Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

4/5

Lanka Hotel

107, Sri Sumanatissa Mawatha, Colombo 12


Lanka Hotel doesn't look all that promising at first, but they happen to do a very good Chicken Cheese Kottu.



දන්නව නෙ ආමර් ස්ට්‍රීට් එකේ කොයි වෙලෙත් තියන කලබලේ? ආමර් ස්ට්‍රීට් කියන්නෙ සිං සිං ගාල එහෙට මෙහෙට බස් හරවන දුවන පනින හන්දියක්. කොටින් ම මේ හරියෙන් මහ රෑටවත් කාගෙවත් ඇඟේ හැප්පෙන්නෙ නැතුව ඇවිදගෙන යන්න බෑ. පිටකොටුවෙ තරම් ම කොයි වෙලෙත් සෙනඟ! ඉතිං මේ කලබල අස්සෙ කන්න තැනක් තෝරගන්නෙ කොහොමද කියන්නකො…

හිතල කරල වටපිට බැලුවම දැක්ක ලංකා හොටෙල් කියල තැනක්. ඒ හරියේ වැහි වැහැල තියන විදිහෙ සාමාන්‍ය පෙනුමෙන් යුතු හෝටලයක් වුණාට මේකේ පොඩි පිරිසිදු ගතියක් තිබුණා. ඉතිං අපි ගොඩවෙලා ම බැලුව.

තැන

මෙතනත් හන්දියට දෙවනි නෑ. කඩේ පුරා ම සෙනඟ. හැබැයි කලින් කිව්වා වගේ තැන නම් පිරිසිදුයි. මේස පුටු පිහදාල නිසා වීදුරුවෙන් එන හැන්දෑ ඉර එළියෙන් ඒව දිස්නෙ ගගහ තිබුණ. මේ ජාතියෙ වෙන තැන්වල සුලබ දසුනක් නෙ මැසි උවදුර. හැබැයි මෙතන නම් මැස්සො ආක්‍රමණය කරලා තිබුණෙත් නෑ. ඉතිං අපිට හොටෙල් එකේ පෙනුම ගැන ඇති වුණේ ප්‍රසාදයක්.

බීම

ෆෘට් ජූස් තියන බව මෙනු බෝඩ් එකේ ගහල තිබුණට මොකද, මේ වෙලාවෙ අවේලබල් සොෆ්ට් ඩ්‍රින්ක්ස් සහ තේ විතරයි කියපු නිසා අපේ ඇහැ නිතැතින් ම ගියේ තේවලට. පුංචි කෝප්පෙක අපිට ලැබුණ හුරුබුහුටි කිරි තේ එක (රු. 50) අපි හිතුවට වඩා හුඟක් රසයි. ගාණට කිරි දාල, යස පදමට කහට ගළපලා. සීනිත් නියම ප්‍රමාණෙට.

කෑම

බත්, ආප්ප, කොත්තු, ෂෝටීට්ස්, ඉන්දියන් රසකැවිලි වගේ ජාතිවලින් මෙතන පිරිල ඉතිරිලා ගිහින්. අපි මුලින් ම තේරුවේ චිකන් චීස් කොත්තු (රු. 520). ගැඹුරු තෙලේ බැදපු චිකන් මදි නොකියන්න දාල පිඟානක් පුරවල ආපු කොත්තු එක දුටු පමණින් රස නහර ඇවිළුණා. ඇති තරම් චීස්වලින් නාවපු මේකට කුළුබඩු, ලූනු, රම්පෙ වගේ ජාතිත් හොඳ පදමට මුහු කරල තිබුණා. කට දැවිල්ල ගන්න තරම් සැරක් තිබුණේ නැතත්, දෙහි කෑල්ල මිරිකලා චිලි පේස්ට් ටිකක් එක්ක අනාගත්තම නියම කොත්තු රස!

ඊළඟට ෂෝටීට්ස්. මෙන්න මේ ෂෝටීට්ස් ට්‍රේ එකෙන් අපි කෑමට ගත්තෙ චිකන් සමෝසා එකයි (රු. 50), බිත්තර පැටී එකයි (රු. 50), බීෆ් රොටී එකයි (රු. 80) පොල් සම්බල් බන් එකයි (රු. 70).

පුදුමෙකට වගේ චිකන් සමෝසා එක කරස් ගාල හැපුණා. ඒ නිසා ෆ්‍රෙෂ් බව සහතිකයි. ඇතුළේ පුරවල තිබුණ චිකන් සහ ලූනු පිරවුමත් සැර සහ රස අතින් කරට කර. බිත්තර බාගයකින් සහ අලවලින් පිරුණ බිත්තර පැටී එක ඒ තරම් සැර නැති වුණත් රස ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද ඒ ෆිලිං එක කටට සුමුදුවට හැපුණා.

බීෆ් රොටී එක හීනියි දිගයි. මේකේ ඇතුළට දාල තිබුණේ අල කරියක්. පුංචි ම පුංචි බීෆ් කෑල්ලක් තමයි හම්බුණේ. ඒ නිසා ම ඒ ගැන විශේෂයෙන් කියන්න තරම් දේකුත් නෑ. පොල් සම්බල් බන් එක අපිට අඳුන්වල දුන්නෙ උම්බලකඩ බන් එකක් විදිහට. කොහොම වුණත් පුරවල තිබුණ පොල් සම්බෝලෙ නම් ඒ හැටි උම්බලකඩ තිබ්බෙ නෑ. කටට සැරට වුණත් පොඩි වේලුණු ගතියක් මේ බන් එකේ තිබුණා.  

සර්විස් එක

කෑමට අමතරව අපි මෙතනින් ලබපු මතක හිටින අත්දැකීම තමයි සර්විස් එක. අපිට සර්ව් කරපු සුදු කෙස් තියන වයසක අංකල්, තරුණයෙක් තරම් ම කඩිසරයි. කොච්චර සෙනඟ හිටියත් ඒ ඔක්කොම බැලන්ස් කරගෙන එයා අපේ ඕනෑ එපාකම් ගැන හරි ම වුවමනාවෙන් හොයල බැලුවා. කෑම ටික මේසෙට එන්න වැඩි වෙලාවක් ගියෙත් නැති නිසා සර්විස් එක ගැන අපි සතුටුයි!

අවසාන  වශයෙන්

තැන ගැන අපිට තියන පැහැදීම නිසා ම අපි දෙවරක් නොහිතා මෙතන රෙකමන්ඩ් කරනවා. හදිස්සියෙ හරි ආමර් ස්ට්‍රීට් පැත්තෙ යැවෙනව නම්, ගියාම කන්නෙ කොහෙන්ද කියල තැවෙනව නම්, ලංකා හොටෙල් එකට ගොඩවෙන්න. කොත්තුවෙ රහ බලන්නත් මතක තියාගන්න!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment