Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

4/5

LeeSH

245, High Level Road, Jambugasmulla, Nugegoda


A charming little sandwich bar owned by the loveliest couple with delicious food.



ලීෂ් කියන්නේ නුගේගොඩ තියෙන පුංචි සැන්ඩ්විච් බාර්/මිනිමාර්ට් එකක්.

නුගේගොඩ නගරයේ වීදි දිගේ හොඳ කෑම තියෙන තැනක් හොයාගෙන යද්දි අපට ලීෂ් කියන පුංචි සැන්ඩ්විච් බාර් එක හමු වුණා. පුදුමෙ තමයි මේක තියෙන්නේ අපේ අළුත් ප්‍රියතම බත් කඩේ, ඒ කියන්නේ බෝ සෙවණට හරියටම ඉස්සරහ පැත්තේ. මේ අපූරු පුංචි අවන්හල හොඳට වායුසමනය කරලා තියෙනවා. ඒ වගේම ඒක හරිම පිරිසිදුයි. ඒක කරගෙන යන්නේ ඔයාලට හමුවිය හැකි හොඳම ජොඩුව. එයාලා දරුවනුත් එක්ක  ජීවත් වෙන්නේ අවන්හලේ ඉහළ මලයේ. ඔයාලට සමහරවිට එයාල සෙල්ලම් කරන සද්දෙත් ඇහෙයි.

ලීෂ් එකේ තියෙන හොඳ දේ තමයි ඒක සැන්ඩ්විච් බාර් එකක් විතරක් නෙවෙයි, මිනිමාර්ට් එකකුත් වීම. එයලා ගෙවල්වලට අත්‍යවශ්‍ය නූඩ්ල්ස්, බිත්තර, කිරි, රෙදි හෝදන කුඩු සහ ෂැම්පෝ වගේ දේවල් මෙහි විකිණීමට තියලා තියෙනවා. එයාලට Wi-Fi එහෙමත් තියෙනවා. හරිම සුවපහසු තැනක්.

ආපසු කෑම ගැන කතා කරමු. අපි චිකන් මිනි සබ් එකක් කෑව. (රුපියල් 250යි) ටෙරියාකි බර්ගර් එකක් රුපියල් 220යි. චිකන් මායො සැන්ඩ්විච් ඔන් බ්‍රවුන් බ්‍රෙඩ් එකක් රුපියල් 210යි. එයාලා කෑම හදන්නේ අපේ ඇස් ඉදිරිපිටම, කවුන්ටරයට පිටිපස්සෙන් තියෙන ග්‍රිල් එකේ.  මස් මේ තරම් නැවුම් හා සෞඛ්‍යසම්පන්න විදියට රස දැනෙන්නේ ඒ නිසාම වෙන්නැති.

අපේ කෑම හදනකන් බලාගෙන ඉන්න අතර (ඒකට විනාඩි 10ක් විතර ගියා.) අපි හිතුවා එයාලගේ ස්වීට් ලැසී එකක් කන්න. ඒක හරිම පැණි රසයි. මුදවපු කිරියි පැණියි පුදුමාකාර රසකින් යුතුව එකතු කරලා තිබුණා. මට මගේ එක ඉවර කරන්න බැරි උණේ පැණි රස වැඩි හින්දයි. ඒත් ඉන්දිනම් එයාගේ එක ඔක්කොම කෑවා.

චිකන් මිනි සබ් එක හරිම හොඳයි. සෝස් සහ සුදුළූණු පදමට සමබර කරලා තිබුණා. එයාලා ලෝභ නැතුව චිකන් දාල තිබුණා. ටෙරියාකි බර්ගර් එක නියමයි. ඒකෙ තිබුණෙ මායෝ සහ ටෙරියාකි රස යාන්තමින්. බනිස් පලු දෙක අතරේ ක්‍රිස්පි චිකන් කෑල්ල තදයි වගේම තෙල් බේරෙනවා. චිකන් මායෝ සැන්ඩ්විච් එක තරමක් හොඳයි. මගේ සෞඛ්‍ය ගැනත් හිතලා මම මෙහෙදි කෑවේ ඒක සැහැල්ලු, සෞඛ්‍යසම්පන්න වගේම රසවත් දිවා ආහරයක් වෙයි කියල හිතලා. ඒක හරියටම මම බලාපොරොත්තු උණා වගේම වුණා. චිකනුයි, සලාදයයි, මායො එක්ක ගොටුකොළ සහ තක්කලි. ඒක හරිම සෞඛ්‍යසම්පන්නයි.

කෙටියෙන් කියනවනම් එයාලා ළඟ Wi-Fi තියෙනවා. බ්‍රවුන් බ්‍රෙඩ්, බ්‍රව්නීස්, ක්‍රීම් සෝඩා ෆ්ලෝට්ස්, අයිස්ඩ් කොෆී සහ පැනිම පැණි රස ස්වීට් ලැසීත් තියෙනවා. ලීෂ් වැඩට යන අය අතර හරිම ජනප්‍රියයි. ගොඩක් අය එන්නේ වැඩ ඉවර වෙලා හවස 5-7 අතර. මොනවා හරි හපලා ගෙදරට ඕනෙ කරන දේවලුත් අරන් යන්න. මෙන්න ලීෂ් එකට යමුගෙන් සුබ පැතුම්.

TIP

Try their burgers and brownies, if available.
All Reviews

A great spot for some delicious burgers in Nugegoda.

Exploring the streets of Nugegoda in search of good food, we stumbled upon a charming little sandwich bar, Leesh.

සිංහල වෙන කඩ ගැන කතා කරද්දී... අපි ඉස්සෙල්ලම කතා කරන්නෙ ඒ කඩේ ඇතුලත පිටත අලංකරණය, සුවපහසුව වගේ දේවල් වුණාට, ‘ලීෂ්’ එක ගැන කතාකරද්දි නම්, කොයිදේ තිබ්බත් යාළු ඒ සිනාමුසු මුහුණයි, සුහද පිළිගැනීමයි... කොච්චරවත් ඉස්සරහින් ම තමයි!

සිංහල හිතන්නකො ඇඟිල්ලක් විතර මහත චිකන්වලින් අනූන පැටි එකක් රස පදමට බැදලා ඊට උඩින් හැම් පෙති 2කුයි චීස් පෙති 2කුයි එලලා ලූණු, තක්කාලි, සලාද අඩුම කුඩුම ටික දාලා ගත්තාම. මස් රසත් එක්ක යන චීස් රස නිසා..

සිංහල ලීශ් කියන්නේ නුගේගොඩ පැත්තේ ගිය වෙලාවට අනිවාර්යෙන් ම ගොඩ වෙන්න ඕනේ තැන්වලින් එකක්.

සිංහල ලීෂ් එකට කවුරු කොහොම ගියත් නිරන්තරයෙන් ලැබෙන ලෙන්ගතු සේවාව නම් කාගෙකාගෙත් හිත් ඇදගන්නවා විශ්වාසයි.

සිංහල නුගේගොඩ නගරයේ වීදි දිගේ හොඳ කෑම තියෙන තැනක් හොයාගෙන යද්දි අපට ලීෂ් කියන පුංචි සැන්ඩ්විච් බාර් එක හමු වුණා. පුදුමෙ තමයි මේක තියෙන්නේ අපේ අළුත් ප්‍රියතම බත් කඩේ, ඒ කියන්නේ බෝ සෙවණට හරියටම ඉස්සරහ පැත්තේ. මේ අපූරු පුංචි අවන්හල හොඳට වායුසමනය කරලා තියෙනවා. ඒ වගේම ඒක හරිම පිරිසිදුයි. ඒක කරගෙන යන්නේ ඔයාලට හමුවිය හැකි හොඳම ජොඩුව. එයාලා දරුවනුත් එක්ක ජීවත් වෙන්නේ අවන්හලේ ඉහළ මලයේ. ඔයාලට සමහරවිට එයාල සෙල්ලම් කරන සද්දෙත් ඇහෙයි.

Address

245, High Level Road, Jambugasmulla, Nugegoda

Directions

Just opposite Bo Sevana on Jambugasmulla Road.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
Avatar for Dinithi
1

4/5

Dinithi YAMU STAFF

Rated 4/5

D
1

4/5

0

DG18

Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.

Avatar for Dinithi
1

4/5

Dinithi YAMU STAFF

Rated 4/5

D
1

4/5

0

DG18

Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.

J
1

4/5

0

JanithDeZoysa

I go to this shop at least once a week because my school is near this shop! They food is pretty awesome, clean and tasty. The place is cool and fresh and a very nice place to just relax and grab a bite! The owners are really sweet and have a smile all the time! Hate the fact that it's closed most of the times now!!

See 35 Comments