Artwork for Sampath Top - June

5/5

Podi Hoona - The Little Gecko Luxury Campsite, Yala National Park

Yala National Park, Kirinda - Sithulpawwa road, Thissamaharamaya


An incredibly beautiful luxury campsite which is a treat for eco-lovers, birdwatchers, and people who enjoy genuine rusticity.



“ඒ… උඹ දැක්කැයි අර අළුත් පොට් එක. නිමලව ඔෆිස් එකෙන් ටිකක් ඇතුළට වෙන්න දාලා තියෙන්නෙ?”

හොඳම ‘වයිල්ඩ් ලයිප් ප්‍රෙන්ඩ්’ කෙනෙක් එක්ක කාලෙකින් සෙට් වුණ වෙලාවෙ, ඇදුණා පොඩි කතාබහක්!

“නෑනෙ බං. මං ඒ පැත්තට කාලෙකින් යැවුණේ නෑ. මොකක්ද සීන් එක”

“අඩෝ සුප්ප ප්ලේස් එක බං. තනිකරම ලක්ෂරි කෑම්පින්ග් තියෙන්නෙ. හැබැයි ලෝකල්ස්ලට රු. 4000යි කියාන්කො ෆුල් බෝඩ් එක. වැඩේ කියන්නෙ සෙට් එකේ 4 දෙනෙක් හරි ඊට වැඩි නම් හරි එක්කෙනෙක්ගෙ ගාණ වෙන්නෙ රු. 3500යි. ඒකත් සෆාරියක් දාගත්තොත් උපරිම රු. 5000ක් වෙයි.”

“න්නෑ... ඒ කොහෙද බං ඒ. යකෝ බංගලෝ බුකිමක් දැම්මත් ඊට වැඩිය යනවනෙ බං. සෙනික මට ලොකේෂන් එක ෂෙයා කරපන්”

එදා සූර් වෙන්න ගහල ගෙදර ගියාට මොකද පහුවෙනිදා උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් මගෙ ඔළුවට ආවෙ යාල, ‘පොඩි හූනව’. මාසෙ පඩිය ආපු ගමන් කොහොම හරි රෝලක් ගහල, රවුමක් දාන්න යන්නෝනි. ඇයි හත්ඉලව්වෙ, රු. 4500ට ලක්ෂරි කෑම්පින්ග් හම්බුවෙනවයැ ලංකාවෙ කොහේවත්. හැරත් සෆාරියක් එක්කම.

කොහොම කොහොමින් හරි පහුගිය පඩිය අල්ලල මායි අර යාළුවයිම ප්ලෑන් කලා ‘පොඩි හූනා’ එකේ නයිටක් ගහන්න යන්න. සිකුරාදා දවසක් අල්ල තමයි අපි කොළඹින් පිටත් වුණේ. දන්නැද්ද ඉතින්, යන එක සැපට යන්න ඕනය කියල අපි කල්තියාම කතරගම සුපර් ලයින් බස් එකක් බුක් කළා. අනික ඒවා පැය 4ට 4 1/2ට යනවත් එක්කනෙ.

උදේ 7ට මහරගමින් බස් එකට නැගපු අපි තිස්සෙන් බහිද්දි වෙලාව 12ට කිට්ටුයි. එතන ඉඳන් කිරින්ද බස් එකෙත් අදාළ ප්ලේස් එකට යන්නත් පුළුවන්. හැබැයි අපේ බෑග්වල සයිස් එකයි බරයි එක්ක අපි කල්පනා කළා වීල් එකක අදින්න. මොකද බස් එකේ ගියත් ප්‍රධාන පාරෙන් බැහැල කැළේ ඇතුළට කිලෝමීටරයක් විතර යන්න වෙනවනෙ. ඒකත් අවුලක් නෑ, ගිණි මද්දහනෙ පයින් යන එකනෙ අවුල.

පොඩි හූනා එකේ අයිය කිව්ව විදියටම අපි නිමලව, ඔෆිස් එක පහුවෙද්දි කෝල් එකක් දුන්න, මොකද හරියට පාර අහගන්න එපැයි. වෙලාවට වීල් එකේ අයියත් ප්ලේස් එක ගැන ලාවට දැනගෙන හිටියෙ. ඒත් ඉතින් රැලි ගොඩැලි පිරිච්ච පාරෙ, හැටට හැටේ නම් නෝ ගමන්! එහෙන් මෙහෙන් වෙට්ටු දදා වළවල්, පස් කණ්ඩි පහුකර කර හෙමින් සැරේ තමයි අපි අදාළ ස්ථානයට කිට්ටු කළේ. හැරත් දෙපැත්තෙම ලන්ද නිසා… අලි නාම්බෙක් හෙම කඩාගෙන පැන්නත් පේන්නෙ නෑනෙ. සෑහෙන්න විපරමෙන් තමයි මායි යාළුවයිත් හිටියෙ.

දෙයියනේ කියල විනාඩි 10ට 15ට වගේ කෑම්ප් සයිට් එකට එන්න පුලුවන් වෙච්ච එක ගැන නම් කාට කාටත් සන්තෝසයි. ඊටත්, හිතේ පුංචි හරි බයක් තිබ්බ නම් ‘පොඩි හූනා’ එකේ සුජී අයිය දෙන පිළිගැනීම දැක්කාම ඒ ඔක්කොම ඉවරයි. ඇත්තටම ඒක නම් පිස්සු ඈ… ලස්සන හිනාවක් එක්ක! පොඩි කතා බහක් දාලා. එතකොට, දවල් කෑමට මොනවද? තේකක් බොනවද? සැහ්, අවංකයෙන්ම මරු. ඒ විතරක් නෙවෙයි, අපේ ටෙන්ට් එකට එක්කගෙන ගිහිල්ල, සියල්ල විස්තර කරල දීලා…

“මල්ලි එහෙනං වොෂ් එකක් දාගෙන එන්නකො. දවල් කෑමත් ලෑස්තියි. කැමති නං තේකක් බීලම කන්නත් පුළුවන්.”

“හරි අයියෙ, අපි එන්නං. හ්ම්… තේ නං ඕන නෑ. කෙලින්ම කෑම කමු. උදේට කෑවෙත් නෑනෙ හරියට.”

බෑග් ටික ටෙන්ට් කාමරේ මුල්ලකින් තිබ්බ අපි ඉස්සෙල්ලාම කලේ ෆුල් රවුමක් ගහපු එක.

“ඒ උඹට ෂුවර්ද බං මේක රු. 3500යි. බලපංකො පුල් සැපනෙ. යකෝ බාත්රෑම් එකත් කොමඩ් අල්ලල, ෂවර් දාලා ලෙසටම තියනවනෙ බං.”

කියන ගමන් මම නිකමට වගේ ඇඳට බර වුණා…

කිව්වට විශ්වාස කරන්න යාළු ඒක නම්… ස්ප්‍රින්ග් මෙට්ට දාලා වගේ, බම්ප් වෙනව කියන්නකො. මට හිතෙන්නෙ අපිට සෙට් වෙලා තියෙන්නෙ, සයිට් එකේ හොඳම ටෙන්ට් එකද මන්දා.

යාළුවා මූණ කට හෝදගෙන ආවට පස්සෙ මාත් ෆුල් ඇඟ සේදුම් පාරක් දැම්ම. දාලා, ෂෝටයි බාටයි දාගෙන එළියට බැස්සෙ වට පිටාවෙ පොඩි රවුමකුත් ගහගෙනම කෑමට යන්න කියල.

කටු පඳුරු එකට ගැට ගහල ආරුක්කු බිත්ති වගේ සෙට් වෙන්න හදල තියෙන පොඩි අඩි පාරවල් දිගේ අපි මුළු සයිට් එකේම කරක් ගැහුවා. එතකොට තමයි දැක්කෙ තව ලොකු ටෙන්ට් එකකුයි පොඩි ටෙන්ට් එකකුයිත් තියෙනව. ලොකු එකත් අපේ එක වගේම සුවපහසුයි. හැබැයි ඒකෙ නම් 10, 12කට වුණත් ඉඩ තියෙනව. ඒ විතරක් නෙවෙයි එක තැනක් තියෙනව තනිකර පඳුරට පිහිටල තියෙන්නෙ, කුඩයක් වගේ. භාවනා කරන්න හදපු තැනක් වගේ. මොකද හතර වටින්ම වට වෙලා, හොඳ හැටියට හෙවණ වෙලා, ගිණි මද්දහනෙත් එතන කූල් කියන්නකො.

“ඒ කන්න යං කන්න යං. බලපංකො කුස්සිය පැත්තෙන් එන සුවඳ. පිස්සු හැදෙනව ඈ.... ඔන්න මම නං කනව බඩ පැළෙන්න. මොනව තිබ්බත් කරන්න දෙයක් නෑ, කනව. අනික සුජී අයිය මොනව හිතුවත් කරන්න දෙයක් නෑ, ඒත් කනව!”

“ආයෙත් අහල, උඹ කනකොට මම නොකා ඉන්නයැ. මාත් ඉතින්!”

අර කිව්වත් වගේ දෙන්න ගිහින් මේසෙට වාඩි වුනා විතරයි මතක. ෂප්පේ… බත් එක දැක්කාම පිස්සු හැදුණා. සෝයා එකක් හදල තිබ්බ, ඒක නම්… අනේ මංදා මම මුලින් හිතුවෙ මස් කියල. මිරිස් තුනපහ රසින් විතරක් නෙවෙයි අමුතු ශ්‍රී ලංකන් චයිනීස් රසකුත් එකතු වෙලා පංකාදු පහයි. ආ… එතකොට මෑකරල් එක! හම්මේ… ඒකම ඇති බත් ටික කන්න. ඇයි අප්පේ… ගමේ රහ කියන්නෙ, කාපු අය දන්නව ඇති ඔය හේනෙ පැළේ කෑම. අන්න ඒ වගේ. කොටින්ම කියනව නම් සුජී අයියගෙ පරිප්පු එකත් පංකාදුයි යාළු!

මගෙ මතකෙ හැටියට 3 පාරක් වගේ බත් බෙදා ගත්ත. ඊට පස්සෙ කෙලින්ම එළිමහන් රංග පීඨයට. ගස්වල මුල්, අතු එකතු හොඳට පොලිෂ් කරල අරගෙන හදල තිබ්බ ලී සෝපා එකේ මම පොඩ්ඩක් ඇල වුණා. යාළුවත් එහා පැත්තෙ තිබ්බ සිංහාසනෙන් පොඩි ඇලට් එකක් ගහගත්තෙ හැන්දෑවෙ බර්ඩ් වොචින්ග් වැඩේට යන්න තව පැයක් හමාරක් ඉතුරු වෙලා තිබ්බ නිසා. හැබැයි ඉතින් එ් විදියට ගොඩ වෙලාවක් නම් ඉන්න ලැබුණේ නෑ. මොකද සුජී අයිය වැඩ ටික ඉවර කරල ආවනෙ පෙඩි චැට් එකක් දාන්න.

ටිකෙන් ටික කතා බහ වයිල්ඩ් ලයිෆ් පැත්තට බර වෙලා. එතකොට කියන්නකො දැන ගත්තෙ සුජී අයිය සුපිරි නැචුරලිස්ට් කෙනෙක් කියල. ඒ විතරක් නෙවෙයි තද චිත්‍ර කාරයෙකුත් එක්ක. කැළේ කොළේ ගැන රස බර කතා එක පේළියට. හැන්දෑවෙ 5ටත් කිට්ටුවෙලා අපි දන්නෙත් නෑ.

“මල්ලි යං වැව පැත්තට. දැන් කුරුල්ලො සෙට් එකක් බැහැල ඇති පැහැදිලිවම.”

අයිය එයාගෙ ගයිඩ් බුක් ටිකත් අරගෙන ලෑස්ති වුණා. මගේ යාළුවත් බයින එක බෙල්ලෙ දාගත්තෙ සනික යමු කියන්න වගේ. මම ඉතින් කැමරාමන්නෙ!

වැව් ඉස්මත්තට වෙලා හිතේ හැටියට කුරුල්ලො බලපු අපි ඇඳිරි වැටෙන්න කලින් ආපහු ආවෙ, අලි නාම්බෙක්වත් මුරිච්චි වුනොත් කියල. ආපු ගැම්මටම මම සුපුරුදු එළිමහන් ප්ලේස් එකේ. සුජී අයිය තේ එකක් හදන්න කියල ගිය අතරට යාළුවයි මායි ගිණි මැලය ඇවිලුව. අවුලල පෙර සූදානම් ඇතිව ගෙනාපු අරක්කු බෝතලෙත් මේසෙට ගෙනාවා. තේ බීලා ඉතින් පොඩි වොෂ් එකක් එහෙම දාගෙන තමයි අපි වැඩේට බැස්සෙ. වැඩේ කියන්නෙ ඒ එන ඩිංගට අයිය සොසේජස් බයිට් එකකුත් ලෑස්ති කරල කියන්නකො.

සුරාවත් එක්ක එන මිතුදම අතරෙ 3දෙනාම බර සාකච්ඡාවෙ. තම තමන්ගෙ රසබර ජීවන අත්දැකීම් එක්ක තව ගොඩක් දේවල් කථා වේදිකාවෙ. තරු පිරිච්ච අහසයි බස්සන්ගෙ හම්... සද්දයයි අතරට පොඩි හරි වෙනසක් කලේ ඉඳල හිටල නැගෙන කුංඡනාදයක් තමයි.

“නයිට් සෆාරි යන පාරනෙ මල්ලි. අලි එමටයි. ගොඩක් වෙලාවට රෑ මද්දහනෙ පන්නල ගියොත් කොටියත් ෂුවර්. වළහ තමයි ටිකක් අමාරු බලන්න. හ්ම්ම්...”

මතකෙ හැටියට අපි රෑ කෑම මේසෙට වාඩි වෙද්දි 11ත් පහු. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, ඒකට නම් දවල් කෑම වේලත් පරාදයි. කොටින්ම කියනව නම් මීට් බෝල්ස් කරියක් තිබ්බ, නිකම් මට්න් කරියක් වගේ.

“චැහ්! එද්දි පාන් ගෙඩියක් ගේන්න තිබ්බෙ?”

කෑම කාලා ඉවර වෙලා අපි ටෙන්ට් එක පැත්තට ගෑටුවා. නිදාගන්නත් එපැයි. හැරත් පහුවෙනිදා උදෙන්ම වෝකින්ග් සෆාරිනෙ.

ටෙන්ට් කාමරේ, ජනේල වලින් මිදුල හරි ලස්සනට පේනව. බැලින්නම් හඳ එළිය, ගස් අතරින් ඇවිල්ල කෑම්ප් සයිට් එකම හැඩ කරල. ඒ මදිවට මුලු වට පිටාවෙම නිස්කලංක බව. කොටින්ම කියනව නම් මගේ හුස්ම මටම ඇහෙනව.

ෂප්පේ… හිතට දැනෙන සනීපෙ. අවංකයෙන්ම, මේවයෙ නම් එන්න පිං කරල තියෙන්න ඕන, හ්ම්ම්…!


TIP

Try Night Safari

Artwork for Sampath Content Sep generic
Similar Places

See 2 Comments