Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

La Trattoria

80, Pannipitiya Road, Battaramulla


La Trattoria is an Italian restaurant in Battaramulla replacing Coco Citrine. It's very expensive, but the food is decent.



ලා ට්‍රැටෝරියා බත්තරමුල්ලේ කොකෝ සිට්‍රින් වෙනුවට ආරම්භ කරපු ඉතාලියන් අවන්හලක්. ඒක ගොඩක් මිල අධික වුණත් කෑම හොඳ මට්ටමේ තියෙනවා.

වේගයෙන් පැතිරෙන අවන්හල කලානිර්මාණ ඇගයිය නොහැකි බව පේන තැනක්. (කටු නිමාව, ස්පැගටි තලු ගසන ප්‍රසිද්ධ පුද්ලයන්ගේ කළු සුදු ඡායාරූප) නමුත් සම්පූර්ණ වශයෙන් ගත්තම අප්‍රසන්න නෑ.

පසුපස වත්තේ පුටුවල ඉඳගත්තට පස්සේ අපට දැනුණේ මේ ශ්‍රී ලංකාව නෙවෙයි වගේ. ස්ථානය යන්තම් මධ්‍යධරණී ගතියක් දැනුණා. සිමෙන්ති පුටු, දොඩම් පාට කුෂන්, වත්ත මැද ඇඹරුණු ගසක් මේ ඔක්කොම මෙතන තියෙනවා. අපි තවදුරටත් කොළඹ නෙවෙයි. මේ අතරෙදි සේවාව අපිව නැවතත් පොළොවට ගෙනාවා. මෙනූ එක මේසේ උඩ තියපු ගමන්ම වේටර් ඇණවුම් භාර ගන්න ආවා. අපි කෑම ගැන තීරණයක් ගන්නකන් එයා එතනින් හෙල්ලුණේ වත් නැහැ. ඒත් අපි ඇත්තටම තීරණය කරලා ඉවර වුණාම වේටර් පේන්න හිටියේ නැහැ. සේවාව නරක නැහැ. හොඳත් නැහැ.

ලා ට්‍රැටෝරියා, කොකෝ සිට්‍රින් වගේම මිල අධිකයි. අපේ කෑම එක ප්‍රධාන ආහාරයයි වයින් වීදුරුවයි විතරක් එක්කෙනෙකුට රුපියල් 2700ක් වුණා (!). පාස්තා එකක් සාමාන්‍ය වශයෙන් රුපියල් 1300ක් වෙනවා. මේවා මිල අධිකයි. ඒත් එයාලා ගොඩක් ඉතාලි අවන්හල් වල දකින්න නැති රස ද්‍රව්‍ය ඉදිරිපත් කරනවා.

අපි දෙහි සහ මාළු බිත්තර සමග fettucine කාල බැලුවා. (රුපියල් 1700) ස්පැගටි  කාර්බනෝරා (රුපියල් 1300) සහ රෙඩ් පෙස්ටෝ සමග ස්පැගටි. ඉස්සෝ සහ සුචිනි (රුපියල් 1700) සහ වට්ටක්කා සහ නිවිති සමග රැවියෝලි. (රුපියල් 1700) පාස්තා සාමාන්‍යයෙන් හොඳයි. ඉතාලි කෑම හදන්න ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන නොහැකියාව පිළිබඳ තියෙන ප්‍රසිද්ධියට විරුද්ධව ඉන්න මෙයාලට පුළුවන්. කොහොම නමුත් මේ කෑම ඇති විශිෂ්ට ඒවා නෙවෙයි. එක කෑම බඳුනකට රුපියල් 2000ක් ගෙවනකොට ඔබ ඇති විශිෂ්ට තත්වය බලාපොරොත්තු වෙනවා.රෙඩ් පෙස්ටෝ පාස්තා එක්ක ඉස්සෝ බොහොම නිර්ලෝභී ලෙස බෙදලා දුන්නා. ඒත් කෑම වේලේ සම්පුර්ණ ෆ්ලේවර්ස් එතරම් හිත ඇදිලා යන ඒවා නෙවෙයි.

කාර්බනෝරා එකනම් බලාපොරොත්තු කඩවීමක්. බේකන් එකේ තෙල් වැඩියි. බිත්තර උකු ගතියක් දෙනවා වෙනුවට කැටි ගැසිල බඳුන පුරාම විසිරිලයි තිබුණේ. එක හොඳකට තිබුණේ කාර්බනෝරා ශ්‍රී ලාංකික ක්‍රීම් සහ චිකන් හැම් වෙනුවට නියම ඉතාලි බේකන් සහ බිත්තර ඇතිව ඉතාලි ගතිය තිබුණා. හොඳම කෑම බඳුන වුණේ රැවියෝලි. මේක නියමයි. නිවිති සහ වට්ටක්කා පේස්ට් එක්ක ක්‍රීමි සෝස්.

ලා ට්‍රැටෝරියා සම්බන්ධයෙන් තියෙන සමහර පුංචි දේවල් නිසා ඒක කදිම තැනක් වෙලා තියෙනවා. අතුල්වීමේදීම පිළිගන්වන කදිම ඉල් ජෙලාටෝ අයිස් ක්‍රීම්, පාන් බාස්කට් එක, ආහාර වේල ආරම්භයේම දෙනු ලබන කුළුබඩු. (මේකේ සුවඳැති විනාකිරි සහ රසවත් තෙල් ගල්වපු රතු මිරිස් තියෙනවා.) මේ වගේ පුංචි දේවල් නිසා ලා ට්‍රැටෝරියා කෑම කන්නට තියෙන ප්‍රසන්න ස්ථානයක් බවට පත් වෙනවා. ඒක ගොඩක් විවෘතයි වගේම බාහිර පරිසරයෙන් ඈත් වේලා තියෙන්නේ. ඔයාලට දැනෙන්නේ ඔයාල යුරෝපයේ ඈත සැඟවුණු මුල්ලක ඉඳගෙන කෑම කනවා කියලා. කොහොමහරි ඉතාලියේ නියම ට්‍රැටෝරියා එකක - ඒ කියන්නේ මුද්‍රිත මෙනූ පතක් නැති, පවුලක් විසින් මෙහෙයවනු ලබන අවන්හලක ගතිය ලා ට්‍රැටෝරියා එකේ නැහැ. මේක මිල අධික තැනක්. එක්කෙනෙකුට රුපියල් 2700ක් වෙනකොට අපිට දැනුණේ නැහැ අපේ මුදලට සරිලන තරම් දේවල් අපිට ලැබුණා කියලා. ඒත් හුරුපුරුදු වායුසමීකරණය කළ හතරැස් කාමරයක ඉඳන් කෑම කනවට වඩා නම් වෙනසක් මෙහෙදී දැනෙන නිසා ගිහිල්ලා බැලුවට වරදක් නෑ.

TIP

The ravioli is excellent, as is the ice cream. Perhaps just have those.

Address

80, Pannipitiya Road, Battaramulla

Directions

Pass Waters Edge and Sethsiripaya and head into Battaramulla Town. After the Arpico, turn right at the junction (towards Pannipitiya). La Trattoria is about 1 km down the road, before Pasco Food Blush.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Italian

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 14 Comments