245, High Level Road, Jambugasmulla, Nugegoda
Open until 08:30 PM
A charming little sandwich bar owned by the loveliest couple with delicious food.
“ඔයා ආසම තැනට යං ඒ”
“ඇත්තටමද කියන්නේ..?”
“ඔව් අනේ. අද ඔයා අරහෙ ගියාම එන්නෙත් ආයෙ සතියකින්නෙ. ඒ නිසා අපි අද ම එතනට යමු”
“හ්ම්ම්… ෂෝයි අනේ”
නිතර ආවා ගියාට මොකෝ. ඇවිත් යන දවසට එයාව සතුටින් තියන එක මගේ යුතුකමනෙ. ඒ නිසා ඔන්න හැමදාම වගේ, ඊයෙත් මම ප්ලෑන් කළා එයා පිටත්වෙන්න කලින්.. ආසම කඩේට එක්කගෙන ගිහින් ආසම කෑම අරන් දෙන්න. ප්ලෑන් කරලා… දඩිබිඩියට ඇඳුමකුත් දාගෙන උදෙන් ම ගෙදරින් ඇද්දෙ එයා මගදි දුන්න කෝල් එකේ ටයිම් බලල.
‘අපෝ ඇති. මට පැය බාගයයිනෙ යන්නෙ’ සනික බස් එකට ගොඩවුණු මම පන්නිපිටියෙන් 138කටත් නැගලයි ආපහු කෝල් එකක් ගත්තෙ.
“කොයි ඉන්නෙ?”
“දෙහිවලින් බහින්න අයියෙ යන්නෙ. මම වීල් එකක් අරගෙන එන්නම්. ඔයා කොහෙද?”
“ආ… මම මහරගම. එන්නකො එන්නකො, වීල් එකක් අරගෙන. කෙලින්ම කඩේට එන්න..”
“හා!”
ඒ කියල ෆෝන් එක තියද්දි බස් එක නාවින්නත් පහුකරලා කියන්නකො. වෙලාවට එයාට කඩේට ම එන්න කිව්වෙ. කොහොම හරි ඉතින් වටපිට දෙපාරක් බලද්දි නුගේගොඩින් බහින්නත් ටයිම් හරි. කෝකටත් කියල මම නුගේගොඩට කලින් හංදියෙන් බැහැගත්තෙ. මොකද එතනින් ‘ලීෂ්’ එකට ළඟයිනෙ. කොටින්ම පාර පනින්න විතරයි!
දෙයියන්ගෙ නාමෙන්!
පාර මෙපිට තියා ම පොඩි එබිකම් පාරක් දාපු මට දැකගන්න ලැබුණෙ කඩේ ඇරල තියෙනව. ආයෙ එච්චරයිනෙ වෙන්න ඕන. අඩියට දෙකට පාර පැනපු මම කෙළින්ම කඩේ ඇතුළෙ. ම්ම්.. මොකද කරන්නේ… සප්‍රායිස් සීන් එකකටත් එක්ක එයා කැමතිම දේවල් ඕඩර් කරනවද..?
ටිකක් කල්පනා කරපු මම හිතුවා ඒක හොඳ අදහසක් කියල. හිතලා දැම්මා ඕඩරේ, ට්‍රිපල් ඩෙකර් චීස් බර්ගර් එකයි, ටූනා පනිනි එකයි, ටූනා සැන්ඩ්විච් එකයි. දාලා බොන්න ගත්තා අයිස් මයිලෝ එකකුයි මිල්ක් කොෆි එකකුයිත්. අරගෙන ඇවිත් වාඩි වෙද්දිම, මෙන්න සුදා දොර ළඟ.
කොහෙ සප්‍රයිස්ද ඉතින්. කමක් නෑ ඔන්න ඔහෙ ආපු ගමන් කන්න නැති එකේ, කඩේ සැරසිලි ටිකවත් බලබල කියවන්නෙ නැතෑ. මොකද ලීෂ් එකේ කෑම වගේම ඉන්ටීයර් එකත් හරිම ලස්සනයිනෙ. කාට වුණත් කම්මැලි නෑ. පොඩි පොඩි ස්ටැචූ, ෆොටෝස්, පෝස්ටර්ස් අනම්මනම් විනෝද වැඩ කෝටියයි. ඊටත් ටීවී එකක් එහෙමත් දාලා නිසා පාළුවක් ඇත්තෙම නෑ. හැරත් ඒ අතරට අපේ කතා බහත් එකතු වුණානෙ.
ඕඩරේ දාලා ඉතින් විනාඩි 8, 10 යද්දි ඕන් එනව සුවඳ. හ්ම්ම්… කෑම ටික ලෑස්තියි වගේ?
ෆුල් නිදහසේ තිබ්බ කඩේ, අයිනක්ම අල්ල මම වාඩිවුණේ ආපු ගමන් දෙසව දෙසිල්ලක්…
කොහෙද, ආපු ගමන්.. අපේ උන්දැගෙ ෆොටෝ ගැහිල්ලනෙ. සෙල්ෆි, එක විමානයයි. කමක් නෑ, හැමදාම නෑනෙ කියල ඔන්න මමත් දෙක තුනකට පෙනී හිටියා. ඉඳල තමයි කෑම පටන් ගත්තෙ.
සැහ්! පිස්සු ආ…
ලීෂ් එකේ කෑම නම් එදා වගේමයි. වැඩේ කියන්නෙ මේ අලුතෙන් ආපු ට්‍රිපල් ඩෙකර් එක ඊටත් එහානෙ. එක කටයි කෑවෙ මට නිකම්, හිතාගන්න බෑ
අවංකයෙන්ම මාරයි අප්පා!
හිතන්නකො ඇඟිල්ලක් විතර මහත චිකන්වලින් අනූන පැටි එකක් රස පදමට බැදලා ඊට උඩින් හැම් පෙති 2කුයි චීස් පෙති 2කුයි එලලා ලූණු, තක්කාලි, සලාද අඩුම කුඩුම ටික දාලා ගත්තාම. මස් රසත් එක්ක යන චීස් රස නිසා.. කියල විස්තර කරන්න බැරි ගාණයි. අනික ඒ එක්ක අයිස් මයිලෝ උගුරක් දෙකකුත් බහිද්දී…
සත්තයි පළවෙනි කටෙන් පටන් ගත්තු පාර කටවල් තුන හතරට බර්ගර් එකෙන් බාගයක්ම ඉවර කරලයි ඕන් මම ඔළුව ඉස්සුවෙ. එහෙම ඔළුව උස්සද්දි..
අරයත් මට දෙවනි වෙලා නෑ කියන්නකො. පනිනි එකේ කෑලි 4යි තිබ්බෙ. ඒකෙන් 2ක් ඉවර කරලා 3වෙනි එක අතේ.
“ඒ! මටත් කටක් කවන්නකො, රස බලන්න” යාන්තම් ඉල්ලල කටක් කාගත්තෙ අවංකයෙන් ම රස බලන්න. හැබැයි කෑවට පස්සෙ නම් හිතුනා බර්ගර් බාගෙ එයාට දීලා අනිත් පනිනි කෑල්ල ඉල්ල ගන්න. මොකද ඒකත් එච්චරටම රසයි. ෆුල් ෆ්‍රෙෂ් ම ටූනා, ආයෙ දෙකක් නෑ ඒකෙ. ටූනා එක්ක තක්කාලි, ලූණු, ලුණු, ගම්මිරිස් පදමට එකතු කරලා චීස් පෙත්තකුත් තියලා නිසා පනිනි එකේ රස ඩබල්. ඊටත් ඒක නියම පදමට ටෝස්ට් වෙලත් එක්කනෙ.
කොහොම හරි ටෝක් කරලා අන්තිම පනිනි කෑල්ල රස බලන අතරට ඔන්න ගෙනියන්න ගත්ත ටූනා සැන්ඩ්විච් එකත් මේසෙ උඩ. මොන ගෙනියැවිලිද කියල දෙන්න ඒකත් ලිහාගත්ත කියන්නකො කන්න. ආයෙ ඇරපු අතක් නෑ පනිනි මොකෝ සැන්ඩ්විච් මොකෝ කියල.. ටූනා සැන්ඩ්විච් එකත් නොම්මර එකටම. පංකාදු පහයි! අපි වැඩියෙන්ම ආස වුණේ ඒකෙ තිබ්බ ෆ්‍රෙෂ් ටූනා රසට. ඒ විතරක් නෙවෙයි, ඒකටත් නියම ගාණට ලූණු, තක්කාලි, ලුණු, ගම්මිරිස් දාලා. හැබැයි චීස් නම් දාලාද කියල හොයා ගන්න බෑ. ඒත් ෂුවර් ෂොට් එකට කිව්වහැකි බටර් ගාලා තියෙනව රස පදමට.
වැඩේ කියන්නෙ, බටර් ගාලා තිබ්බ වගේ නෙවෙයි.. කාලා ඉවර වෙද්දි.
ඉස්මුරුත්තාව අප්පේ ඉස්මුරුත්තාව. යන්න තියා නැගිටගන්නවත් බෑ. කරන්න දෙයක් නැතිම තැන, ලත් තැන ලොප් කියන්න වගේ විනාඩි 10, 15ක කතාවකුත් දාලාමයි යාන්තම් අඩියක් උස්ස ගත්තෙ කඩෙන් එළියට බහින්න කියල.
“ඒ.. අයෙත් එනකොට නම් ඔන්න ටයිම් තියල එමු හොඳේ. පේනවනෙ හදිස්සියට යන්න බලාගෙන කෑවාම. දැන් ඉතින් බස් එකේ..
හිටගෙන නින්ද යන්නෙ ඈ, හිටගෙන. ඕ…”
A great spot for some delicious burgers in Nugegoda.
Exploring the streets of Nugegoda in search of good food, we stumbled upon a charming little sandwich bar, Leesh.
සිංහල වෙන කඩ ගැන කතා කරද්දී... අපි ඉස්සෙල්ලම කතා කරන්නෙ ඒ කඩේ ඇතුලත පිටත අලංකරණය, සුවපහසුව වගේ දේවල් වුණාට, ‘ලීෂ්’ එක ගැන කතාකරද්දි නම්, කොයිදේ තිබ්බත් යාළු ඒ සිනාමුසු මුහුණයි, සුහද පිළිගැනීමයි... කොච්චරවත් ඉස්සරහින් ම තමයි!
සිංහල හිතන්නකො ඇඟිල්ලක් විතර මහත චිකන්වලින් අනූන පැටි එකක් රස පදමට බැදලා ඊට උඩින් හැම් පෙති 2කුයි චීස් පෙති 2කුයි එලලා ලූණු, තක්කාලි, සලාද අඩුම කුඩුම ටික දාලා ගත්තාම. මස් රසත් එක්ක යන චීස් රස නිසා..
සිංහල ලීශ් කියන්නේ නුගේගොඩ පැත්තේ ගිය වෙලාවට අනිවාර්යෙන් ම ගොඩ වෙන්න ඕනේ තැන්වලින් එකක්.
සිංහල ලීෂ් එකට කවුරු කොහොම ගියත් නිරන්තරයෙන් ලැබෙන ලෙන්ගතු සේවාව නම් කාගෙකාගෙත් හිත් ඇදගන්නවා විශ්වාසයි.
සිංහල නුගේගොඩ නගරයේ වීදි දිගේ හොඳ කෑම තියෙන තැනක් හොයාගෙන යද්දි අපට ලීෂ් කියන පුංචි සැන්ඩ්විච් බාර් එක හමු වුණා. පුදුමෙ තමයි මේක තියෙන්නේ අපේ අළුත් ප්‍රියතම බත් කඩේ, ඒ කියන්නේ බෝ සෙවණට හරියටම ඉස්සරහ පැත්තේ. මේ අපූරු පුංචි අවන්හල හොඳට වායුසමනය කරලා තියෙනවා. ඒ වගේම ඒක හරිම පිරිසිදුයි. ඒක කරගෙන යන්නේ ඔයාලට හමුවිය හැකි හොඳම ජොඩුව. එයාලා දරුවනුත් එක්ක ජීවත් වෙන්නේ අවන්හලේ ඉහළ මලයේ. ඔයාලට සමහරවිට එයාල සෙල්ලම් කරන සද්දෙත් ඇහෙයි.
Address
245, High Level Road, Jambugasmulla, Nugegoda
Directions
Just opposite Bo Sevana on Jambugasmulla Road.
Contacts
Report InaccuracyOpen until 08:30 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
A rice & curry spot down Hospital Road, Kalubowila.
Calm & cool place to have a great Sri Lankan,…
4/5
Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.
4/5
I go to this shop at least once a week because my school is near this shop! They food is pretty awesome, clean and tasty. The place is cool and fresh and a very nice place to just relax and grab a bite! The owners are really sweet and have a smile all the time! Hate the fact that it's closed most of the times now!!
Of course they are the sweetest couple you'll ever meet. I used to be a regular customer of them when I was living around there starting from the very beginning. Yeap foods are great
I just went there for lunch after seeing this on my FB feed. Awesome joint, awesome food, great couple. I've even told them I'll put a comment here. My office is near Nugegoda. There is nothing much here, so glad to see this. If they maintain this level, I'll be a regular customer.
Try their Chef's Salad… I'm a huge salad fan & a salad would be the first thing i try-out when finding a newby… and i tell you, that was the most awsome, yummiest salad i've tasted so far. It was simply a heaven-on-a-plate when it comes to salad-land!
It's the freshest food you can eat in town. Plus your money's worth.
The place is Air conditioned and very clean.
Has WIFI… Yesssss…
Well in my point of view everyone should come to this place it's nice and calm place to be plus it's relaxing cos the theme is green colour.
Very friendly couple who run this place is really give you a good service plus they are also really kind and sweet people also you can really enjoy your food.
This is like home away from home for me.
Hope everyone comes here and also from what you have read so far I hope I gave a clear idea about this place.
With Best Regards
Sahan
Thank you so much for the lovely reviews and feedback.
We are so Delighted that your experience with us@ LeeSH was so positive.
Thank you for your visit and hope we see you again soon !!!
**** ****
Thumbs up to Leesh. I heartily recommend it to anyone looking for a good sandwich in Nugegoda. I was amazed at how clean and sparkling the place was and the pleasant atmosphere and service. This combined with the prices make it a winner.
If you can find parking, yes a lovely place to eat and do some grocery shopping at the same time.
Very good place. I live close by and patronize this place. They have a really good chicken teriyaki burger. Very good. Only negative is they don't have any pork dishes.
Dear LeeSH Owners ("THE Sweet Couple!!) . Pl comment on "it's closed most of the time…" and
"….negative is they don't have any pork dishes…."
Ravi
Food is fresh, worth for the money you pay.And I happen to love the homely ambiance. Keep it up guys!
Yummy sandwiches and value for money. I had chicken teriyaki burger and he toasted chicken sandwich was grilled to perfection. Brown bread sandwich was very good. All in all, we give it a rating of 8/10
We visited this place today and to be honest their food is worth for money. Custom care is also awesome. Nice, clean place
As of May, 2016 how is this place? Is Leesh still maintaining the standards it was known for?
Went there recently. Very friendly customer service. Opted for combo 1 and true their burgers are delicious. I couldn't even finish it because it is filled with lot of cheese n meat. I will give 5 stars for rating.
It was, It is and It will be the best Sandwich Bar in SL… Will visit again, again, again and again…
excellant place for a quick snack and worth the price of their sandwiches and burgers.Good vustomer service by the couple as well and loved their hot tea.They continue to maintain the standerds
4/5
Dinithi YAMU STAFF
Rated 4/5
5/5
ifntvinz
Rated 5/5
4/5
DG18
Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.