Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Lak Rasa Caterers

236, Galle road, Walana, Panadura


A great place to have a good Sri Lankan & Sri Lankan Chinese meal



අතීත මතකයක් අළුත් කරගන්න කියල!

අවුරුද්දෙ අන්තිම දවසනෙ යාළු. ඉතින්.. හොඳම යාළුවවත් මුණගැහිලා, පොඩි ෂොපින් පාරකුත් දාලා, අවසානයේ සුපුරුදු පරිදි කටයුතු කලේ කෑමට රෙස්ටුරන්ට් එකකට යන්නමයි. ඒකත් දන්න කියන, ලඟපාතම එකකට.

ඒ නිසාමයි දෙන්නම කල්පනා කරල, කල්පනා කරලා.. අන්තිමට කොහොමහරි, පහුගිය අවුරුද්දෙත් අවසන් භෝජන සංග්‍රහය තියපු ‘ලක්රස කේටරර්ස්’ එකටම යන්න තීරණය කලේ. හැරත් ඒක අපි ඉඳපු හරියෙ ඉඳන් පොඩි දුරකින්නෙ තිබ්බෙත්.

කතාවෙන් බහෙන් දෙන්න කොහොමහරි විනාඩි 4ට 5ට එතන. ගිහිල්ල හිටං කෙලින්ම ගොඩවුනේ උඩතට්ටුවෙ භෝජනාගාරයට.

‘හෑ.. මාර වැඩේනෙ. ඒක එහෙම පිටින්ම වගේම හිස්නෙ. එකම එක පවුලක් ඉන්නව, එයාලත් කාලා ඉවරයි යන්න හදන්නෙ’

“බොලේ.. කඩේ කෑම දැන් අවුල් ගිහින්වත්ද?

වාඩි වෙන තැන ඉඳන්ම ඔන්න යාළුවයි මායි සැකෙන්!

ඒත් ඉතින් එහෙමයි කියල වෙන තැනකට යන්නත් බෑනෙ.

ඕ..න්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල ගත්ත අතට, සේවක අයිය ලඟටම ගෙනැල්ල දුන්නු මෙනුව. අරගෙන.. හොඳහැටි කල්පනා කරල ඉස්සෙල්ලම දැම්ම ෆ්‍රෙෂ් මික්ස්ෆෘට් එකක් (රු. 160) බීමට. ඊට පස්සෙ මික්ස් රයිස් එකයි (රු. 480), හොට් බටර් මෂ්රූම් එකයි (රු. 420), පෙපර් පෝර්ක් එකයි (රු. 720), මික්ස් චීස් කොත්තුවයි (රු. 650), වැඩි වුනොත් ගෙනියන් හරි බැරියැ කියල.

දාලා ඉතින් ටික වෙලාවක් හිටිය. ඉඳල වැඩේ පටන් ගත්තේ.. ජූස් එකෙන්!

ඒහ්.. අවුලක් නෑනෙ. ජූස් එක හොඳයිනෙ. අඹ, අන්නාසි, කෙසෙල්ගෙඩි, දෙහි ඇඹුල්.. ඔය තියෙන්නෙ රස සියල්ල පදමටම ගැලපිලා.. ඊටත් සීනි එහෙම දාලත් නැති නිසා නියමම රසට තියෙනව.

ඒත්.. වැඩේ පොඩ්ඩක් කොටඋඩ ගියාවගේ තේරුනේ මික්ස් රයිස් එකත් එක්ක පෝර්ක් ගලපන්න ගත්තාම. ඇත්තටම පෝර්ක් එකේ කිසි වැරුද්දක් නෑ. හැබැයි.. රස කාරක නම් දාලා තියෙනව යාළු.. හම්බෝ, කටට කිට්ටු කරද්දි එන්නෙ සුවඳ නහය කඩාගෙන යන්න. ඇත්තටම අපරාදෙ ඉතින් ඈ.. ඇයි අප්පේ හොඳම මස් කෑලි වලින් තොගයක් තියෙන්න, කැරට් මාළු මිරිස් ලීක්ස්, අමුමිරිස් ගම්මිරිස් එහෙමත් නූලටම ගලපල දාලා.. නොසෑහෙන්න සෝසුයි, රසකාරකයි එකතු කරල, සවුත්තු කරල.

වෙලාවට අර රයිස් එකට එහෙම, එහෙම කරල තිබ්බෙ නැත්තෙ. ඒකෙත් රස කාරක තිබ්බ ටිකක්. ඒත් කන්න පුලුවන් ගානට. විශේෂයෙන්ම බාස්මති හාලෙ බතයි, පොඩියට කපල බැදපු චිකන්, ඉස්සො, දැල්ලො, පෝර්ක්, මාළු අඩුම කුඩුම ටිකයි නිසා රස හොඳටම හොඳයි ඉතින්. අනික ෆ්‍රෙෂ් ගතියටම තියෙන්න කැරට්, ලීක්ස්, ගෝවා එක්ක බිත්තරත් හරි හරියට දාලානෙ.

ම්.. හොට් බටර් මෂ්රූම් එක නම්..

කියල වැඩක් නැතිම ගාණයි. ඕ..

ඒකෙ රස කාරක කියන්නේ.. මං හිතන්නෙ බැදල තියෙන්නෙත් රස කාරකවලින්ද මන්දා කටේ තියන්න බෑ අර සුප්කැට රස. ඊටත් ඒකෙන් ලුණු රසත් වැඩිවෙලානෙ. කොටින්ම කියතොත් අච්චර උණුවට ආපු කොත්තුව එකතු කරගෙන කන්න බැලුව, ඒත් බෑ. අන්තිමට අත ඇරල දාලා ඒක ගත්ත ගෙනියන්න. කාට හරි දෙන්නවත් බැරියැ.

අරගෙන තමයි කොත්තුවට බැස්සෙ.

ෂැහ්! මික්ස් චීස් කොත්තු.. පංකාදුයි ඈ. තව චීස් ටිකක් වැටුන නම් පංකාදු පහයි. හැරත් ඒකට දාලා තිබ්බ යාළු.. තඩි රෝස්ට් චිකන් පලුවක් හීනියට ඉරල, බැදපු ඉස්සො, දැල්ලො, මාළු ටිකක් එහෙම පොඩි පොඩියට කපල. එතකොට.. කැරට්, ලීක්සුත් අඩු නැතුව, බිත්තර එක්ක අමු මිරිස් ටිකක් එහෙමත් පදමට තියෙන්න. වැඩිය ඕන නෑ බයිට් එකකට නම් කියාපුම.

අනික ඉතින් ඒ සයිස් එකත් එක්ක එක්කෙනෙක්ට වග කියන්නත් අමාරුයිනෙ.

හිහ්! ඒකයි දෙන්න ඒකත් ටේකවේ දාගෙන ෂේප් එකේ මාරුවුනේ..

හැබැයි ඉතින් ඉස්මුරුත්තාව නම්.. එක දිගටම ආවානේ..!


TIP

Try Pork Kottu.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment