Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Little Adam's Peak (Ella)

Off Namunukula Road, Ella

  • Open 24 hours


Little Adam's Peak in Ella offers splendid views and a not-too-hard trek. There's a secondary peak a little way off which is even better.



ඇල්ල නගරයෙහි සිට නමුණුකුල වෙත යන මාර්ගයෙහි කිලෝමීටරයකට ආසන්න දුරක් ගමන් කල පසුව පුංචි ශ්‍රී පාද කන්දෙහි පිවිසුම් මං පෙත මුණ ගැසේ. බණ්ඩාරවෙල නගරයෙහි සිට කුඹල්වෙල, ඇල්ල හරහා නමුණුකුල වෙත ධාවනය වන බස් රථ සේවාවකින් මෙම මාර්ගය සමන්විත වුවද ඒවා ධාවනය වනුයේ ආසන්න වශයෙන් අඩ පැයකට වරක් පමණ වේ. සංචාරක පාරාදීසයක් වන ඇල්ල නගරය තුල වසර පුරාවටම පාහේ මුණ ගැසෙන සංචාරකයින් අතුරින් බොහෝමයක් දෙනා පුංචි ශ්‍රී පාද කන්ද තරණය කිරීමට යෙදෙනුයේ පාගමනින් වීමද සුවිශේෂී කරුණකි.

පිහිටීම

භූමි මට්ටමෙහි සිට උස අඩි 185කට ආසන්න පුංචි ශ්‍රී පාද කඳු මුදුන වෙත ඇල්ල නගරයෙහි සිට ඇත්තේ කිලෝමීටර 2ක පමණ දුරකි. ප්‍රධාන මාර්ගයෙන් දකුණු පසට හැරී ගමන් කිරීමට ඇති කොන්ක්‍රීට් ඇතිරූ තරමක් පටු මාර්ගය ඔස්සේ කිලෝමීටරයක පමණ පාගමනකින් අනතුරුව පුංචි ශ්‍රී පාද කඳු මුදුන වෙත ලඟා විය හැකිය. කන්ද නැගීම අරඹන ස්ථානයෙහි එනම් අවසාන මීටර 300ක පමණ දුර ගමන් කිරීම සඳහා පියගැට පෙළකින් සමන්විත සෘජු කෙටි මාර්ගයක්ද වක්‍රාකාර වන ගත අඩි පාරක්ද ඇත.

පුංචි ශ්‍රී පාදය ලෙසින් හැඳින්වුවද, මුදුනට නැගි පසුව මෙය තනි කන්දක් නොව කඳු මුදුන් 5කින් සමන්විත කඳු පන්තියක් බැව් දැක ගත හැකිය. ප්‍රධාන කඳු මුදුනින් බැස 'මාන' පඳුරු මධ්‍යෙය් වැටී ඇති අඩි පාර ඔස්සේ දෙවන කඳු මුදුනටත් එතැන් සිට මාන පඳුරු ගහන, වැසී නොවැසී ඇති අඩි පාර ඔස්සේ තරමක් අසීරු පාගමනකින් අනතුරුව අවසාන කඳු මුදුනටත් පැමිණිය හැකිය. මෙම අවසාන කඳු මුදුනෙහි සිට පහත බැලූ කල්හි අංශක 180ක පමණ පුළුල් දෘශ්‍ය පථයක් ඔස්සේ ඇල්ල කපොල්ල දිස්වේ. තවද රාවණා ඇල්ල නමින් හඳුන් වන බඹරගම ඇල්ලෙහි ඉහල, ඇරඹුම් දිය පහරෙහි සිට ඇල්ල කපොල්ල ඔස්සේ ගලා ගොස් වනය තුල සැඟව යන අයුරුද මැනවින් දැක බලා ගත හැකිය.

පුංචි ශ්‍රී පාද ප්‍රධාන කඳු මුදුනට ඉදිරි පසින් දිස්වනුයේ 'ඇල්ල ගල' කන්දයි. ඇල්ල ගල කන්දෙහි ඉදිරි පස බෑවුම ඔස්සේ පහළට නෙත් යොමා ගෙන පැමිණි කල්හි බෑවුම මධ්‍යෙය් තරමක් වම් පසට වන්නට රාවණා ගුහාව පිහිටා ඇති ස්ථානයද දැක ගත හැකිය.

දේශගුණය

වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන නිරිත දිග මෝසම් වර්ෂා කාලය තුලත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා වන අන්තර් මෝසම් වර්ෂා කාලය තුලත් පුංචි ශ්‍රී පාද කඳු මුදුන තරණය කිරීම එතරම්ම සුදුසු කරුණක් නොවන්නේ මිහිදුමෙන් වැසුණු කඳු මුදුන වෙත කුළුදුල් හිරු කිරණ පතිත වෙමින් මවන්නාවූ අතිශය රමණීය දර්ශණයෙහි පහස වැසි වලාවන් නිසාවෙන් ඔබ හට අහිමි වීමට ඉඩ ඇති නිසාවෙනි.

විශේෂත්වය

පුංචි ශ්‍රී පාද කන්ද 'ශ්‍රී පාද' යන නාමය කැටුව නම් පටබැඳීමෙහිලා බුදුරජාණන් වහන්සේගේ කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම කඳු ගැටය සැබෑ ශ්‍රි පාද කන්දෙහි ආකෘතිකමය ස්වාභාවයට බොහෝ දුරට සමාන බැවින් මෙම නාමය ලැබී ඇත. මෑත ඉතිහාසය තුල පුංචි ශ්‍රී පාදය ලෙසින් ප්‍රසිද්ධියට වුවද මෙම කඳු ගැටයට අවුරුදු 6000කටත් එපිට වූ ඉතිහාසයක් ඇති බැව් ඇල්ල ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහ ඉතිහාස පර්යේශකයකුද මා සමඟ පැවසුවේය. එනම් මෙම කන්ද සතුව ඇති තුඩු මුදුන එකල යක්ෂ ගෝත්‍රික හෙළයා සූර්ය වන්දනාව කිරීමට භාවිතා කළ බැව් යන්නය.

කෙසේ වුවද මෙම කඳු මුදුනෙහි සිරි නැරඹීටම පැමිණෙන බොහෝමයක් දෙනා මග දෙපස විසි කර දැමූ අපද්‍රව්‍ය, මං පෙතක් මත එලූ පලසක් ලෙසින් දිස් වීම දෙනෙතට කඳුළු ගෙනෙන කරුණකි.


TIP

This needn't be told, but please don't litter. Also, go before daybreak.

Address

Off Namunukula Road, Ella

Directions

The access road is 1 km from the Ella town on Namunukula Road. From there, it's another 1 km to the peak on that road.

Report Inaccuracy

Open 24 hours

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

A very beautiful and a lovely walk into the heights of Ella city.

Avatar for dpolwatte
2

4/5

0

dpolwatte

A very beautiful and a lovely walk into the heights of Ella city.

See 5 Comments