Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

One Galle Face Food Court

1A, 02 Centre Rd, Colombo


The food court of the largest mall in Sri Lanka! Explore the exciting options they have on offer.



ෂොපින් කරන්න යන ගොඩක් ගමක් අන්තිමට ඉවර වෙන්නේ කොහේ හරි කෑම කඩයකින් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔය හේතුව නිසා ම, ලංකාවේ ඕනේ ම ෂොපින් මෝල් එකක ෆුඩ් කෝර්ට් එකක් තියෙනවා. හැබැයි ඔය අතරින් ලොකුම ෆුඩ් කෝර්ට් එක තියෙන්නේ, ගිය සිකුරාදාවේ විවෘත වුණු One Galle Face එකේ තියෙන ෆුඩ් කෝර්ට් එක. ඉඩකඩින් වගේ ම, රෙස්ටෝරන්ට් ප්‍රමාණයෙනුත් මේ ෆුඩ් කෝර්ට් එක සෑහෙන්න ඉහළයි. ඉතින් One Galle Face එකේ සිරි නරඹන්න ගිය වෙලාවේම මේ පැත්තටත් ගොඩ වෙන්න අපි කල්පනා කළා.

තැන 

කිව්වත් වගේ මෙතන ඉඩකඩ සෑහෙන්න තියෙනවා. ඒ නිසා තදබදයක් ඒ හැටි දැකගන්න ලැබෙන්නේ නැහැ. මේකේ කොටස් දෙකයි. එක පැත්තක තියෙන්නේ Colombo City Centre එකෙත් දැකගන්න ලැබෙන Food Studio එකේ බ්‍රාන්ච් එකක්. ඔය Thalappakatti, Twister, China Express, Sumatran Spice, Jeewa's, The Mango Tree, Shiok, Cheese Heads, Tokyo Shokudo, Suksamran Thai, සහ ETC කියන රෙස්ටෝරන්ට් ටික තමයි එතැන තියෙන්නේ.

ඉතුරු ඒරියා එකේ තියෙන්නේ වෙනම රෙස්ටෝරන්ට් එකතුවක්. අපි හොඳටම දන්නා කියන Pizza Hut, Manhattan Fish Market, සහ KFC වගේ ෆ්‍රැන්චයිස් රෙස්ටෝරන්ට්, අලුතෙන්ම ලංකාවට එන WAFL වගේ රෙස්ටෝරන්ට්, සහ කොළඹ තියෙන සුප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් තොගයක බ්‍රාන්චස්වලින් මේ ෆුඩ් කෝර්ට් එක සමන්විතයි. Mitsi's Delicacies, Whight & Co., BreadTalk, සහ David's Dangerously Delicious Char Siu ඒ අතරින් කීපයක්. 

කෑම බීම 

හැම කඩෙන්ම කෑවොත් ගෙදර යන්නවත් අතේ සතේ නැති වෙන නිසා, අපි කට්ටිය පුළුපුළුවන් විදියට කඩවල් 4,5කින් කෑම ඕඩර් කළා. 

මුලින්ම ගත්තේ Thalapakatti රෙස්ටෝරන්ට් එකේ මට්න් බිරියානි (රු. 890). කෙසෙල් කොළේට බෙදපු මේ බිරියානි එකෙයි, එයාලගේ රෙස්ටෝරන්ට් එකේදී අපි කෑව බිරියානි එකෙයි කිසිම වෙනසක් තේරුණේ නැහැනේ. රස එක වගේමයි.

ඔරිජිනල් Dindigul බිරියානි එකේ රස කිසිම අඩුවක් නැතුව මේකේ තිබුණා. මොකද ඕනේ කරන සියළුම කුළුබඩු අඩුවක් පාඩුවක් නැතුව දාලනේ. අනික කන හැම කටකටම හැපෙන ගානට මට්න්. මේ මට්න් කෑලිවල හොඳ සොෆ්ට් ටෙක්ස්චර් එකක් තිබුණ විතරක් නෙවෙයි, කුළුබඩුත් හොඳ ගානට එකතු වෙලා. තම්බපු බිත්තරයයි, රයිතායි, හොදියි එකතු කරගත්ත ම, තවත් රසට කන්න ඇහැකි. 

ගෙදර හැදුවා වගේ රසට පොලොස් කරියක් කන්න ඕනේ නම්, Jeewa's තරම් ඒකට හරි යන තවත් තැනක් නැහැ කියලා කට්ටිය දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් Food Studio කලෙක්ෂන් එකේ තියෙන Jeewa's බ්‍රාන්ච් එක දැක්කම අපේ සතුට ඉවවහා ගියා. 

පොල් සම්බල්, චිකන් එක්ක රෝස් පාන් (රු. 450) කන්න ඕනේ නම්, මේක තමයි තැන. හොඳට ලුණු ඇඹුල් දාලා හදන මේ චිකන් කරිය එක්ක රෝස් පාන් ඕනේ තරමකට වග කියන්න ඇහැකි. පොල් සම්බෝලේ නම් පොඩ්ඩක් සැර ගතිය මදි. ඒත් අපට ඒ හැටි ගානක් වුණේ නැහැ, මොකද ඕනේ කරන ස්පයිසි ගතිය චිකන් එකෙන් ආවනේ. 

ඒ විතරක් නෙවෙයි, අපි ආප්පත් ගත්තා. හෑස් හූස් ගාලා කන්න පුළුවන් තරමට කටට සැරට හදපු ලුණු මිරිසකුයි, නියම සීනි සම්බෝලෙකුයි තමයි මේකට ආවේ. උණුඋණුවෙන් ම මේසෙට ආව ආප්පවල කිරි රසත් හොඳ ගාණට.

ඉතින් ඔය සේරමත් එක්ක කන්න, Jeewa's එකේ සුප්‍රසිද්ධ පොලොස් කරි පෝෂන් (රු. 100) එකක් ගන්නත් අපි අමතක කළේ නැහැ.

චයිනීස් කෑම ටිකක් කන්න ආසාවෙන් China Express එකට ගිය අපි තෝරාගත්තේ මෙන්න මේ Stir-fried Chicken (රු. 600) එකයි සුදු බතයි (රු. 250). 

සෝයි සෝස්, කෑලි මිරිස්, රටකජු යහමින් දාලා හදපු මේ චිකන් එක සුපිරි. අනික දෙන්නෙක්ට වුණත් ඇති වෙන තරමට චිකන් කෑලි තිබුණා.

be.k කියන්නේ මේ ෆුඩ් කෝර්ට් එකේ ඉන්න ඩෙසර්ට් හදන කාණ්ඩයක්. මෙයාලගේ ස්පෙෂල්ටි එක තමයි ශේව්ඩ් අයිස්. අපි ගත්ත Rainbow Taro එකේ තිබුණේ බ්ලූබේරි ෆ්ලෙවර් එක. ඉතින් ඒකත් එක්ක ස්ට්‍රෝබෙරි කෑල්ලක් දෙකක්, ඊළඟට ෆෘට් ලූප්ස් ටිකක් හැපෙනකොට තවත් මරු.
අපි Delifrance එකෙන් ගත්ත Roast Pepper Beef Croissant එකට නම් කට්ටියගේ ම ඒ හැටි කැමැත්තක් තිබුණේ නැහැ. පේසට්‍රිය හොඳ ක්‍රිස්පි ගතියට බටර් රහට තිබුණට, ඇතුළේ තිබුණ බීෆ් ෆිලින් එක ඒ හැටි රසක් නැහැ. මොකද බීෆ් පෙතිවල තිබුණේ පුදුම සීතලක්නේ. අනික ඒකේ ටිකක් තද ටෙක්ස්චර් එකක් තිබුණු එක ගැනත් අපේ වැඩි මනාපයක් නැහැ. පොඩ්ඩක් හරි රහක් ආවේ ලෙටියුස් කොළ ටිකෙන් තමයි.
අපි Sumatran Spice එකෙන් ගත්ත මේ Chicken Mee Goreng එක ගැනත් නොකියම බැහැ. හොඳ ස්පයිසි රහක් එක්ක කම්බයින් වුණු ලා පැණි රසක් සහිත මේ නූඩ්ල්ස් එකට චිකන් යහමින් මික්ස් වෙලා තිබුණා.
මොන ෆුඩ් කෝර්ට් එකට ගියත්, Roots ස්ටෝල් එකට ගොඩ වෙන්න අපේ අය අමතක කරන්නේ නැහැනේ. ඒක නිසා තමයි අපිත් Fresh Intentions by Roots එක පැත්තේ කැරකිලා ග්‍රේප් ජූස් (රු. 500) එකකුයි, ඇපල් ජූස් (රු. 350) එකකුයි ගත්තේ.
 
ජූස් දෙකටම සීනි නොදාපු එක හොඳට ගියා. මොකද එතකොට පළතුරු රහ හොඳටම තේරෙනවනේ. පළතුරෙන් එන සීනි රහ හොඳටෝම ඇති මේවට. මේ ඩ්‍රින්ක්ස් දෙක ම හරි රිෆ්‍රෙෂින්.
 

සර්විස් එක 

සර්විස් එක පැත්තෙනුත් කිසිම අවුලක් අපට තේරුණේ නැහැ. අපි ගිය හැම ස්ටෝල් එකේ ම අය බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. සේරම කෑම බීම ටික ගන්න විනාඩි 20ක් යන්න ඇති වැඩිම වුණොත්.

අවසාන වශයෙන් 

ලංකාවේ ලොකුම ෂොපින් මෝල් එකේ තියෙන ලොකුම ෆුඩ් කෝර්ට් එකේ අපට ලැබුණු අත්දැකීම ගැන අපි සෑහෙන්න සතුටුයි. ෂොපින් කරන්න නොගියත්, මේ පැත්තෙන් යන එන වෙලාවක බඩගින්නක් ආවොත් කිසිම අවුලක් නැතුව ගිහින් කාලා එන්න පුළුවන් තැනක් විදියට මේ ෆුඩ් කෝර්ට් එක රෙකමදාරු කරන්න පුළුවන්. 


Similar Places

User Reviews
A
5

5/5

0

AdamG

The best food court out of all the shopping malls in Colombo. I have visited multiple food joints here with the family. Surprisingly, been to Subway more often. Love their brown bread submarines.

A
5

5/5

0

AdamG

The best food court out of all the shopping malls in Colombo. I have visited multiple food joints here with the family. Surprisingly, been to Subway more often. Love their brown bread submarines.

See 2 Comments