Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

London House of Coffee

2B, Gregory's Road, Colombo 07

London House of Coffee is a new coffee shop located on Gregory's Road serving Ceylon Coffee - roasted in-house.

සාමාන්‍යයෙන් කොළොම්තොටේ තියෙන කොෆි ෂෝප් හුඟක් ඒකාකරියි; වැඩි වෙනසක් නැහැ. ලන්ඩන් හවුස් ඔෆ් කොෆි ඒකට වැඩි වෙනසක් නැහැ. හැබැයි ඒ රටාවේ උච්චතම අවස්ථාවක් හැටියට දකින්න පුළුවන්.

තැන

ග්‍රෙගරි පාරේ පටන් ගන්න තැනම පැරණි ගොඩනැගිල්ලක තමයි මේක තියෙන්නෙ. තැන පුදුම ලස්සන විදියට පවත්වාගෙන තියෙනවා. විශේෂයෙන් පටන්අරගෙන අවුරුද්දකට පස්සෙත් තැන අලුත් වගේ තියාගෙන ඉන්නවා කියන්නේ විශේෂයෙන් හොඳ කියන්න ඕනේ දෙයක්. ලී පොළොව හොඳට ඔප දමලා, හැමතැනම එළිය වැටෙන්න ලයිට් දාල, පුටු මේස වුණත් පිරිසිදු ව, පැල්ලමක්වත් නොතියෙන්න තියාගෙන ඉන්නවා. අඳුරු ලී පොළොවත් එක්ක ලා පාට පුටු එහෙම කැපිල පේන හැටි මාර ලස්සනයි. ටිකක් කියන්න අමුතු කතාවක් වුණත් මෙතැන වොෂ්රූම් කොළඹ තියෙන හොඳම එකක් වෙන්න ඕනේ. තරු පහේ හෝටලේක කාමරේක තියන්න පුළුවන් මට්ටමකට ඒවා පිරිසිදුවට ලස්සනට තියෙනවා. පොඩි බැල්කනි කෑල්ලකුත් තියෙනවා, ඇතුළේ ඉන්න අමාරු නං. මෙතන ඒසී එක නැතිවුණාට හැම මෙසේකටම ෆෑන් එක ගානේ තියල තියෙනවා. ඉතින් රස්නේ තැම්බෙන්න ඕනේ නැහැ. එතනත් අමුතුම නිස්කලංක ගතියක් තියෙනවා. තැන වගේම මේ අයගේ සර්විස් එකත් නියමයි. හරි සැලකිල්ලයි; අපි ඕඩර් කරපු එක දෙයක් ඒගොල්ලොන්ට ගේන්න අමතක වුණාට.

කෑම බීම

කෝපි කඩයක් හින්ද කෝපි ගන්නෙ නැතුව බැහැනේ - මාකියාටෝ (රු.475) එකක් ගත්තා. මේක පුංචි කෝපි කෝප්පයක්. හුඟක් සාන්ද්‍ර කෝපි එකක් හැබැයි. කිරි ටිකක් දාල එන්නෙ. නියම ප්‍රමිතියට මේක තිබුණ කියල කියන්න පුළුවන්. හොඳ රස කෝපිවලින් හදල තිබුණේ. කිරි ටිකක් අඩුවුණා නං තවත් හොඳයි.

අපි තව බීම දෙකකුත් බීල බැලුවා. හොට් චොක්ලට් (රු.575) එක නරක නැහැ. සුපිරිත් නැහැ. හොඳ චොක්ලට් දාල හදල තිබුණා කියල දිවට හොඳට දැනෙනවා. තව කිරි ටිකක් දැම්මනං හොඳයි. මේ දෙකටම වැඩිය හැබැයි නැගල ගියේ පොල් සහ අලිගැටපේර ස්මුතී එක (රු.550). මේක නම අහපු හැටියේම ප්‍රශ්නාර්ථ ලකුණක් ඔළුවට වැටුණට මේක මාර රසයි. රස දෙකම ලස්සනට මිශ්‍ර වෙලා අමුතුම රසක් ගෙනත් දෙනවා. බීල ම බලන්න.

කෑම නං බීම තරං හොඳ නැහැ, බ්ලුබෙරි චීස්කේක් (රු.450) එක හොඳට හදල තිබුණා. හැබැයි ටිකක් බිත්තර ගඳක් ආවා. ඉතින් එතන පොඩ්ඩක් අවුල්.

ඇපල් පයි (රු.450) එක මාර පැණි රසයි. කුරුඳු එහෙම දාල ඇතුළේ ඇපල් මිශ්‍රනේ හදල තිබුණේ. ඒ වුණාට පිටි දැවටුම පයි එකකට වැඩිය කේක් එකකට කිට්ටුයි.

ටෝස්ටඩ් ටුනා සැන්ඩ්විච් (රු.550) එක ගැන හුඟක් හොඳ කියන්න තිබුණා හොඳ පාන් ජාතියක් පාවිච්චි කළා නං. මොකද පිරවුම හොඳයි. පාන් එකෙන් තමයි අවුල් වුණේ.

අවසානයට

කොෆි හවුස්වලින් ඉතාමත් ඉහළ තත්ත්වයක් තියෙන තැනක් කියල ලන්ඩන් හවුස් ඔෆ් කොෆි හඳුන්වන්න පුළුවන්. කෑම බීම හොඳ වගේම, ඊටත් වඩා තැන හොඳයි. මෙතැන පැය ගාණක් වුණත් අවුලක් නැතුව ගත කරන්න පුළුවන්.

TIP

If you're going after dark, try to get the sofa on the balcony.

User Reviews
J
1

5/5

0

jasmine deen

I came to LHOC today expecting nothing more than an extremely cold cafe with staff who can barely speak english (just like every other cafe in sri lanka) but i was delighted with the amazing and fast service of your waiters. The atmosphere was great and the fact that it was freezing cold was a one up for me. I was served by a lovely waiter by the name of Ramzeen and let me tell you; he is good at what he does. He's quick on his feet and very polite, he also knows how to talk to customers and im proud to say that i would 100% come here again and recommend LHOC to all of my friends! Also, the food and drinks were great, especially the fresh strawberry juice.

M
1

1/5

0

Mico Suba

I went there to work and to have coffee. After finishing my coffee and paying for the bill, I decided to continue working at the place. But, the waiter said that the management is asking me to leave since I have already paid for the bill and since I have finished drinking my coffee. First of all, it's a coffee shop and not a FAST FOOD RESTAURANT. Second, any coffee shop will not ask their customers to leave once they finish their coffee since people go to a coffee place to chill/hangout/work/read. Ambiance is good. Coffee is average. Service is horrible.

See 13 Comments