Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Lavinia Bakers

No. 04, Pannipitiya Road, Battaramulla.


The newest addition to the Lavinia Restaurant now serves Chinese, Indian and Sri Lankan food.



කඩේ දාලා මාසයක් දෙකක් ඇති. දවස ගානෙ නවත්තන වාහන ගාන වැඩි වෙනව මිසක් අඩුවක් නෑ. පැලවත්ත, පාලම් තුන හංදියෙ අලුතෙන් දාපු ලැවනියා බේකර්ස් එක, ඊට අල්ලල තියෙන ලැවනියා රෙස්ට් එක වගේම නැගල යන පාටක් තමයි තියෙන්නෙ. මොකද බැලූ බැල්මටම ගොඩ වෙන්න හිතෙන තරමෙ ලස්සනක්නෙ මේ තට්ටු තුනේ කඩේ තියෙන්නෙ. අනික මුළුමනින්ම වීදුරුයි ලීයි පාවිච්චි කරල හදල තියෙන නිසා හවස් ජාමෙට ලයිට් දැම්මාම පට්ට ලස්සනයි.

ඔය නිසාම දවස් ගානක ඉඳන් හිතේ තිබ්බ ඇරියස් එක අල්ලල ඊයෙ මමයි යාලුවෙකුයි ගොඩ වුණා ලැවනියා බේකර්ස් එක. ෂහ්, ඇතුළ සුවඳේ බෑ. පල්ලෙහා තට්ටුවෙ බේකරි අයිටම්ස්, එතකොට පළවෙනි තට්ටුවෙ ශ්‍රී ලංකන්, වෙස්ටර්න්, චයිනීස් ටයිප් කෑම බීම. දෙවනි තට්ටුවෙ තමයි ඉන්දියන් කෑම තියෙන්නෙ. බඩ පැලෙන්න කන්න හිතන් ආපු නිසා අපි දෙන්න කෙළින්ම ගියේ පළවෙනි තට්ටුවට. අඩේ මෙතන බුෆේ කියන්නකො. වීදුරු සෝකේෂ්වල දාපු රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නූඩ්ල්ස්, කොත්තු, ලසඤ්ඤා… කෑම තොගයයි. අපිට ඕන ජාතියකින් ඕන විදියට දාගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ, කෑම බෙදන සේවක මිත්‍රයාට, ඔයාට ඕන ජාති ටික කියන එක විතරයි. එයා ලෝභ නැතුව බෙදන නිසා බලන් හිටියත් බඩ පිරෙන ගානට කෑම ටික තියෙනව.

වැඩි කල්පනා මොකටද කියල හිතපු මම පැනපු ගමන් ඉල්ලුවෙ තන්දුරි චිකන් කොත්තුවකුයි(රු. 480) ඇවකාඩෝ ජූස් එකකුයි(රු. 160). යාළුව නම් ඉතින් කල්පනා කරල කල්පනා කරල චිකන් ලසඤ්ඤා එකක්(රු. 430) ඉල්ලුව. ඊට පස්සෙ ආයෙත් කල්පනා කරල කල්පනා කරල මික්ස් ෆෘට් එකක්(රු. 250) ඉල්ලුව. ඒ ඉල්ලල මේ යකාගෙ තියෙන කෑදර කම කියන්නෙ ඩෙසට් එකත් එවෙලෙම ඕඩර් කරන්න හදනවනෙ. අායෙ දෙකයි කිව්වෙ, මීයා වගේ ඇවිත් වාඩි වුණා.

අලුතෙන් දැම්මට මොකද ලැවනියා බේකර්ස් එකේ සර්විස් එක නම් පට්ටයි. අපි වාඩි වෙන්න කලින් එතනට ආපු සේවක මිත්‍රයෙක් මේසෙ පිහදාලා වතුර වීදුරු දෙකක් එහෙමත් තියල හදල දීලයි ගියේ. එතකොට යාළුවා ඕඩර් කරපු ලසඤ්ඤා එක මේසෙට එන්නත් ගියේ විනාඩි 2යි 3යි. කොත්තුව නම් ඉතින් දාන්නම එපැයි, ඒ නිසා ඒක එන්න විනාඩි 5ක් 6ක් විතර ගියා.

ලසඤ්ඤා එක මුලින්ම ආවට මොකද යාළුව නම් ඒ ගැන ඒ හැටි සතුටු වුණේ නෑ. මොකද මිනිහා වැඩේ පටන් ගන්න කලින් මම ලොකු කෑලි දෙකක් බඩට දාගත්තනෙ. ඇත්තටම කියන්න සතුටුයි යාළුවනේ පංකාදු පහට හදපු ලසඤ්ඤා එක. සෙන්ටිමීටර් බාගෙක විතර මෙළෙක් චීස් තට්ටුවෙන් එන සුවඳට කටට කෙළත් උනනව. ඒ මදිවට අඟල් එකහමාරක් විතර ඝනකම චිකන් මිශ්‍රණ තට්ටුවක් මැද්දට වෙන්න. පුංචි සැර ගතියකුත් එක්ක එන හීනියට ලියල, පදම් කරල හදපු මේ චිකන්වල රස දෙගුණ තෙගුණ වෙලා තියෙන්නෙ කැරට්, තක්කාලි වගේ එළවළුවල කලවම නිසා. ඒවත් හොඳ හීනියට ලියලනෙ.

කොහොම හරි යාළුවගෙ ඔරොප්පු මූණට හිනාවක් ආවෙ මම ඉල්ලපු චිකන් කොත්තුව මේසෙට ආවට පස්සෙ. ලොකු තන්දුරි චිකන් පලු දෙකක් උඩටම වෙන්න තිබුණු කොත්තුව දැක්කාම මට ඇති වෙච්ච සතුට, “අදනම් කනව ඉස්මුරුත්තාව හැදෙනකම්”

රතු පාට තන්දුරි චිකන් පළුවකින් කෑල්ලක් කඩා ගත්තු මම හෙමින් සැරේ කොත්තුව රස බලන්න පටන් ගත්තා. ඇත්තම කියන්න එපැයි. හෙන ඩීසන්ට් කොත්තුවක්. බාග වෙලාවට අපිට එච්චරට ම හරියන්නෙ නැති වෙන්න ඉඩ තියෙනව. මොකද කොත්තුවෙ සැර ගතිය වගේම, සෝස් අඩුම කුඩුම ටිකෙන් එන රසත් ටිකක් අඩුයි. අනික තැටියෙ ගහන කොත්තුවකුත් නෙවෙයිනෙ. තාච්චියෙ දැම්මාම, අර කර රස එන්නෙත් නෑ. හැබැයි ඉතින් ලීක්ස්, කැරට්, ගෝවා, මාළු මිරිස් එහෙම නම් මදි නොකියන්න දාලා තියෙනව. එ් හැරුණාම කොත්තුවෙ සයිස් එකත් ටිකක් ලොකු නිසා තද බඩගින්නකට වුණත් බඩ පැලෙන්න කන්න පුළුවන්. වැඩේ කියන්නෙ කොත්තුව දාද්දි එකතු කරන මිරිස් හොද්දෙ රස ටිකක් අවුල් එක තමයි. ඒත් පුංචි දීසියකට වෙනමම එන මිරිස් හොද්දත් එක්ක තන්දුරි චිකන් කෑල්ලක් රස බලද්දි නම් මරේ මරු.

කොත්තු, ලසඤ්ඤා කාලා ඉවර වේගෙන එනකොට වගේ තමයි අපි ඉල්ලපු ජූස් දෙක මේසෙට ආවෙ. ෂහ්, ටොප් බඩු ඈ… ඇවකාඩෝ නම් අන්න ඇවකාඩෝ කිව්වලු. හොඳට ඉදිච්ච අලිපේර ගෙඩි දෙකක් විතර දාලා හදපු ජූස් එකේ සීනි, ලුණු එහෙමත් අහල දැම්මා වගේ නියම ගානට තියෙනව. ඝනකමට තියෙන නිසා තලු මර මර බොන්න පුළුවන්. හැරත්, බඩත් හොඳ හැටි පිරෙනවනෙ.

යාළුව කියපු විදියට නම් මික්ස් ෆෘට් එකේ අන්නාසි රස ටිකක් වැඩියිලු. ඒත් සමස්තයක් විදියට ගත්තාම ඒකත් පට්ට ජූස් එකක් කිව්වෙ.

උගුර ළඟට එනකම්ම කාලා ඉඳපු නිසා අපි දෙන්නා කතා වෙලා එක ඩෙසට් එකයි ගෙන්න ගත්තෙ, චොකලට් මූස් එකක්(රු. 180). අායෙ මොනවද ඉතින් ලැවනියා බේකර්ස් එකේ අනිත් කෑම වගේම තමයි ඩෙසට් එකත්. චොකලට් රසයෙන් අනූන මේ මූස් එකේ මෘදු ගතිය නිසා, රස නහර පිනා යන අමුතුම ගතියක් තියෙන්නෙ. එතකොට ලොකු බරක් නැති නිසා හිතේ හැටියට කන්නත් පුළුවන්. අනික දෙන්නෙක්ට ඇති වෙන්න තියෙනවත් එක්කනෙ.

කොහොම හරි තියෙන කෑදරකම දෙපිටින් යනකම්ම එක එක කෑම ජාති රස බලපු යාලුවයි මායි විනාඩි 10ක් 15ක් කාපු තැන්වලම වැටිලා හිටියෙ වැල කාපු කිඹුල්ලු දෙන්නෙක් වගේ. යනව තියා හෙල්ලෙන්නවත් බෑ. සේවක මිත්‍රයොත් වතුර එහෙම ගෙනැල්ලා දීලා හෙන සපෝට් එක. ඇත්තටම ලැවනියා එක 11ට වැහුවෙ නැත්නම් තවත් ඉන්න ගානට තමයි අපි දෙන්න හිටියෙ. ඒත් අමතක කළේ නෑ, දෙසැම්බර් පඩිය ආපු ගමන් ආයෙත් රිංගනව ඕක ඇතුළට. රිංගල කනව කෑමක්… කලින් කන්න බැරි වෙච්ච ඒවයෙ ඇරියසුත් අල්ලල.


TIP

Their Chinese menu is superb!

Address

No. 04, Pannipitiya Road, Battaramulla.

Directions

It's right at the junction of Palam Thuna traffic-lights, onto your left.

Contacts

E-Mail Website

Report Inaccuracy
Similar Places

User Reviews
A
1

4/5

0

Asiri

Very good place with quality foods. Specially indian.

N
1

5/5

0

Nadeeka Jayasundera

Wonderful service and tasty food for a reasonable price.

Avatar for Johnathan Damien
1

5/5

0

Johnathan Damien

The place looks fabulous, the food is tasty and i got a personalized food order. Really satisfied

A
1

4/5

0

Asiri

Very good place with quality foods. Specially indian.

N
1

5/5

0

Nadeeka Jayasundera

Wonderful service and tasty food for a reasonable price.

Avatar for Johnathan Damien
1

5/5

0

Johnathan Damien

The place looks fabulous, the food is tasty and i got a personalized food order. Really satisfied

See 5 Comments