාවේ ජයග්‍රහනයකි.

ලා ෆියෙස්ටා සතුව සැරබීම බලපත්‍ර ඇති නිසා ඔබට සැරබීමෙන්ද මෙහිදී සප්පායම් විය හැකිය.

 

 

TIP

They have a functioning liquor license already, so you can have a drink. Also a fairly good selection of tequilas.

Address

62/4 Chatham Street, Colombo 1

Directions

You can walk through Dutch Hospital, out past Taphouse and down the street. From the road, go down York Street past the World Trade Center turn. It's the second road on the left.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
M
1

4/5

0

MsG

Went here last night,and LOVED it! I agree the food really needs to improve but we went for the drinks and in that area we were very happy! The bartender was very nice and chatty,the band was awesome! Def,going there again

M
1

4/5

0

MsG

Went here last night,and LOVED it! I agree the food really needs to improve but we went for the drinks and in that area we were very happy! The bartender was very nice and chatty,the band was awesome! Def,going there again

See 33 Comments