Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Longmen

Thalawathugoda

  • Open until 11:00 PM


Good place to try Thai, Malay style pork & sea food.



“ඒ…

අනේ කන්න එක්කන් යන්නකෝ… බඩගිනියි බං!”

හැන්දෑවෙ 5ට විතර පටන් ගත්ත ඇඬියාව 7 වෙද්දිත්, ඉවරයක් නෑ. දේශානිගෙන් බේරෙන්න බැරිම තැන තමයි මම කල්පනා කළේ ගෙවල් පැත්තෙ කඩයක්වත් අල්ලල කන්න යන්න කියල.

“හ්ම් හ්ම්.. එහෙනම් දාපන්කො පික්මියක්. යමං තලවතුගොඩ පැත්තට. කාලා එහෙම්මම ගෙදර යන්න බැරියැ”

කන්නෙ කොහෙන්ද කියන එක ගැන ලොකු අයිඩියා එකක් නොතිබුණාට මොකද පිටකෝට්ට හංදියෙ ඉඳන්ම මම කළේ වට පිට බල බල හොඳ කඩයක් තියෙයිද කියල බලපු එක. වෙලාවට එහෙමවත් කඩයක් හම්බවුණේ නෑ කියන්නකො තලවතුගොඩට කිට්ටු කරනකම්ම. ඔය අතරෙ දේශානිට මීටර් වෙලා හංදිය කිට්ටුව ළඟදි දාපු චයිනීස් එකක්.

“ඒ.. අර සිල්ලර කඩ දෙක මැද්දෙ තියෙන්නෙ බං. හැබැයි හෙන පොෂ් පාටයි. මොකද කරන්නෙ”

“මොනව කරන්නද ඉතින්. වෙන කඩ නැති එකේ ඒකටවත් ගිහින් බලමු” අතේ තියෙන සතේටත් වැඩේ හරි කියල හිත හදා ගත්තු මම වීල් එකෙන් බැස්සෙ නිකම් නොගිහින් බැරි කමට වගේ. පස්සෙ ඇඟ මැලි කඩල හෙමින් සැරේ කඩේ ඇතුළට ගියා.

හප්පට බොල, මේකෙ කවුරුත් නෑනෙ. සමහර විට අලුතෙන් දාපු නිසා වෙන්න ඇති. කොහොම වුණත් අපි ඇතුලට යන පරක්කුවට සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ළඟ. මෙනුවක් එහෙම අතට දීලා කෑම තෝරන්නත් උදව් කළා. ඒ අනික් පැත්තට හැඳි ගෑරුප්පු පිඟන් ටිකයි වතුර වීදුරු දෙකක් එක්ක කෑම මේසෙයිත් ලෑස්තියි. වැඩේ කියන්නෙ ඔය අතරෙ ආවනෙ ලස්සන හිනාවක් එහෙමත් දාගෙන චීන පුද්ගලයෙක්. මුකුත් කතා කරේ නම් නෑ. හැබැයි පස්සෙ ඇහුන සිංහලෙන් කතා කරනව.

වට පිට හැඩ බල බල දේශානියි මායි පොඩි කයියකට මුලපිරුවෙ කෑම ටික එන්න පරක්කුවෙයි කියල හිතල. ඒත් විනාඩි 10ට මුලු ඕඩරේම මේසෙ උඩ කියන්නකො. ලොකු සුවඳක් නොතිබ්බට මොකද බැලූ බැල්මට මට නම් ආස හිතුනෙ සිස්ලින්ග් පෝර්ක් (රු. 675) එකට. හැබැයි ස්පෙෂල් රයිස් (රු. 655) එකත් පෙනුමෙන් සුපිරි වගේ.

බල බල ඉන්න එක ඒ හැටි නුවණට හුරු නැති නිසා දේශානි වැඩේට බහින්න කලින් මම බැස්ස වැඩේට. ඉස්සෙල්ලම රයිස් හැඳි 3කුයි පෝර්ක් හැඳි 3කුයි පිඟානට. අර කිව්වත් වගේ පෝර්ක් එකේ හොදි ගතිය නිසා රයිස් එකට අමුතු ගතියක් එන්නෙ. තායි සෝස් ජාති 2, 3කින් රස වෙලා ගම්මිරිස් වලින් සැර වෙලා… පංකාදු පහයි. අනික ලොකු මාළු මිරිස් කෑලි, හැඩේට කපපු කැරට් කෑලි එතකොට ලීක්ස්, ලූණු එහෙමත් මදි නොකියන්න දාලනෙ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ පෝර්ක් එකේ කෑලි තියෙන්නෙ පෙති වගේ නිසා කද්දිත් අමුතු ගතියක් තියෙනව. තෙල් කෑලිත් 1ක් 2ක් වගේ තියෙන්නෙ. හැබැයි ඉතින් ගාණෙ හැටියට තව පෝර්ක් කෑලි ටිකක් එකතු වුණා නම් තමයි මරු.

රයිස් එකේ හොඳ හැටි මාළු, ඉස්සො, දැල්ලො, චිකන්, සෝසේජස් එහෙමත් පිරිලා. ඒත් මස් මාළු සියල්ල තම්බල නිසා රස ටිකක් මදි වගේ. හැබැයි තියෙන රස සෑහෙන්න ෆ්‍රෙෂ්. වැඩිහරියක්ම තායි, මැලේ සෝස් වලින් වැඩ දාලා නිසා ලා පැණි රසක් එහෙමත් තියෙනව. හැබැයි ගම්මිරිස් සැරෙන් නම් අඩුවක් නෑ. අනිත් එක තමයි බත් එක පොදුවෙ ගත්තාම හොඳ රහට තිබ්බට ඒ රස ටිකක් මදි වගේ. මම කියන්නෙ ඒ රසම තව පොඩ්ඩක් වැඩියෙන් ආව නම් මරු. මොකද ගාණෙ හැටියට, නැත්නම් පාඩුයි වගේනෙ.

හැබැයි ඒකට, මම ගෙදර අයට කන්න කියල ගත්ත ඉස්සො කරියක් (රු. 780). ෂහ්! සුපිරි ඈ… ලොකු ඉස්සො 7, 8ක් විතර හිටිය. ඊටත් වැඩිය ඒකෙ කිරි රසයි සෝස් රසයි ගම්මිරිස් සැරයි එකතු වෙලා… මතක් වෙද්දිත් කටට කෙළ උනන ගානයි. ඒකටත් මාළු මිරිස්, කැරට්, ලීක්ස්, ලූණු එහෙමත් නියම පදමට දාලා නිසා රස ඩබල් ත්‍රිබල්. කොටින්ම කිව්වොත් බඩ පැලෙන්න කාලා ගියපු මම ගෙදර ගිහින් පාන් බාගයකට වග කිව්ව කියන්නකො ඉස්සො කරියෙ සුවඳයි වාවගෙන ඉන්න බැරිම තැන.

ඔන්න එහෙනම් හරිනෙ යාළුවො මතක තියාගන්නව නම් සීෆුඩ් කරි ගන්නව අන්න ප්ලේස් එක හොඳද.


TIP

Try Thai Red Curry Prawns.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment