4/5

Lantheruma (The Lantern)

37A, De Fonseka Rd, Colombo 05


Latheruma does a really tasty and cheap rice and curry lunch.


ගමේ රසට ප්‍රණීත දිවා ආහාර වේලක් භුක්ති විඳීමට බලාපොරොත්තු වන කොළඹ අවට සැරිරසන ඕනෑම කෙනෙකුට බඩ කට පිරෙන්නට ආහාර වේලක් ලබාගැනීමට ලන්තෑරුම අවන්හල කදිම ස්ථානයකි.

කොළඹ 04, වජිර පාරේ සිට ද ෆොන්සේකා මාවතට හැරුණු විගසම දකුණු අත පැත්තේ අපට මුණ ගැසෙන්නේ ලන්තෑරුම අවන්හලයි. අවන්හල තුළ විශාල පිරිසකට එක් වර හිඳ ආහාර ගැනීමට තරම් ඉඩ පහසුකම් නොමැති වූවද ඉතා සරල නමුත් සිත් ගන්නා සුළු ලෙස මෙහි අභ්‍යන්තර නිර්මාණකරණය සිදුකර ඇත.

ඉතා ප්‍රණීත වූත් පුළුල් වර්ගීකරණයකින් හෙබි වූත් ආහාර වට්ටෝරුවක් මෙහිදී අපට රස බැලීමට අවස්ථාව උදා වන අතර පිරිසිදු ලෙස පිසන ලද මෙම ආහාර මැටි වළන් වල බහාලමින් පාරිභෝගිකයා ඉදිරියේදීම ඔවුනට බෙදා දීම සිදුවන බැවින් ඔබට බියක් සැකක් නොමැතිව ආහාර පරිභෝජනය කළ හැකිය.

සාමාන්‍යයෙන් රතු බත් සහ සුදු බත් ද, කුකුල්මස්, ඌරු මස්, මාළු, දැල්ලන්, ඉස්සන්, කරවල හෝ හාල්මැස්සන් ඇතුළු මාංශමය ආහාර ද, බෝංචි හෝ මෑකරල්, පරිප්පු, පලා මැල්ලූම්, දඹල, ඇඹරැල්ලා හෝ අඹ, වම්බටු හෝ බටු, කොස් මැල්ලුම් හා පොළොස් ඇතුළු නිර්මාංශයමය ආහාර ද, කට ගැස්මට පපඩම්, මිරිස් හෝ කරවල බැදුමක් ද ලන්තෑරුම අවන්හලේ ප්‍රධාන මෙනුවට අඩංගු වේ. ප්‍රධාන ආහාර තරම් විවිධත්වයක් නොමැති වුවද අතුරුපස ලෙසින් ආහාරයට ගැනීමට ලාංකීය සහ ඉන්දීය කැවිලි වර්ග කිහිපයක් ද ලන්තෑරුමට අවන්හලෙහි මෙනුවට අඩංගු කර ඇත.

දිවා ආහාරය සඳහා ලන්තෑරුම අවන්හල වෙත යන අයෙකුට එක් මාංශමය ආහාරයක් සමඟ තවත් ව්‍යංජන වර්ග තුනක් හෝ හතරක් අඩංගු රසවත් ආහාර වේලක් රු. 150 ක් වැනි ඉතා සුළු මුදලකට ලබාගත හැක. ඊට වඩා වැඩි මාංශමය ආහාර ප්‍රමාණයක් හෝ ව්‍යංජන ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් අවශ්‍ය නම් ඔබට ඒ සඳහා වැයවනු ඇත්තේ රු. 200 ක් වැනි මුදලක් පමණි.

අද දින මාගේ දිවා ආහාරය ලෙස මා මිළදී ගත් පුන්නි සම්බා හාලේ බතත්, මිරිසට උයන ලද ඌරු මසුත්, පරිප්පු ව්‍යංජනය සහ කොළ මැල්ලූම ද, කට ගැස්මට තිබු පපඩම් ද තරමක කෑදරකමකින් යුක්තව මා  භුක්ති වින්දේ එහි ඇති ප්‍රණීත බවත් ඊටම මුසු වී තිබූ ඇස පිනවන වර්ණ සංකලනයත් නිසාවෙනි.

පුන්නි සම්බා හාලේ බත් තරමක් කුඩා බත් ඇට වලින් සමන්විත වන අතර කෑම රුචිය වඩවන සුවඳකින් යුක්ත වීම එහි තවත් විශේෂත්වයක් විය.

මිරිසට පිසූ ඌරු මස් මෙහිදී මා සිත් ගත් තවත් ඉතා රසවත් ආහාරයක් වූ අතර හොඳින් අඩංගු වූ කුළු බඩු රසත් ලුණු රස මිශ්‍ර වූ සැර ගතියත් ඊට ප්‍රධාන හේතූන් විය.

ඉතා හොඳ ලුණු ඇඹුල් රසයකින් සහ දෙහි මිශ්‍ර වූ රසයකින් යුක්තවූත්, රතු ළූණු සහ උම්බලකඩ අඩු නොමැතිව රස පදමට එක්වූත් මිශ්‍ර පලා මැල්ලුම මාගේ රස නහර පිනවූ ආහාරයක් බැව් මෙහිදී නිවැකවම කිව යුතුය.

එබැවින් යනෙන ගමනේ ගුණවත් රසවත් මෙන්ම පිරිසිදු දිවා ආහාර වේලක් රිසි සේ භුක්ති විදීමට ලන්තෑරුම අවන්හල කදිම ස්ථානයක් වනු නොඅනුමානයි.


TIP

There's lunudehi (lime pickle) in a jar on the one table inside.

Address

37A, De Fonseka Rd, Colombo 05

Directions

This is near Visakha College, so no chance of parking nearby. If you're coming from Duplication Rd, you can go up Vajira and turn onto De Fonseka. You can also get on De Fonseka from Dickman's Rd.

Contacts

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

Less than 200

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest