Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Lounge 171

171, Old Kottawa Road, Nawinna, Maharagama


Lounge 171 is the coffee house of the popular One Seven One Restaurant at Maharagama. They've got great food, good coffee and the nicest ambience.



මහරගම පැත්තේ පදිංචි වෙලා ඉන්න, එහෙමත් නැත්තන් ඒ පැත්තේ රවුම් ගහන උදවියට “වන් සෙවන් වන්” කියන්නේ නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. පවුල් පිටින් කට්ටිය ගිහින් කෑම කන්න විතරක් නෙවෙයි, රූෆ්ටොප් එකේ පාටි දාන්නත් පුළුවන් තැනක් විදියට මේ රෙස්ටෝරන්ට් එක ප්‍රසිද්ධයි. අන්න දැන් ඒ කට්ටිය අලුතෙන් කොෆී හවුස් එකකුත් දාලාලු. මට ඒක දැනගන්න හම්බුණේ ෆේස්බුක් එකේ ඔහේ කැරකෙන වෙලාවක අහම්බෙන් දැකපු පෝස්ට් එකක් නිසා. කෝපි විතරක් නම් මදැයි, පීසාත් තියෙනවලු. ඔය දෙක තියෙනවා නම් ආයේ කතා කරකර ඉන්න දෙයක් නැහැනේ. පහුවෙනිදා ම අපි ගියා මේ අලුත් කෝපි කඩේට. මේකේ නම Lounge 171.

තැන

අර අපි කලින් කියපු වන් සෙවන් වන් රෙස්ටෝරන්ට් එකේ ම එහාපැත්තෙ තමයි ලෞන්ජ් 171 එක තියෙන්නේ. ඒ කියන්නේ පරණ කොට්ටාව පාරේ. මේ රෙස්ටෝරන්ට් දෙක ම මැනේජ් වෙන්නේ එකම කට්ටියකගෙන්.

හරි ම සුවපහසු වාතාවරණයක් ලෞන්ජ් 171 එකේ තියෙනවා. දුඹුරු පාට බිත්ති සරසපු පින්තූරවලිනුයි, පිළිවෙළට අහුරලා තියෙන ලස්සන පුටු මේස ටිකෙනුයි රෙස්ටෝරන්ට් එකට ලැබිලා තියෙන්නේ හරි අමුතු ගතියක්. ඒ විතරක්යැ, ඕනේ නම් බීන් බෑග් එකකුත් තියෙනවා කට්ටියට වාඩිවෙන්න. අනික මේ අය ළඟ තියෙන මාෂල් සවුන්ඩ් සිස්ටම් එක පාවිච්චි කරලා අපේ ෆෝන්වල සින්දු අහන්නත් පුළුවන්නේ.

කෑම බීම

පීසා, බර්ගර්, සබ්මැරීන්, ව්රැප් වගේ කෑම ජාතිත් එක්ක, කේක් වගේ පැණි රස දේවල් ලෞන්ජ් 171 එකේ මෙනුවෙන් දැකගන්න ඇහැකි. බීමට තියෙන්නේ තේ, කෝපි, මිල්ක්ෂේක්, මොක්ටේල් වගේ ජාති.

බීම මෙනුවෙන් “කැපුචිනෝ” (රු.350) එකකුයි, “හොට් චොකලට්” (රු.280) එකකුයි ගත්ත අපි, කෑම විදියට ඕඩර් කළේ “හැම් චීස් ඇන්ඩ් එග් සබ්මැරීන්” (රු.550) එකක්. තව හාෆ්-බයි-හාෆ් දාලා ලාජ් පීසා එකකුත් ඕඩර් කළා. එක පැත්තක තිබුණේ “ඩයවෝලා” පීසා (රු.1200). අනිත් පැත්තේ “ස්පයිසි චිකන් ඩෙවිල්ඩ්” පීසා (රු.1150). මේ විදියට ජාති දෙකෙන් පීසා ගන්නකොට, ගාණ වැඩි පීසා එකේ ප්‍රයිස් එක තමයි ගෙවන්න ඕනේ.

මුලින් ම කියන්නම්කො අපි ගත්ත බීම ජාති දෙක ගැන. හොට් චොකලට් එක හොඳට තිබුණා. හැබැයි අර කැෆේ නුවාර් එකේදී අපි බිව්ව හොට් චොකලට් එකේ තරම් ඩාක් චොකලට් රසක් මේකෙන් ආවේ නැහැ. ඒ වුණාට කිරි රසයි, චොකලට් රසයි ගානට බැලන්ස් වෙලා තිබුණු නිසා අවුලක් නැහැ.

අපි ගත්ත කැපුචිනෝ එකෙන් බිව්ව පළමුවෙනි උගුරෙන් ම අපට මතක් වුණේ ඔය බැරිස්ටා එකේදී එම අපට බොන්න ලැබෙන කෝපිවල රස. පස්සෙනේ දැනගත්තේ, මේ කට්ටිය කෝපිවලට පාවිච්චි කරන්නේ Lavazza කෝපිනේ. බොහොම උකු කිරි එකකින් එන තද කෝපි රසක් මේ කැපුචිනෝ එකේ තිබුණා. ඒ විතරක්යැ, උඩින් දාලා තිබුණු කැරමල් ආර්ට් එකේ රසත් එකතු වෙද්දී තවත් මරු. මේකට එක සීනි හැන්දක් දාගත්ත ම හොඳටෝ ම ඇති.

දැන් කියන්න යන්නේ කෑම ගැන. හැම් චීස් ඇන්ඩ් එග් සබ්මැරීන් එක සෑහෙන්න හොඳට තිබුණා. ඇත්තමයි දැක්කත් ඇති බඩ පිරෙන්න. ඒ තරම් ලස්සන ප්‍රසන්ටේෂන් එකක්නේ තිබුණේ. හැම් පෙති දෙකයි, චීස් පෙති තුනයි, බැදපු බිත්තරෙකුයි; ඒ තුනම මැදි කරගත්ත සොෆ්ට් බන් එකකිනුයි හැදුණු මේ සබ්මැරීන් එක පට්ට ම රසයි. මේකත් එක්ක ආව Coleslaw සලාදේ හොඳ ෆ්‍රෙෂ් ගතියක් තිබුණා. තක්කාලි, බෙල් පෙපර්, සලාද කොළ සහ බ්ලැක් ඔලිව්ස්වලින් තමයි මේක හදලා තිබුණේ. ඒකට උඩින් වත් කරලා තියෙන මස්ටර්ඩ් සෝස් එකත් එක්ක මික්ස් වෙලා එද්දී තවත් නියමයි.

අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේකත් එක්ක යස පොටැටෝ වෙජස් ටිකකුත් ලැබුණනේ. ඒකත් පංකාදු පහයි! වටෙන් ක්‍රිස්පි ගතියට, ඇතුළෙන් සොෆ්ට් එකට තියෙන මේ පොටැටෝ වෙජස් ටිකත් අපට හොඳට ම අල්ලලා ගියා.

ඩයවෝලා පීසා එකේ ටොපින් විදියට තිබුණේ ස්පයිසි සලාමි සහ මාළු මිරිස්. ඒ නිසා ස්පයිසි රස හොඳ පදමට. මදි නොකියන්න මොස්රෙල්ලාත් දාලා තිබුණු නිසා චීසි ගතියත් ඕනේ තරම්. හැබැයි මෙනුවේ කියපු විදියට බෆලෝ මොස්රෙල්ලා දාලා නෙමෙයි මේක හදලා තිබුණේ. පීසා දෙවර්ගේ  තිබුණේ එක ම මොස්රෙල්ලා එක. හුඟක් තින් ක්‍රස්ට් එකක් තිබුණට, මේ දර පෝරණුවේ හැදෙන පීසා නෙවෙයි. අවන් එකේ හැදුණු ඒවා.

අපේ ක්ලැසික් ඩෙවිල්ඩ් චිකන් එකක රසත් එක්ක ම පීසා කන්න ඕනේ නම්, අනිවාර්යෙන් ම ගන්න ඕනේ ලෞන්ජ් 171 එකේ තියෙන ස්පයිසි චිකන් ඩෙවිල්ඩ් පීසා එක තමයි. හෑස්, හූස් ගගා කන්න ඇහැකි තරමට මේක ස්පයිසි. අනික තක්කාලි පෙති, බැසිල් කොළ සහ අමු මිරිස්වලින් මේ පීසා එක තවත් රසවත් වුණා.

ඔය Giovanni's, Domenico's වගේ ඔතෙන්ටික් ඉටෑලියන් රස මේ පීසාවල නැතත්, ලොකු අවුලක් නැතුව රස විඳින්න පුළුවන්. හැබැයි ඉක්මනට කාලා ඉවර කරන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද විනාඩි 30ක් වගේ යනකොට මේ පීසා එකේ මොස්රෙල්ලා ටික වේලෙන්න ගන්නවා. ඊටපස්සේ කලින් තරම් රසක් දැනෙන්නේ නැහැ.

අවාසනාවකට වගේ අපි ගිය දවසේ මේ කට්ටියගේ මෙනුවේ තියෙන ස්වීට් ජාති එකක්වත් තිබුණේ නැහැ. ඒ වුණාට කේක්, ටාර්ට් ජාති කීපයක් ම ෂෝ කේස් එකෙන් දැකගන්න ලැබුණු නිසා, අපි “බෙල්ජියම් කොෆී චොකලට් ටාර්ට්” (රු.300) කෑල්ලක් ගත්තා.

හප්පටසිරි! මේක මරුනේ! මේ ටාර්ට් එකේ යට ම ලේයර් එකේ තිබුණේ ඩාක් චොකලට් තට්ටුවක්. ඊටපස්සේ හරි ම ක්‍රීමි කෝපි, චොකලට් මික්ස් එකක්. ඊළඟට ආයේ උඩින් තවත් ක්‍රීමි චොකලට් තට්ටුවක්. කන්නද අප්පේ බැරි? අපේ චොකලට් කෑදරයින් ට මීටත් වඩා හොඳ කෑමක් තවත් නෑ. අනික රු.300ට තඩි කෑල්ලකුත් ලැබෙනවනේ.  

සර්විස් එක

රෙස්ටෝරන්ට් එකට ඇතුළු වෙද්දී නම් සර්විස් එකේ තිබුණේ හරි ම ඇල් මැරුණු ගතියක්. කවුන්ටරේ පිටිපස්සේ ස්ටාෆ් එකේ අය හිටියත් මෙනු එක ගෙනල්ලා දෙන්නවත් උනන්දුවක් තිබුණේ නැහැ. අපි ම තමයි එතැනට ගිහින් මෙනු එක ඉල්ලගත්තෙත්. හැබැයි පස්සේ ඒ කම්මැලි ගතිය මඟ හැරිලා ගියා. මෙනු එක ගැන වගේ ම, ඇති නැති කෑම ගැනත් මේ කට්ටියට හොඳ අවබෝධයක් තියෙන හැඩයි. මැනේජර් මහත්මයා එහෙමත් හරි ම සපෝර්ට්.

අවසාන වශයෙන්

මහරගම පැත්තේ පදිංචි වෙලා ඉන්න අයට, එහෙමත් නැත්තන් මහරගම පහු කරගෙන යන එන අයට මේක සෑහෙන්න සුබ ආරංචියක් වෙයි කියලා අපි හිතනවා. කෑම බීමවල රසත් හොඳයි, ගණනුත් අඩුයි. ඔය ඔෆිස් ඇරිලා, මහන්සි වෙලා ගෙදර යමින් ගමන් පොඩ්ඩක් ලෞන්ජ් 171 එකට ගොඩ වෙලා කෝපි කෝප්පයක් බීලා, මොනවහරි කාලා ම යන්නකෝ. ඇඟේ පතේ විඩාව කොහෙන් ගියාද නැතිවෙයි.


Similar Places

User Reviews
N
1

4/5

0

Naduni Liyanapathirana

Love the place but it gets over crowded on weekends

N
1

4/5

0

Naduni Liyanapathirana

Love the place but it gets over crowded on weekends

See 4 Comments