Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Lagoon Kichen

Delivery only


A home-based lamprais maker.



සතියක ඉඳන් වගේ වැඩේ ප්ලෑන් කරල තිබුනෙ. හැබැයි අද තමයි හරියටම ක්‍රියාත්මක වුනේ.

පෙරේදා දාලා තිබ්බ ඔ්ඩරේ, මග එනව කියල කෝල් එක ආවාම.. සැහ්, බලන්න එපැයි.. මටත් වඩා කාරිය ඉහේ මල් පිපිල තිබ්බෙ විශ්විගෙ. හප්පේ, ඒ ලම්ප්රයිස් හිනාව..!

කොහොම කොහොමින් හරි උදේ ආපු කෝල් එකට පස්සෙ දෙවනි කෝල් එක ආවෙ කෙලින්ම දවල් වෙලා කෑම ටික ගේට්ටුව ලඟටම ඇවිල්ලය කියන්න. ඉතින්, මම හරි හරියට පහළට දුවල ගිහිල්ල ඒ ටික අරගෙන ආවා. ඇවිල්ලා..

අපේ ෆොටෝග්‍රැෆර් බ්‍රෝ වැඩේ අහවර කරනකම් ඉඳලා..

දිග ඇරල තිබ්බ රයිස් එකක් ලඟට කිට්ටු කරනව විතරයි මතක..

මගෙත් වෙලාව කියන්නෙ, ඒ වෙලාවෙම ආවනෙ අත්‍යාවශ්‍ය රිප්ලයි එකක් දාන්න ඔ්න මැසේජ් එකක්.

අනේ.. වචන 6යි. ගහල අනික් පැත්ත බලද්දි බතෙන් බාගයයි, බිත්තර කෑල්ලයි, එක ඉස්සයි. හැබැයි නිකම්.. මටම කියල තිබ්බ වගේ බටු මෝජුයි, අළු කෙහෙලුයි නම් තොගේට.

තවත් මොකටද ප්‍රමාදේ කියල මම බැස්ස සනික වැඩේට. මුලින් ම ගත්ත ප්‍රෝන් ලම්ප්‍රයිස් (රු. 600) එක.

ෂැහ්! පංකාදුයිනෙ. හරිම රසයි ආ බත. තෙල් චුට්ටකුත් නැතුවම නෙවෙයි. ඒත් ලා තුනපහ රසක් එක්ක හොඳහැටි රම්පෙ කරපිංච, සේර, කරාබුනැටි සුවඳයි..

ඒකටම වම්බටු මෝජුයි, අළු කෙහෙල් මැල්ලුමයි සෙට්වුනාම.. පංකාදු පහයි ආ..

ඔක්කොමත් හරි බතත් එක්ක කාලා බලන්න ඔ්න නූලට කහ, මිරිස්, කුළුබඩු අඩුම කුඩුම පදම ගලපපු ඉස්සෙක්ව. කියල වැඩක් නෑ.. නොම්මර එකයි. අර එකම අවුල තිබ්බෙ ඉස්සගෙ, ඉස්සො රස පොඩ්ඩක් යටයන තරමටම අඩුම කුඩුම එකතුවෙලා තිබ්බ එක තමයි. 

ඒ හැරුනාම ඉතින් තම්බල බැදපු බිත්තරේ ඉතින්.. කොහොමත් රසයිනෙ. ආහ්, ෆ්‍රිකැඩල් එක! ඒක.. ටිකක් ඝනකමයි. හැබැයි පිරවුම නම් හරිම රසයි. හොඳ හැටි අල ලූණු මදි පාඩුත් එක්ක මොනව හරි මසක්, මාලුවක් ගලපල තියෙනව.

තව ලම්ප්රයිස් එකක් තිබ්බ, ඒක මික්ස් මීට් (රු. 600). බතේ කිසිම වෙනසක් නෑ. මික්ස් මීට් එකේ.. චිකනුයි, පෝර්කුයි පොඩි පොඩියට කෑලි කපල, එකත් හොඳම මස් කෑලි වලින්.. කපල ගම්මිරිස්, තුනපහ ටික නූලටම තියල හින්දල අරගෙන..

ආයෙ.. ගමකට කතහැකි ඈ.. සත්තයි ලම්ප්රයිස් නොතිබ්බත් ඒ මික්ස් මීට් එකනම්.. සම්බාහාලෙ බතකට වුනත් පංකාදුයි!

චිකන් ලම්ප්රයිස් (රු. 500) එකේ චිකන් එකත් අර මික්ස් මට් එකේම, මික්ස් නැති එක. ටක්කෙට කුළුබඩු රස එන්න හින්දල.. 

ඔක්කොමත් හරි ඒ ගණන්වල හැටියට, රසත් එක්ක බලද්දි..

ලොවෙත් පාඩු නෑනෙ, හ්ම්..!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment