Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Lobster Seafood Restaurant

163, New Kandy Road, Pittugala, Malabe


Lobster Seafood Restaurant is a hidden gem of a restaurant that serves up some really good Sri Lankanised Chinese food.



පහුගිය දවසක මාලබේ පැත්තේ කරක් ගහන්න ගිය මට මීටර් වුණානේ මාර වැඩක්. මෙන්න පිට්ටුගල හරියේ තියෙනවා තඩි රෙස්ටෝරන්ට් එකක්. නිකන්ම එකකුත් නෙවෙයි, තට්ටු දෙකේ චයිනීස් එකක්. කරන්න ආව වැඩෙත් අරහෙන් මෙහෙන් ගහලා දාලා, අපි කට්ටිය රෙස්ටෝරන්ට් එක ඇතුළට රිංග ගත්තේ දවල් කෑම වෙලාවත් පහුවෙලා තිබුණු නිසයි. මේකේ නම ලොබ්ස්ටර් සීෆුඩ් රෙස්ටෝරන්ට්.

තැන

මේක තියෙන්නේ මාලබේ ස්ලිට් එකට අල්ලපු වැටේ. හොඳට එළිපෙහෙළි කරලා පත සයිස් එකට හදලා තියෙන නිසා ලේසියකට මග හැරෙන්නේ නැහැ.  කිව්වත් වගේ මේක තට්ටු දෙකයි. පහළ තට්ටුවේ තමයි මේ කට්ටිය ෂෝර්ට් ඊට්ස් සහ සෙට් මෙනුවලට කෑම දෙන්නේ. ලොකු මෙනුවෙන් කෑම ගන්නවනම් එතැනම වම් පැත්තෙන් තියෙන උඩ තට්ටුවට යන්න ඕනේ.

ෂහ්! මෙතන නම් නියමයි. සෑහෙන්න ඉඩකඩක් තියෙනවා. එක සැරේ 50කට වුණත් අවුලක් නැතුව ඉන්න පුළුවන්. පවුල් පිටින් ඇවිල්ලා කන්න කැමති උදවියට කියාපු තැන.

කෑම බීම

ලංකාවේ ට්විස්ට් එකක් ලාවට ගෑවුණු චයිනීස්, තායි කෑම තමයි ලොබ්ස්ටර් සීෆුඩ් රෙස්ටෝරන්ට් එකේ තියෙන්නේ. බීම විදියට ෆෘට් ජූස් සහ මිල්ක්ෂේක් වගේ ජාති තියෙනවා. ඔය අතරින් අපි කෑමට ගත්තේ “තායි ක්ලැසික් සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්” (රු.878) එකකුයි, “තායි චිකන් ග්‍රීන් කරි” (රු.768) එකකුයි, “ඩෙවිල්ඩ් ප්‍රෝන්ස්” (රු.858). බීමට ගත්තේ පැණි කොමඩු ජූස් (රු.200) එකක්.

තායි ක්ලැසික් සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක නම් ආයේ කතා දෙකක් නැහැ සුපිරියි! තම්බපු ඉස්සෝ, දැල්ලෝ, මාළු කෑලි තොගයක් මේකේ පිරිලා. ඒ විතරක්යැ බිත්තර කෑලිත්. සීසනින් එකත් නියමෙට ම තිබුණා. නිකන් ඔය සුප් කැටවලින් එන සින්තටික් රස වෙනුවට, අපේ ලුණු, ගම්මිරිස්වලින් එන සීසනින් එක තමයි මේ බතේ තිබුණේ. අනික මේ බත් එක 3 දෙනෙක්ට වුණත් බෙදාගෙන කන්න පුළුවන්.

ලංකාවේ ට්විස්ට් එකක් තියෙන තායි චිකන් කරියක රස බලන්න ඕනේ නම්, ඔන්න තියෙනවා නියම කෑමක්. මේක නම තායි චිකන් ග්‍රීන් කරි. ඔය කොළ පාට හොද්දෙන් තනිකර ම එන්නේ අපේ නයි මිරිස්වල රස. හෑස් හූස් ගගා කන්න නියම හොද්දක් තමයි මේක. චිකන් කෑලිත් හය හතක් ම මේ හොද්දේ ගිලිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, වම්බටුත්. කන කටක් කටක් ගාණේ අපි කල්පනා කළේ මීට කලින් මේ වගේ රහට වම්බටු හදන්න අපට නොහිතුණේ ඇයි කියලා. අම්මපා මේ කරියට චිකන් නැතුව වුණත් අවුලක් නැහැ. නියම රසයි.

ඩෙවිල්ඩ් ප්‍රෝන්ස් එකත් සිරා. පොතු ගලවපු ඉස්සෝ දහයකට එහායින් මේ පිඟානේ තිබුණා. අමු මිරිස් නිසාදෝ හෝ මේකේ ස්පයිසි ගතියත් නියම ගාන.

බීමට අපි ගත්ත පැණි කොමඩු ජූස් එකත් අවුලක් නැහැ. හොඳ රිෆ්‍රෙෂින් ගතියක් තිබුණා. පොඩ්ඩක් වතුර අඩු වුණා නම් මීටත් වඩා රස වෙන්න තිබුණා.

සර්විස් එක

මෙනුවේ තියෙන කෑම ගැන හොඳ අවබෝධයක් මෙතැන ස්ටාෆ් එකේ අයට තියෙනවා. රෙස්ටෝරන්ට් එකට ඒ වෙලාවේ කෑමට හිටියේ අපි විතරයි, ඒත් කුස්සියේ වැඩට ඉන්න අය නම් ඕනේ වෙලාවක රෙඩි වගේ. ඒ නිසා කෑම සේරම එන්න ගත වුණේ විනාඩි 15ක් වගේ කාලයක්.

අවසාන වශයෙන්

මාලබේ පැත්තේ ගිය වෙලාවක කටට රහට සීෆුඩ් දාපු චයිනීස් කෑම වේලක් නම්, ලොබ්ස්ටර් සීෆුඩ් රෙස්ටෝරන්ට් කියන්නේ නියම තැනක්. අපි මේ ගත්ත කෑම ටික තුන්දෙනෙක්ගේ වුණත් බඩ පුරවන්න පුළුවන් තරමට සයිස්. ඒ නිසා එක්කෙනෙක්ට යන්නේ 1000ක් වගේනේ. එහෙම කල්පනා කරලා බැලුවම පාඩුවකුත් නැහැ.  


TIP

Try the Thai Chicken Green curry.

Similar Places

User Reviews
B
1

2/5

0

Bemali

The review is BS. We waited for 40 minutes still the food didnt come. No AC. Food quality yet to be experienced

B
1

2/5

0

Bemali

The review is BS. We waited for 40 minutes still the food didnt come. No AC. Food quality yet to be experienced

See 1 Comment