Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Lanka Hands

135 Bauddhaloka Mawatha, Colombo 4


Lanka Hands is a great place to buy gifts and souvenirs from. It may not be quite as classy as Barefoot or Paradise Road, or have it's own trademark range, but it sells plenty of nice Sri Lankan craft items and at a better price than its competitors.



ලංකා හෑන්ඩ්ස් (Lanka Hands) තෑගි හා සිහිවටන මිළදීගන්න අපූරු තැනක්. එය Barefoot හෝ Paradise Road තරම් ඉහළපෙළේ තැනක් නොවුණාට එහි ලංකාවේ අත්කම් භාණ්ඩ රැසක් තරගකාරී ආයතනවලට වඩා අඩුමිළට විකුණනවා.

වෙළඳසල කාමර හත අටකින් සමන්විතයි. එහි අලෙවියට තබා ඇති දේවලින් වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරන්නේ සංචාරකයන්ව. ඒත්, මෙරට වැසියන් ඉලක්ක කළ දේ ‍ටිකකුත් තිබෙනවා. එහි තිබෙනවා සංගීතය. ශ්‍රී ලාංකික, ලෝක සංගීතය හා Soul & Country වැනි පැරණි සංගීතය, ආභරණ, අත්යන්ත්‍ර රෙදි, සෙල්ලම්බඩු හා ගෙදරදොර බඩු, ලී කැටයම්කළ ගෙදරදොර භාණ්ඩ, මූර්ති, වෙස්මුහුණු, පිත්තලබඩු, පොත්, පිංතූර තැපැල්පත් හා කීටැග්, පොත් සලකුණු, සටහන්පොත්, ඉටිපන්දම්, ‍තේ වැනි තවත් බොහෝ දේත් තිබෙනවා.

මිළ තමයි, ලංකා හෑන්ඩ්ස්හි විශේෂත්වය. මගේ බෑණලාට, ලේලිලාට තෑගි සොයා Barefoot හෝ Paradise Road ගියාම මට අවසානයේදී ඇති වනනේ මම රැවටුණාය කියා හැඟීමක්. ඒත්, ලංකා හෑන්ඩ්ස්හි මිළ සාධාරණයි. නිදසුනක් ලෙස ඔවුන්ගේ කී ටැග්, සටහන් පොත් වැනි දේ මිළ රු. 50ත් 150ත් අතර. වෙස්මුහුණු රු. 200 සිට. අතින් හැදූ බෑග් රු. 1700 - 4000 අතර. පුංචි ලාක්ෂා පෙට්ටි රු. 1000ක් විතර. පුංචි පිත්තලබඩු රු. 200ක් විතර. අනෙක් භාණ්ඩත් එහෙම මිළෙන් සාධාරණයි.

ලංකා හෑන්ඩ්ස්හි නරක පැත්ත තමයි, මුදල් ගෙවීම සංකීර්ණවීම. කලින් Shru ලියපු Sen Saalහි මුදල් ගෙවීමේ ක්‍රමය වගේ. අදාළ අංශයෙන් බිල අරගෙන ඔබ කවුන්ටරයට යන අතරේ ඒ අංශයේ සිටින සේවකයා ඔබේ භාණ්ඩය රැගෙන කවුන්ටරයට පැමිණිය යුතුයි. දැන් ඔබ කැෂියර්ට මුදල් ගෙවනවා. එවිට භාණ්ඩය නැවතත් දොරටුව අසල සිටින කෙනෙකු අතට යනවා. ඔබ මුදල් ගෙවූ රිසිට්පත ඔහුට ඉදිරිපත් කළ විට තමයි භාණ්ඩය ඔබේ අතට ලැබෙන්නේ.  කොහොමද වැඩ.

ඒ වුණත්, මම තවමත් හිතන්නේ නගර‍යේ මේ පැත්තේ තිබෙන හොඳම අත්කම් හා සිහිවටන සාප්පුව තමයි ලංකා හෑන්ඩ්ස්. ඔබ සොයන්නේ ගෙදරදොර භාණ්ඩනම් Barefoot හෝ Paradise Road තමයි තැන්. එහෙම නැතිනම් මෙතැන ඇවිත් බැලියයුතු තැනක්.

TIP

A great place for souvenirs; but prepare yourself mentally for the payment process as it’s fairly bewildering.

Address

135 Bauddhaloka Mawatha, Colombo 4

Contacts

E-Mail

Report Inaccuracy

This place has closed down

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
3
Ambience Rating
4
See 2 Comments



Latest