Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

5/5

Lake Paradise (Sigiriya)

Egodawatta road, Sigiriya


A real, Lake.. Paradise! Has an awesome place of plain rock to stay leisure and see Sigiriya & Pidurangala through the jungle, over the lake. And their service, food and comfortability of the cottages are at star level as well.



අනෝරා වැහි, වැව් තාවුලු දෙගොඩතලා යන තරම්. කොටින්ම කියතොත් දඹුලු පුරවරය විතරක් නෙවෙයි අවට ප්‍රදේශ පවා මහ ජලකඳින් යටවෙලා ගිහින්. ඒ නිසාමයි අපිත් හිතලමතලම අපේ ගමන සතියකට දෙකකට කල් දාගත්තෙ.

හැරත්... වැස්සෙන් පස්සෙ සොබාදහමෙ ඇතිවෙන සුන්දරත්වය!

ඒක දන්නෙත් අපි ම නේ...

ඇත්තටම, අවුරුද්දෙ කාර්තු දෙකක විතර කාර කර්කෂයට අහුවෙලා අළු දුඹුරු වෙලා ගියපු ගස් කොළන්, පොළෝතලය පවා, කොළ පාටට දිස්න දෙන්න ගන්නෙ යාළු ඔය අනෝරාවෙන් පස්සෙ තමයි. ඒකත් නිකම් නෙවෙයි, පුංචි පුංචි අතුරිකිලි තුරු මුදුන් අතරින් මෝදුවෙනකොට, ඒවයෙ අගට පාට පාට මල් කිණිතිත් අමුනලා.. .හප්පේ බලන්න එපැයි, මුළු කැලයම එක මගුල් ගෙයක් කරල.

ඉතින් නරකද කියන්නකො, ඒවගේ කාලයකට ගහකොළ සතාසීපාවා දැක බලාගන්න කැලේ කොලේ රිංගන එක. උදේ පාන්දරින් ම ඇහෙන කුරුලු කොබෙයියන්ගෙ කීචිබීචියට තැන දීලා... අපිත්, කැමරා බඩුත් එක්ක, අපේම ගමනක,

නිසොල්මනේ!

ඔය විදියට ඉතින්... කල්තියා ම සැලසුම්කරපු ගමනෙ, ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බෙ නම් සොබාදහමට වැදිල ගියපු නවාතැනක් බලන එක ම විතරයි. ඒකත් මට ම උරුම වෙච්ච රාජකාරියක් වෙච්ච එකත් හරිම පුදුමයි. ඊටත් මම ම හොයල හොයල, හොයාගත්තු නවාතැන්පලේ හැඩහුරුවනෙ? අපේ උන්දලට පෙන්නුව විතරයි ඔන්න, එවෙල යන්න කතාවයි.

ආහ්, ඊට කලින් කියන්න එපැයි. මම ඔය නවාතැන්පල හොයල බුකින්ග් එක දැම්මට පස්සෙ, එනව කෝල් එකක් ඈ...

“හලෝ... ආ මහත්තය. මට මේ නම්බර් එකෙන් කෝල් එකක් තිබ්බ?”

“මේ නම්බර් එකෙන්? ම්…

ආ හරි හරි. මේ ලේක් පැරඩයිස්ද සීගිරියෙ?”

“ඔව් මහත්තය. ලේක් පැරඩයිස් තමයි”

“ආ... මම බුකින්ග් එකක් දැම්මනෙ ඊළඟ වීක්එන්ඩ් එකට. කන්ෆර්ම් කරන්නයි කතාකළේ”

“ආ එහෙමද. හා හොඳයි මහත්තය.

අනේ හැබැයි පුංචි දෙයකුත් කියන්නම්. අපේ මේ තැන හරි පොඩි තැනක් මහත්තය. ලස්සන විව් එකක් එහෙම නම් තියෙනව වැවකුයි, ගල්තලාවකුයි එක්ක. ඒ හැරුණාම කාමර තියෙන්නෙ කොටේජ් විදියට. ඇත්ටම... සුද්දන්ට එහෙම හරියන විදියටයි හදල තියෙන්නෙ. ගොඩක්ම... ඕපන්. අනික අපේ තැනට එන පාරත් ටිකක් සවුත්තුයි. පහුගිය සතියෙ ආපු ලෝකල් කට්ටියත් නොසෑහෙන්න බැනල ගියා, ‘එක්කො ඔයාලා කලින් කියන්න ඕනනෙ’ කියල. ඒ නිසයි මේ කිව්වෙ.

කෑමත් මහත්තය ලංකාවෙ ඒව විතරමයි තියෙන්නෙ”

“ආ... එහෙමද?

එහෙනම්...

බය වෙන්න දෙයක් නෑ, ඔයාලගෙ තැන තමයි මට හරියන්නෙ ම. බුකින්ග් එක කන්ෆර්ම් කරන්න හොඳේ”

බොලේ ගල් තලාවකුත් එක්ක වැව් පොඩ්ඩකුත් තියනවලු. ඔළුවෙ අමාරුවක්යැ එහෙම තැනක් නැති කරගන්න!

දවස තිස්සෙ ම රිටිගල කැලේ ඇවිදල ඇවිදලා... අපි තැනට කිට්ටු කලේ ඇත්තටම හොඳහැටි ගොම්මන් වෙලා. ඉරත් බැහගෙන යන අතරට දන්නැද්ද ඉතින්!

වැඩේ වුණේ, තැනට ගොඩවෙද්දිමනෙ. මිතුරියක් ආවා ඉස්සරහට...

“මහත්තය, බුද්ධි..?”

“ආ ඔව් ඔව් මං තමයි. මේ අපේ කට්ටිය”

“ආ... මහත්තය තැන් දෙකම ලෑස්ති කරල තියෙන්නෙ. මෙන්න යතුරු දෙක. මොනවහරි උවමනාවක් වුණොත් මම මෙතන ඉන්නවා...

ඒකයි.. මහත්තයලට රෑට..?”

“ආ.. නෑ නෑ. අපි කාලා ආවෙ. ඒව හරි. බොහොම ස්තූතියි..”

කියල ගිහිල්ල ඔන්න මුලින්ම ගොඩවුණා හයදෙනෙක්ට ඉන්න පුළුවන් කොටේජ් එකට. ආයෙ ඉතින්, ගොඩවුණා ගොඩවුණාමයි! දෙන්නෙක් එහෙම්මම ඇඳේ. ඇයි ඉතින් ඒ ඉන්ටීරියර් එක!

දැක්කත් හරි... අර දවල් දවසෙ ඉඳන් තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නෑ. හරියට නිකම් ආරාමයකට ආවා වගේ යාළු. කහපාට, තැඹිලිපාට, රතුපාට, නිල්පාට, කොළපාට, දුඹුරුපාට... කොට්ට මෙට්ට ඇඳ ඇතිරිල්ලෙ ඉඳන් ජනෙල් රෙද්ද, බිම පවා… පුදුම ගැලපිල්ලක් තියෙන්නෙ. අනික වහලයත් ඒකටම හරියන්න, පොල් අතු හෙවිලි කරල, වල් ලීවලින් නිමැවුම් කරල... වැඩේ කියන්නෙ ඇඳන් වෙනුවට තියෙන්නෙත් අඟල් 8 විතර මෙට්ට බිමට දාලනෙ. ෂැහ්! ඒක දැක්කට පස්සෙ නම් මට හිතුනෙම, පහුවෙනිදට කැලේ නොගිහින් ඇතුලට වෙලා භාවනා කරන්න සෙට්වෙන්න.

අනික හිතන්නකෝ... ජනේල ඇරියාම, ඉස්සරහටම පේන්නෙ එයාලගෙ හරිත වගාව. එතකොට පැත්තෙන් වැව් ඉස්මත්තට යාවුණු ගල්තලාව.

“යං යං. අපේ එකට යං” මම යාළුවව ඉස්සර කලේ, වැවට කිට්ටු වෙන්න තියෙන අපේ කොටේජ් එකේ තත්ත්වෙ බලනකම් ඉවසිල්ලක් නැතුව.

ඉතින් අඩියට දෙකට ගිහින් ගොඩවුණා ඒකට.

‘ඔය තියෙන්නෙ. මට හිතුණ මේකත් ඇති කියල කඳුලු පනින්න’

එලෙසමයි යාළු! එකම වෙනස ඒක දෙන්නෙක්ට පමණයි. හොඳ හැටි ඉඩ තියෙන්න හදපු බාත්රෑම් එකයි, ආරාමයකට දෙවනි නැති ඉන්ටිරියර් එකයි...

ඉතින්, මං යාළුවන්ට කිව්වෙත් මෙච්චරයි.

“මෙහ්... තව දවස් දෙකක් තියෙන නිසා හෙට උදෙන්ම යන්නෙ නැතුව, මේ ගල්තලාවටත් ගොඩ වෙලා.. මෙතන සිරි නරඹල, කාලා බීලා, දවල් වෙලා යමු හොඳේ”

නොකිව්වට මොකද, වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අපූරු තනි වීදුරු කාමරයකුත් තිබ්බ මෙයාලගෙ, ගල් තලාව අයිනටම වෙන්න. ඇත්තටම එතන නම්...

එක්කො ඕන නෑ. ඔන්න ඔය ෆොටෝ එක බලන්නකො.

කලින් දවසෙ කතාවුණ විදියට අපි උදෙන්ම ගොඩවුණා ඒ ගල් තලාවටත්.

එච්චරයි ඉතින්. හිතාගන්න බැරිවුණේ කණ්ඩලමෙද ඉන්නෙ, සීගිරියෙද ඉන්නෙ කියල විතරයි.

ඇස්ස ඉස්සරහ,

වැව... එපිටින් සීගිරිය… ඊට එපිටින් පිදුරංගල!

පැය දෙකකට එහා පැත්තෙ ඉඳල බොහොම අමාරුවෙන් අපේ කට්ටිය මම පල්ලෙහාට ගෙන්න ගත්තෙ, කෑම ආවා කියල. ඊට පස්සෙ ගිහින් කෑම මේසෙට වාඩිවුණා... වාඩිවුණාමයි. අපිටම හරියන්න හදපු පරිප්පුවයි, කට්ට සම්බෝලයයි, සැමන් තෙල්දැමුමයි එක්ක ඉඳි ආප්පයි, රොටියි, වඩෙයි!

කොහොමද කාලා ඉවර වෙලා කන්න තඩි කෙහෙල් ඇවරියකුත් තියෙද්දි?

ඇත්තම කියන්නම්, මේ තැන ගැන විස්තර කරන්න ගියොත් මට මේ විදියට පොතක් ලියන්න වෙන්නෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි ඔයාලත් ගිහිල්ල බලන එක.

මම මෙතනින් නවතින්නම්. හැබැයි එකක්..

සරල සංචාරයක, සොබාදහමත් එක්ක කැටුව යන අත්දැකීම් හඹායෑමක් නම් පමණයි... ඔයාට, මෙතන!


TIP

Try stay leisure!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment