Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

LeeSH

245, High Level Road, Jambugasmulla, Nugegoda


A charming little sandwich bar owned by the loveliest couple with delicious food.



ගිනි මද්දහනෙ ටවුමක ඇවිදිනව කියන එක තරම් අමාරු වැඩක් නෑ මේ දවස්වල. ඒත් ඉතින් මොනව කරන්නද, ආපු වැඩේ කර ගන්නත් එපැයි. නුගේගොඩ හංදියෙන් හයිලෙවල් පාරෙ මහරගම පැත්තට හැරුණ මම උස ගොඩනැගිලිවල හෙවනැල්ලට මුවා වෙවී තමයි 'ග්ලිට්ස්' එකට ගියේ. අවාසනාවට මට හිත ගියපු ෂර්ට් එකක් ඒකෙත් තිබුණෙ නෑ. උදේ ඉඳන් ඇවිදල ඇවිදල ඇඳුම් හොයපු මට මහන්සියටත් උඩින් ආපු බඩගින්නක් හොඳට ම දැනෙනව. බඩට මොනව හරි දාගෙන ම ඉතිරි ටික ඇවිදිනව කියල හිතපු මට ආපහු හැරිල වැඩි දුරක් එන්න වුණේ නෑ. ලා කොළ පාට තේමාවකින් හැඩවුනු ලස්සන පුංචි කඩයක් මගේ දකුණු අත පැත්තෙ හමුවුණා.

දැක්ක ගමන් ම ගොඩවෙන්න හිතෙන මේ කඩේ නම 'ලීෂ්'. ඉස්සරහ වීදුරු බිත්තිවලින් හදල තියෙන නිසා කඩේ ඇතුලෙ චාම්, පිළිවෙල ගතිය එළියට හොඳට පේනවා. ඇතුලත භෝජනාගාරෙත්, කැෂියර් එකත්, මුළුතැන් ගෙයත් තියෙන්නෙ හරි අපූරුවට කළමනාකරණය කරපු පොඩි ඉඩක. සාමාන්‍ය තරමේ වායුසමනය කිරීමකුත් තියෙන නිසා හොඳ සුවපහසුවට ඉඳගෙන කෑම කන්න පුළුවන්. කඩේට එන එකඑක විදියේ පාරිභෝගිකයන්ට හරියන විදියට තමයි මේස පුටු ටික දාලා තියෙන්නෙ. හදිස්සියට එන අයට උස බංකු එක්ක බිත්තියට හයි කරපු ලෑලි මේසෙ ඉඳන් කන්න පුළුවන්. ඒ හැරුණාම යුවලක් වගේ ආවොත් පොඩි කතා බහකුත් දාගෙන ම කෑම රස බලන්නයි යාළුවො සෙට් එකක් වගේ ආවොත් ලොකු කතා බහක් දාගෙන ම කෑම රස බලන්නයි පුළුවන් වෙන්න හොඳ සුවපහසු ලී මේස පුටු ටිකකුත් දාලා තියෙනවා.

කඩේට ඇතුල්වෙන තැන ම තමයි මුළුතැන් ගෙය තියෙන්නෙ. ඒ නිසා අපි ඉල්ලන කෑම හැදෙන විදිය අපිට බලන් ඉන්න පුළුවන්. පොදුවේ ගත්තාම ඇතුලත නිර්මාණකරනයේ ජපන් ආභාෂයක් තිබුණත් බිත්ති වල තියෙන ලා කොළ, සුදු පාට නිසා පොඩි යුරෝපීය ගතියකුත් එකතු වෙලා තියෙනවා. කඩේ ලස්සන කියකිය හිටියට ලීෂ් එකේ තියෙන කෑම ගැන ඔයාලට කියන්න බැරි වුනානෙ. බර්ගර්වලින් පටන් ගත්තාම හොට්ඩෝග්ස්, සබ්මැරීන්, සැන්ඩ්විචස් වගේ කෑම ජාතියි අයිස් කෝපි, අයිස් මයිලෝ, ස්වාභාවික පළතුරු යුෂ වගේ බීම ජාතියි තමයි මෙතන තියෙන්නෙ.

මම ලීෂ් එකට යද්දි ටිකක් දවල් වෙලා තිබුණ නිසා සබ්මැරීන් නම් ඉවර වෙලා. මොනව කරන්නද ඉතින් මම ටෙරියාකි චිකන් බර්ගර් එකකුයි (රු. 500) ටූනා, චීස් කොම්බො එකකුයි (රු. 550) ඇණවුම් කලා. බොන්න නම් ගත්තෙ මට හුරු පුරුදු අයිස් කෝපි වීදුරුවක් (රු. 100) තමයි. කෑම කන එකටත් වැඩිය ආස හිතෙන්නෙ කෑම හදන විදිය බලන් ඉන්න. මේ කඩේ කරන්නෙ නෝනයි මහත්තයයි නිසා හරිම ලෙන්ගතු විදියට වැඩේ යනව. නෝන ඉන්නෙ කැෂියර් එකේ මහත්තයගෙ අතින් තමයි කෑම හැදෙන්නෙ.

එයාලගෙ මුළුතැන්ගෙය පුංචි වුනාට අවශ්‍යකරන හැම දෙයක් ම වගේ අතේ දුරින් තියෙනව. ලිපේ තියෙන පෑන් එකේ මගේ ටෙරියාකි චිකන් ටික හැදෙන අතරෙ මේසෙ ලෑල්ල උඩ තියෙන දෙපළු බනිස් ගෙඩි දෙක මැද්දට සලාද කොළ, හීනියට ලියපු ළූණු ඊට පස්සෙ තක්කාලි පෙති, චීස් පෙති එක උඩ එක වැටෙන හැටි මම බලන් හිටියෙ හරිම ආසාවෙන්. එක බනිස් ගෙඩියක චීස් පෙත්තට උඩින් මාළු පේස්ට් ඇතිරෙද්දි අනිත් බනිස් ගෙඩියෙ සලාද කොල, චීස් පෙති වැහෙන තරමට ටෙරියාකි චිකන් කෑලි තොගයක් වැටුණා. ඒක බලන් ඉඳපු මගේ බඩගින්න දෙගුණ තෙගුණ වෙලා. ඔය අතරෙ තමයි කාටත් හොරෙන් අයිනෙ ලිපේ බැදි බැදී තිබුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික ටූනා, චීස් බර්ගර් පිඟානට වැටුණෙ. තව නම් බලන් ඉන්න බෑ. දඩබඩ ගාලා ආපහු හැරුණ මම භෝජනාගාරෙ අයිනකට වෙන්න තිබුණු හොඳ සුව පහසු පුටුවක් අල්ලල වාඩි වුනේ කෑම ටික මේසෙට එද්දි ම වැඩේ දෙන්න හිතාගෙන.

ටූනා කොම්බො එකත් එක්ක මේසෙට ආපු අයිස් කෝපි එක තමයි මම මුලින්ම අතට ගත්තෙ. බර්ගර් එකේ රස බලන්න කලින් තිබහ යන්නත් එක්ක අයිස් කෝපි උගුරක් බොන්න එපැයි. ෂහ්, කියල වැඩක් නෑ. උදේ ඉඳන් අව්වෙ කට්ට කාපු මගේ මහන්සිය කොහේ ගියාද නෑ. අයිස් කෝපි එකක තියෙන්න ඕන උපරිම ප්‍රමිතිය ලීෂ් අයිස් කෝපි එකේ තියෙනව කියල මට වගකීමෙන් කියන්න පුළුවන්. සීතලත් ගාණට. වැඩි හරියක්ම  ආස හිතෙන්නෙ අඩු කිරි රසට පදමට ගැලපිලා එන තද කෝපි රසට තමයි. ඒත් මම බැලුවෙ මගෙන් අහන්නෙත් නැතුව මගේ දිවේ ගාණටම සීනි එකතු වුනේ කොහොමද කියල. හරි පුදුමයි. ඒත් ඇත්තයි.

ටූනා බර්ගර් එකේ රස ගැන කියන්න කලින් කියන්න ඕන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල නම් ලුණු ගතිය ටිකක් මදි. හැබැයි ඉතින් ඒ අඩුව දැනෙන්නෙවත් නැති තරමට ටූනා බර්ගර් එක රසයි. ටිකක් ඝන කමට ඇතිරුණු මාළු පේස්ට් එකේ මාළු රසට එකතු වුනු බටර් රසයි ඒකටම ගැලපෙන චීස් පෙත්තෙ රසයි තමයි රස නහර පිස්සු වට්ටන්නෙ. සැර ගතියක් නැති වුනත් ඒ අඩුව නොදැනෙන්න එකතු කරපු ළූණු කෑල්ලක් හැපෙද්දි නම් බර්ගර් එකෙ රස දෙගුණ තෙගුණ වෙනව. තව මාළු පේස්ට් ටිකක් මැද්දට වැටිල තිබුණ නම් තමයි බර්ගර් එක මරේ මරු වෙන්නෙ.

ඔය අතරෙම වගේ මම ටෙරියාකි චිකන් බර්ගර් එකෙනුත් පොඩි කෑල්ලක් රස බැලුවා. කොහෙ කන්නද, ඒ තරමට චිකන්නෙ. එක කටක් කද්දි දෙපැත්තෙන් චිකන් කෑලි එළියට එන තරම්. වෙලාවට බර්ගර් එක මැද්දට ටූත් පික් එකක් ගහල තිබුණෙ. උණු උණුවෙ දුම් දාන ලොකු චිකන් කෑලි වලින් එන රසටත් වඩා සුවඳ තමයි ඇඟට දැනෙන්නෙ. ඇත්ත ම කියන්න එපැයි. ටෙරියාකි චිකන් එකේ ලාවටම එන අමු මස් රසට පදමට එකතු වෙලා තිබුණ ටෙරියාකි සෝස් නිසා ලංකාවෙ අපිට හුරු පුරුදු තුනපහ රසට ගොඩක් ලඟින් යන රසක් තමයි චිකන් එකෙන් එන්නෙ.  

බර්ගර් රසට පිස්සු වැටිච්ච දිව හිතුමතේ බර්ගර් දෙක මාරුවෙන් මාරුවට කෑවත් ඉවර කර ගන්න නම් බැරිවුනා. කොහාම වුනත් කලින්ම ඉවර වුණ අයිස් කෝපි එක වෙනුවට නම් අන්තිම වෙද්දි මං ලඟ තිබුනෙ සීතල වතුර බෝතලයක් තමයි.

ලීෂ් එකට කවුරු කොහොම ගියත් නිරන්තරයෙන් ලැබෙන ලෙන්ගතු සේවාව නම් කාගෙකාගෙත් හිත් ඇදගන්නවා විශ්වාසයි. බර්ගර් වල මිල ගණන් නම් පොඩ්ඩක් විතර වැඩියි කියල තමයි මට නම් හිතෙන්නෙ. ඒ වුනාට ඔය ලොකු ලොකු තැන්වලට ගියාම වටේ පිටාවෙ මේස ටිකෙන් ඇහෙන කන්කරච්චලේ නැතුව නිදහසේ බර්ගර් එකක රස බලන්න නම් ලීෂ් එක කියාපු තැනක්.


TIP

Try their burgers and brownies, if available.
All Reviews

A great spot for some delicious burgers in Nugegoda.

Exploring the streets of Nugegoda in search of good food, we stumbled upon a charming little sandwich bar, Leesh.

සිංහල හිතන්නකො ඇඟිල්ලක් විතර මහත චිකන්වලින් අනූන පැටි එකක් රස පදමට බැදලා ඊට උඩින් හැම් පෙති 2කුයි චීස් පෙති 2කුයි එලලා ලූණු, තක්කාලි, සලාද අඩුම කුඩුම ටික දාලා ගත්තාම. මස් රසත් එක්ක යන චීස් රස නිසා..

සිංහල ලීශ් කියන්නේ නුගේගොඩ පැත්තේ ගිය වෙලාවට අනිවාර්යෙන් ම ගොඩ වෙන්න ඕනේ තැන්වලින් එකක්.

සිංහල ලීෂ් එකට කවුරු කොහොම ගියත් නිරන්තරයෙන් ලැබෙන ලෙන්ගතු සේවාව නම් කාගෙකාගෙත් හිත් ඇදගන්නවා විශ්වාසයි.

සිංහල නුගේගොඩ නගරයේ වීදි දිගේ හොඳ කෑම තියෙන තැනක් හොයාගෙන යද්දි අපට ලීෂ් කියන පුංචි සැන්ඩ්විච් බාර් එක හමු වුණා. පුදුමෙ තමයි මේක තියෙන්නේ අපේ අළුත් ප්‍රියතම බත් කඩේ, ඒ කියන්නේ බෝ සෙවණට හරියටම ඉස්සරහ පැත්තේ. මේ අපූරු පුංචි අවන්හල හොඳට වායුසමනය කරලා තියෙනවා. ඒ වගේම ඒක හරිම පිරිසිදුයි. ඒක කරගෙන යන්නේ ඔයාලට හමුවිය හැකි හොඳම ජොඩුව. එයාලා දරුවනුත් එක්ක ජීවත් වෙන්නේ අවන්හලේ ඉහළ මලයේ. ඔයාලට සමහරවිට එයාල සෙල්ලම් කරන සද්දෙත් ඇහෙයි.

Address

245, High Level Road, Jambugasmulla, Nugegoda

Directions

Just opposite Bo Sevana on Jambugasmulla Road.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open until 02:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
Avatar for Dinithi
1

4/5

Dinithi YAMU STAFF

Rated 4/5

D
1

4/5

0

DG18

Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.

Avatar for Dinithi
1

4/5

Dinithi YAMU STAFF

Rated 4/5

D
1

4/5

0

DG18

Lovely place. I had the chicken teriyaki burger and an ice coffee. The burger was simply out of this world. The chicken was grilled to perfection and the right amount of sauces held the burger together. The bread was soft and warm, unlike other sandwich places where the bread is almost cardboard-like.
The place is so clean and the place is well-kept. The owner's are very sweet and obliging.
I definitely recommend it if you're in Nugegoda and you're looking for a bite.

J
1

4/5

0

JanithDeZoysa

I go to this shop at least once a week because my school is near this shop! They food is pretty awesome, clean and tasty. The place is cool and fresh and a very nice place to just relax and grab a bite! The owners are really sweet and have a smile all the time! Hate the fact that it's closed most of the times now!!

See 35 Comments