No.823 /C Kaduwela Rd, Malabe
Closed right now
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
‘බඩේ ගින්දරේ බැරුවා’..
වුනත්, තියෙන වැඩ ටික අහවරයක් කරල එපැයි යන දිහාක යන්න!
ඒත්.. වැඩේ වුනේ, එහෙම යද්දි ඔ්ං කඩේ වහලා කියන්නෙ.
“දැං කාපංකො පරිප්පුව”.
ඊටත් අහල බැලින්නම් “මහත්තය 5ටනෙ ආයෙ අරින්නෙ”
‘දැං ඉතින් මොනව කරන්නද?’
කියල කල්පනා කරපු මම සනිකවම ෆෝන් එක අරගෙන බැලුවා වෙලාව.
“හෑ.. හරිනෙ ඉතින්. මං දවල්ට කන්න ඇවිල්ල තියෙන්නෙ 4.30ටනෙ.
ම්.. ඔන්න ඔහෙ මොකක්හරි කඩයක් දෙකක් පැත්තෙ රවුමක් ගහලා, මේ පැය බාගෙත් ඇරලම එනවා” කියලා, ඒ පාර බැස්සා පාරට. බැහැලා.. ගියා ගියාමයි යාළු කොහේ ගියාද කියල මටත් මීටර් නෑ. කොහොමහරි බඩගින්න මතක්වෙලා ආයෙ වෙලාව බලද්දි ඔන්න 6ටත් කිට්ටුයි.
ආයෙ හාවක් හූවක් නෑ ඉතින්.. ගත් පයට කෙලින්ම ‘ලෙමන්ග්රාස් එකට..’
ගොඩවෙලා ‘බ්රාස්..’ ගාලා ඇද්දා පුටුවක්. ‘සරස්’ ගාලා මල්ල තිබ්බා බිමින්. තියලා ඒ එක්කම වගේ ලඟට ඇවිල්ල ඉඳපු සේවක මල්ලි දුන්න මෙනුව පෙරලුවා ‘ටහ්.. ටහ්.. ටහ්’ ගාලා. (ඒක අර හාඩ්බෝඩ් වලින් හදපු එකක්.) ඒ පෙරලල ඔලුවට දාගත්ත කෑම අතරින්, ඔ්ඩරේ.. මෂ්රූම් මසාලා තෝසෙ එකයි (රු. 460), චිකන් බිරියානියයි (රු. 620), නාන් බකට් එකයි (රු. 700), මට්න් චෙට්ටිනාඩ් එකයි (රු. 1060).
දැං ඔයාලා බලයි මම තනියම කන්නද බොලේ මෙච්චර ඔ්ඩර් කලේ කියලා.
නෑ එහෙම නෙවෙයි, අර අතරමග පැය බාගෙදි මට ආපු කෝල් එකකින්, චවනෙ බැහැලා මගේ යාළුවෙකුත් සෙට්වුනානෙ කෑමට එන්න! ඉතින් ඒකා එනකම් මොකටද කියලා මම, මට කැමති දේවල් ඔ්ඩර් කලා ඒකාටත් කන්න, හී..
ඔ්ඩරෙන් පස්සෙ නම් ඒ හැටි වෙලාවක් ගියේ නෑ. බලාගෙන ඉඳිද්දිම වගේ ආවා බිරියානිය මේසෙට. ඊට විනාඩි 10කට විතර පස්සෙ අනිත් සියල්ලයි, යාළුවයිත් එතනටම. ම්.. ඒ පටන් ගත්ත පටන් ගැනිල්ලෙ අවසානය, පිඟන් හෝදපු ගානට ආයෙ. මොකද බිරියානියෙ එහෙම මුලදි චිකන් පේන්න නැතුව තිබ්බට, බෙදාගනිද්දි..
හප්පේ.. මටම කෑලි 4ක්. යාළුවටත් 3ක්ද කොහෙද. ඊටත් රස! ෂැහ්, පංකාදු පහයි කියන්නේ.. බිරියානි, මසාලා කුලුබඩු අඩුම කුඩුම විතරක් නෙවෙයි, රස, සුවඳ පදමට තියෙන්න ස්ටොක්, කුරුඳු, එනසාල්, කරාබු අඩුම කුඩුම ටිකත් නූලටම. හිතන්නකො ඒකට අර මීකරි සම්බෝලයයි, චිකන් හොදියිත්.. බතත් කීරි සම්බා හාලෙන්. ඔක්කොමත් හරි චිකන් ටිකට කුළුබඩු පදම අල්ලලා, ගානටම තැම්බිලා..
ඊට පස්සෙ නාන් බකට් එක! මේ තිබ්බා මේ නෑ..
කිව්වවට විශ්වාස කරන්න ඒ බකට් එකේ නාන් ජාති 4කින් පොඩි පොඩි කෑලි 16ක්. බටර් නාන්, ගාලික් නාන්, තව සූදුරු දාපු නාන් එකක් තිබ්බා, ආයෙ ප්ලේන් නාන්ද කොහෙද? කොහොමහරි හොඳ ගම්මිරිස් පදමකුයි, මසාලා කූලුබඩු අඩු නැතුව, කිරි, බටර් වලින් උයපු මට්න් චෙට්ටිනාද් එකත් එක්ක..
හප්පේ.. දෙන්නා හායි හූයි කිය කිය..
බොරු කියන්න ඔ්න නෑනෙ. සත්තයි, මල් හතයි.. නොම්මර එකේ මට්න් එක ඈ.. මොන විදියට හදලද නම් දන්නෙ නෑ. ඒත්.. මට්න් කෑලි වලටත් අඩු නැතුවම රස පදම අල්ලලා..
ඒකත් එහෙමම ගිලලා දාලා.. මෂ්රූම් තෝසෙ එක අතට ගත්තට ඇත්තටම දෙන්නට වගකීමක් ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ. ඒත් අර උණු උණුවෙ රස බලන්න ඔ්න නිසා පොඩි කෑලි දෙකක් කඩාගෙන සාම්බාර්, සම්බල් එක්ක..
එක කටයි කෑවේ…
ගී රස පදමට.. ලූණු, අමු මිරිස්, ලංකාවෙ හතු, කෑලි මිරිස්, ගමමිරිස් එක්ක තව මොනවහරි මසාලා රස අඩුම කුඩුමත් දාලා, තෙල් දාපු හතු මිශ්රණයක්..
ගී ලාවට දාලා හදපු පේපර් තෝසෙ එකක් මැද්දට..
ආයෙ මුකුත් අහන්න එපා යාළු, හුස්ම ගන්න බෑ ඉස්මුරුත්තාවට..
‘ගුඩුස් ගුඩුස්’ ගාලා එන්නෙ උඩට. ඒ නිසා හොඳම වැඩේ ඔයාලා යන්න ‘රුං..’ ගාලා මාලඹේට. ගිහින් කන්න ‘සර බරස්, හායි හූයි’ ගාලා ටොප් ඉන්ඩියන් ෆුඩ්..
තොගේට!
ආහ්.. කියන්න බැරිවුනා. මෙයාලාගෙම කෙනෙක් හදන වටලප්පම..
දෙයියනේ කියල ලෝභ නැතුව බිත්තර දාලා තියෙනව. පැණි රස නම් අරගෙන තියෙන්නෙ සීනි ටිකක් වැඩි කරලා. හැබැයි වෙලාවෙ හැටියට ඩෙසට් එකකට මරේ මරු.
Closed right now
Cuisine
Indian North Indian South Indian
Price Range
Dish Types
Noodles Seafood Kottu Biriyani Fried Rice Chicken Tandoori Fried Chicken Mutton Fish Crab Cuttlefish Dosa Naan Parata Roti
Ratings Breakdown
Superb place to have a delicious Jaffna, Sri Lankan style…
Navro Beach is one of the most popular restaurants in Panadura…
Delete Comment