Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

3/5

Little Star

274, Galle Road, Mount Lavinia


Little Star is a not-so-little bakery in Mount Lavinia with a reputation for their Sri Lankan sweets



ගල්කිස්ස පැත්තේ ජීවත්වෙන, එහෙමත් නැත්තන් ගල්කිස්ස පහු කරගෙන ගාලු පාරෙන් යන එන ඕන‌ෙම කෙනෙක් මේ කියන බේකරිය ගැන හොඳින් ම දන්නවා. අවුරුදු ද පහළොවකටත් එහා ගිය කාලයක ඉඳන් පිරිසිදුවට, කොලිටියට කෑම බෙදන ලිට්ල් ස්ටාර් බේකරියට අපි මේ පය තිබ්බේ අවුරුදු තුනකට විතර පස්සේ. දැන් ඉන්ටීරියර් එකත් හැඩ වෙලා, මෙනුවට තවත් දේවලුත් එක්කාසු වෙලා.

තැන

මේක තියෙන්න ගල්කිස්සේ ගාලු පාර අයිනෙමයි. රත්මලාන පැත්තේ ඉඳල එනවනම් අර Toby’s Estate එකට ඩිංගක් මෙහා පැත්තේ. මේක ඇතුළේ ඕනේ වෙලාවක සූ ගාලා සෙනඟ. හැබැයි ඒ සෙනඟ හැන්ඩ්ල් කරන්න පුළුවන් විදියේ ඉඩකඩකුත් මෙතැන තියෙන නිසා අවුලක් නැහැ. ඒසී එක ගානට තියෙනවත් එක්කනේ. ඒක නිසා රස්නෙත් ඇත්තේ නැහැ.

කෑම බීම

කොටින්ම කිව්වොත් මෙතැන නැති ෂෝර්ට්-ඊට්ස් ජාතියක් නැහැ. ඉස්සෝ වඩේ, වණ්ඩු ආප්පවල ඉඳලා, රෝල්ස්, පැටිස්, සැන්විච් ආදී නා නා ප්‍රකාර කෑම තොගයක් ගන්න ඇහැකි. ෂෝර්ට්-ඊට්ස් විතරක් නම් මදැයි, දැන් බත් පැකට් එහෙමත් තියෙනවා. ඊළඟට තව ඩෙසර්ට් වර්ග, කේක් සහ වෙනත් ස්වීට් වර්ගත් බොහොමයි. බීමට තියෙන්නේ නෙස්කැෆේ, හොට් චොකලට්, සන්ක්වික්, නෙස්ටී වගේ ජාති. ඒවා සේරම හදන්නේ ඒ ඒ මැෂින්වල.

සේරම ෂෝර්ට්-ඊට්ස් වර්ග රු.150ට අඩු නිසා අපිත් ඕඩර් කළා ඒවා තොගයක් ම.

අල විතරක් නොදාපු, මාළුත් යහමින් දාපු ෆිෂ් බන් එකක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයින්. හැබැයි ඔන්න ලිට්ල් ස්ටාර් බේකරියෙන් අපට කන්න ලැබුණු ෆිෂ් බන් (රු.60) එකේ මාළු, අල සේරම හොඳට තියෙන පේස්ට් එකක් තිබුණා.

වෙජ් රෝල් (රු.80) එකත් හොඳයි. මොකද කැරට්, ලීක්ස්, අල විතරක් නෙවෙයි, මේකේ මෙල්ට් වෙච්ච චීසුත් හොඳට තිබුණනේ.

අපි ඕඩර් කරපු වණ්ඩු ආප්පේ (රු.50) එක නම් ටිකක් අවුල් හැබැයි. මේක නිකන් වණ්ඩු රස කේක් එකක් වගේනේ. ෂුවර් එකට ස්ටීම් කරලා හදපු එකක් නම් නෙමෙයි. බේක් කරපු එකක් වෙන්න ඕනේ.

චීස් ඇන්ඩ් අනියන් (රු.95) එකේ පෙස්ට්‍රිය හොඳයි. ටෝමාටෝ සෝස් වත් කරපු ක්‍රිස්පි පේස්ට්‍රියක්. අනේ ඒ වුණාට මේක ඇතුල් පැත්තේ කිසිම රසක් නැහැනේ. පිටි ගොඩක් විතරයි. චීස් හෝ ලූණු රසක් ආවේ නැති තරම්.

කොහොමින් කොහොමහරි අපි ගත්ත ෂෝර්ට්-ඊට්ස් සේරගෙන් ම අපට හොඳට ම අල්ලලා ගියේ මෝල්ඩිව් ෆිෂ් බන් (රු.105) එක. හෙන සොෆ්ට් බන් එකක් මැද්දට ඔබපු බැදපු උම්බලකඩ, කරපිංචා සහ ලූණු මිශ්‍රණයකින් තමයි මේක හැදිලා තිබුණේ. හොඳ ගානට ස්පයිසි වෙන්න හදපු මික්ස්චර් එකක් නිසා තවත් මරු.

අපි තව ගත්තා ලම්ප්‍රයිස් (රු.350) එකකුත්. තඩි බත් මුලක් ආවට මේකේ බත යන්තමටවත් සීසනින් කරලා නැහැනේ. නිකන්ම නිකන් ස්ටිකි රයිස් එකක්. හැබැයි රස වම්බටු මෝජුවකුයි, සීනි සම්බලේකුයි තිබුණු නිසා එච්චර අවුලක් වුණේ නැහැ. අළු කෙසෙල් පැහියත් ඕනෙවට වඩා කර වෙලා. මේකත් එක්ක ආව චිකන් කෑල්ල නම් හෙන පත එකක්. හොඳ ගානට ලුණු ඇඹුල් දාලා හදලා තිබුණා.

ඩෙසර්ට් එකට අපි ඕඩර් කලේ මැන්ගෝ පුඩින් (රු.110) එකක්. හොඳ ක්‍රීමි ගතියට තියෙන ටෙක්ස්චර් එකක් තිබුණට, මේකේ ස්වාභාවික අඹ රසක් නම් නැහැ. ආටිෆිෂල් අඹ රස තමයි තිබුණේ. හරියට නිකන් අර කඩේ තියෙන පුඩින් මික්ස්චර්වලින් හදපු එකක් වගේ.

අපි ගත්ත ඩබල් චොකෝ (රු.60) එක තමයි මේ කට්ටියගේ හොට් චොකලට් එක. මේකෙත් කියන්න තරම් වරදක් නැහැ. ගෙවන ගාණේ හැටියට හරි යන විදියේ චොකලට් සහ කිරි බ්ලෙන්ඩ් එකක් තිබුණා.

සර්විස් එක

ලිට්ල් ස්ටාර් බේකරියේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්. හැබැයි සූ ගාලා සෙනඟ ඉන්න වෙලාවක වුණත් කෑම බීම ටික සටපට ගාලා දාලා කරන්න මේ උදවිය සමත්. අපට පෝලිමේ විනාඩි 5ක් වගේ හිටගෙන ඉන්න වුණා ඒ වැඩේට.

අවසාන වශයෙන්

ගල්කිස්ස පහු කරගෙන යන වෙලාවක පොඩි කෑමක් බඩට දාගෙන යන්න වටින තැනක් විදියට මේ ලිට්ල් ස්ටාර් බේකරිය හඳුන්වන්න පුළුවන්. කෑම බීමත් ඇති වෙනකන් තියෙන නිසා හිතේ හැටියට තෝරගෙන කන්න බැරියැ.

Address

274, Galle Road, Mount Lavinia

Directions

Little Star is on Galle Rd, right next to the Cargills Food City in Mount Lavinia

Contacts

Facebook Website

Report Inaccuracy

Open 6.30 AM - 7.30 PM

Cuisine

Sri Lankan Bakery

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Sweets Pork Cakes Bready Short Eats

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

See 5 Comments