Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Le Papillon

No. 21A, Sir Ernest De Silva Mawatha, Colombo 7.


A multi cuisine restaurant serving some dope waffles and coffee.



පහුගිය දවසක අපි ගියා නේ කොල්ලුපිටියේ මල් පාරේ (ෆ්ලවර් රෝඩ්) එකේ අලුතෙන් ම දාපු මේන්ලන්ඩ් චයිනා චයිනීස් රෙස්ටෝරන්ට් එකට. ඔන්න ඔය ගමන ගිහින් ආයේ ඔෆිස් එකට එද්දී, අපට මීටර් වුණා තවත් වැඩක්. ඒ තමයි ඊට පොඩ්ඩක් මෙහාපැත්තේ තියෙන අලුත් ම රෙස්ටෝරන්ට් එකක්. මේකේ නම Le Papillon. ඇත්තම කිව්වොත් Le Papillon බුටික් හොටෙල් එකේ රෙස්ටෝරන්ට් එක තමයි මේ. හොටෙල් එකේ නවතින්න එන අයට වගේ ම, පිටින් එන කස්ටමර්ස්ලටත් මේ රෙස්ටෝරන්ට් එක විවෘතයි. ඉතින් මේ කියන්න යන්නේ මේ රෙස්ටෝරන්ට් එක පැත්තේ ගිය දිනිතිගෙයි මගෙයි අත්දැකීම.

තැන

Le Papillon එක තියෙන්නෙත් කොළඹ 7, ෆ්ලවර් රෝඩ් එකේමයි. කොටින් ම කිව්වොත් කොළඹ මැද්දේ තියෙන රෙස්ටෝරන්ට් එකක්ද කියලා හිතාගන්නවත් බැහැ. ඒ තරම් නිස්කලංක වටපිටාවක් තිබුණේ. කිසිම කලබල ගතියක් නැහැ. ගස්වැල් හොඳට වවලා, ඉඩකඩත් ඇති තරම්. ඒ වගේ ම ඉස්තරම් ම විදියට සුවපහසුවත් සලස්වලා තියෙනවා. මොඩර්න් ටයිප් එකේ ගෙදරක් රෙස්ටෝරන්ට් එකකට හරවපු බවක් තමයි දැකගන්න තියෙන්නේ.

කෑම බීම

විශේෂයක් කියලා වර්ගීකරණයක් කරන්න බැරි වුණත්, නා නා මාදිලියේ කෑම වර්ග කීපයක් මේ කට්ටියගේ මෙනුවේ තියෙනවා. රෝස්ට් පෝර්ක්, ෆ්‍රයිඩ් රයිස්, ග්‍රිල්ඩ් චිකන්; ඒ අතරින් කීපයක්. බීමට ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ කෝපි. ඒ හැරුණා ම තව තියෙනවා මොක්ටේල් සහ ජූස් වගේ දේවල්.

අපි කෑම වේල පටන්ගත්තේ Lentil Prawn Vadai (රු.500) එකකින්. දන්නා සිංහලෙන් කියනවනම් මේ ඉස්සෝ වඩේ. මේවා මේ ලස්සනට පෙනුමට තිබුණට, ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේ කිට්ටුවෙන්වත් තියන්න බැහැ. මොකද මේ වඩේවල පරිප්පු මික්ස්චර් එක පොඩි කරලා වැඩියි. ඒක නිසා ඒ පරිප්පු මික්ස්චර් එක බැටර් එකක් වගේ වෙලා. පොඩි පරිප්පු ඇටයක්වත් හැපෙන්නේ නැති ගානයි. කටු අයින් කරපු ඉස්සෙක් මේ හැම වඩේ එකේම තිබුණා. ඒත් වඩේ 3කට රු.500ක් කියන්නේ තරමක් වැඩියි කියලයි අපේ හැඟීම නම්.

අපි ගත්ත Spicy Fried Rice (රු.950) එක පෙනුමන් නාසිගුරන් එකක් වගේ. නමේ තියෙන විදියට ම ගොඩක් ස්පයිසි. හෑස් හූස් ගගා කන්න කැමති අයට හොඳට ගැලපෙනවා. හැබැයි තෙල් ගතියත් ගොඩක් වැඩියි. බත ස්ටිකි ගතියට තිබුණෙත් මේකේ මේ තෙල් ගතිය වැඩි නිසයි. මොනවා වුණත් දෙන්නෙක්ට බෙදාගෙන කන්න පුළුවන් සයිස් එකට මේකේ බත් තිබුණා.

අපේ කෑම වේලේ තරුව වුණේ මෙන්න මේ Blueberries and Butterscotch (රු.950) වොෆල් එක. කිව්වට විශ්වාස කරන්න, මේක තමයි මම දැනට කාලා තියෙන හොඳ ම වොෆල් එක. යටින් ම තියෙන්නේ ක්‍රිස්පි ගතියට තියෙන වොෆල් එක. ඊට උඩින් විපින්ග් ක්‍රීම් තට්ටුවක්. ඊටපස්සේ ඒක වැහෙන්න බ්ලූබෙරි ගෙඩි තොගයක්. ඔය සේරට ම උඩින් බටර්ස්කොච් සෝස් එකකුත් වත් කරලා. කන්නද අප්පේ බැරි! අනික අපට කන්න ලැබිලා තියෙන ගොඩක් වොෆල්ස්වලට විපින් ක්‍රීම් ඩිංගක් දැම්මත් ඇති, පෙඟෙන්න ගන්නවනේ. මේක එහෙම නෑ. ෆ්‍රෙෂ්, ක්‍රිස්පි ගතිය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. වොෆල් බැටර් එක සුපිරියට ම හදල තියෙන වග තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. ඉතින් විපින් ක්‍රීම්, බටර්ස්කොච් සෝස්වල පැණි රසයි, බ්ලූබෙරිවල ඇඹුල් රසයි එකතු වෙලා බැලන්ස් වෙද්දී මරේ මරු!

ඩෙසර්ට් එකට අපි ගත්තේ Caramel Tart (රු.650) එකක්. මේක නම් ෂේප්. සාමාන්‍යයෙන් ටාර්ට් එකක තියෙන්න ඕනේ බිස්කට් බේස් එක මේකේ තිබුණේ නැහැ. චොකලට් රස තදට තිබුණට, කැරමල්වල පැණි රසට ඒක වැහිලා යන ගතියක් තමයි අපට තේරුණේ.

බීමට දිනිති ගත්තේ Hazelnut Cappuccino (රු.300). ඒක තමයි ඔය වම් පැත්තේ තියෙන්නේ. හොඳට කෝපි රසයි, කිරි රසයි බැලන්ස් වෙලා තිබුණු මේ කැපුචිනෝ එක අපි බිව්වේ හරි ආසාවෙන්. මොකද රු.300ක් වගේ ගාණකට මේ වගේ ලොකු රෙස්ටෝරන්ට් එකකින් මේ තරම් රස කැපුචිනෝ එකක් ලැබෙනවා කියන්නේ ගොඩක් හොඳයි. අනික හේසල්නට් ෆ්ලෙවර් එකෙන් කෝපිවල රස නැති වෙලා ගියෙත් නැහැනේ.

මම ගත්ත Cafe Mocha (රු.375) එකත් ගොඩක් හොඳයි. ඇත්තට ම මේක බොන්න සීනි ඕනෙත් නැහැ. මොකද සීනිවලින් වෙන්න ඕනේ රාජකාරිය චොකලට්වලින් සහ කැරමල්වලින් ඉෂ්ට වෙනවා. මේකත් උකු ගතියට තිබුණු ස්මූත් කෝපි එකක්.

සර්විස් එක

මෙතැන වැඩට ඉන්න අය ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. අපේ කෑම බීම සේරම මේසෙට ආවේ විනාඩි 15-20ක් වගේ ඇතුළත. අනික අපේ රසට ගැලපෙන කෑම බීම තෝරගන්න ස්ටාෆ් එකේ අයගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා.

අවසාන වශයෙන්

ඇත්තට ම දවල්ටත් වඩා මේ තැන හැන්දෑවට වගේ හුඟක් ලස්සන ඇති කියලයි අපට හිතුණේ. මොකද හරි “හෝමි” වාතාවරණයක් මෙතැනදී දැකගන්න පුළුවන්නේ. කොළඹ හතේ තියෙන බුටික් හොටෙල් එකක රෙස්ටෝරන්ට් එකක් නිසා ඒ ගණන් හිලව්වල වැඩියක් තියෙනවා කියලා කියන්නත් අමාරුයි. හැබැයි එයාලගේ මේන් කෝර්සස්වලට මීට වඩා සැලකිල්ලක් දෙන්න පුළුවන් නම් හොදයි කියලා අපි හිතනවා.


TIP

They serve some delicious waffles and great coffee.

Address

No. 21A, Sir Ernest De Silva Mawatha, Colombo 7.

Directions

The location on Gmaps is wrong. It's located on

Contacts

Instagram Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Asian Sri Lankan Fast Food Fusion

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Rice Waffles Coffee Bites

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments