Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Lucky Flower Restaurant

Pelmadulla


Superb Sri Lankan style breakfast & lunch buffet place for travellers



පැල්මඩුල්ල බෝඩ් එක පහුවුණා විතරයි, ෂැහ්.. ඇහැරෙව්වනෙ මාව.

“නැගිට නැගිට! අටයි බොල වෙලාව.

මෙහ්, උදේට කන්නෙ කොහෙන්ද? වොෂ්රූම් යන්නත් ඕන බං. පට්ට අමාරුයි”

අක්ක හින්ද මුකුත් කියන්නත් බෑ. මසා හින්ද මුකුත් නොකියත් බෑ. ඔන්න ඔහෙ නිදිමතේ ම...

“වෙනද කන තැනින් ම කමු අප්ප. එතන වොෂ්රූමුත් හොඳයිනෙ” කියල දැම්ම.

“හරි බං. ඒත් තැන මතක නෑනෙ. නැගිටල හිටපිය තැන පෙන්නන්න”

“හා…”

පාන්දර හතරෙ ඉඳන් ගමනෙ නිසා තද නින්දක් අල්ල තිබ්බෙ. ඒකත් පිටිපස්සෙ මම විතරක් නිසා හොඳ සැපට ම... කොහෙද, අක්කයි මසයි එක්ක බෑනෙ.

කොහොම හරි පුරුද්දට වගේ ලොකු වංගුවත් එක්ක තියෙන බුෆේ කඩේ මට සනික මීටර් වුණා. මගෙ හිතේ පැල්මඩුල්ල බෝඩ් එක පැනල කිලෝමීටරයක් හමාරක් ඇති උපරිම.

“හෝව් හෝව් හෝව්… ඕන්න තැන. ඇති යන්තම්. අද ඇරල”

අඩියට දෙකට වාහනෙන් බැහැපු අක්ක සනික වොෂ්රූම් පැත්තට. මසයි මායි හෙමින් සැරේ කිට්ටු කළේ බුෆේ එකට.

“ගුඩ් මෝනින් සර්. කෑමටද?”

“ඔව් ඔව්. ඉඳි ආප්ප තියද...”

“තියෙනව සර්. ඉඳි ආප්ප, පාන්, තෝසෙ ඉඩ්ලි... බතුත් තියෙනව සර්. බෙදාගන්න”

ආයෙ ඉතින් එච්චරයි. අපි හිතන් හිටියෙ බුෆේ එක (රු. 350) බත් විතරයි කියල. බැලින්නම් ඕන දෙයක් කියන්නකො.

හැරෙන තැපෑලෙන් මසාගෙ පිඟානට ඉඳිආප්ප. ඊට උඩින් පරිප්පුයි, මස් හොදියි, පොල්සම්බෝලයිත් තොගයක්. මම ඉතින් දන්නැද්ද, කොහේ ගියත් උදේට බත්නෙ. බෙදාගත්ත ෂේප් එකේ චිකන් රයිස් ඇන්ඩ් කරි එකක්. ඒකට අක්ක, එයත් බෙදාගත්තෙ නම් බත් තමයි හැබැයි බුෆේ එක උපරිමයෙන්ම කවර් වෙන්න.

ඊට පස්සෙ ඉතින් මේසෙට වාඩි වෙලා.. කට්ටිය දෙසන්න ගත්ත බසබසගාලා.

ඇත්තටම මම, මගේ බත් එක පැත්තකින් තියෙද්දි මුලින් ම කළේ මසාගෙ ඉඳිආප්ප තුන හතරකට වගකියපු එක. ෂැහ්! ඒ වෙලාවෙ නම් හිතුනෙම, ‘ඇයි අප්පේ.. ඉඳි ආප්ප ගත්තෙ නැත්තෙ’ කියල. ඒ තරම් රස යාළු. පරිප්පු හොද්දයි මස් හොද්දයි කවලම තිබ්බ නිකම් ‘ඈක්’ ගෑවෙන්න. ඊටත් ඉඳි ආප්ප... අර අපි ගෙවල්වල හදනව වගේ. හාල් පිටියෙන්, ටිකක් තුනීවට… අර වැඩේ තියෙන්නෙ පොල්සම්බෝලෙ අවුල තමයි. කොටල හදපුව නෙවේනෙ. ලූණු, තක්කාලි, මිරිස්, ගම්මිරිස් අඩුම කුඩුම දාලා අතින් කළවම් කරල. ඉතින් සැරයි, රසයි දෙක ම ටිකක් මදියි වගෙයි.

මම බත් එකට බෙදාගත්තෙ නම් චිකනුයි කඩල, පරිප්පුයි, ගෝවයි, පොල්සම්බෝලයි, වැටකොලු මාළුවයි. ඒ අතරට හාල්මැස්සො චිලිපේස්ට් වගේ එකක් තිබ්බ. ඒකෙනුත් ටිකක් බෙදාගත්ත. ඒත්, ඒ අතරින් හොඳ රහටම තිබ්බෙ චිකන් එකයි, වැටකොලු එකයි විතරයි. ඒ කිව්වෙ ඇත්තටම වැටකොලු එක පට්ටම රසයි. හැබැයි ඒක හදල තිබ්බෙ නම් ටිකක් චයිනීස් ක්‍රමයට. චයිනීස් සෝස් වර්ග එහෙම දාලා, අමුමිරිස්, ගම්මිරිස්වලින් පදම අරගෙන... හරියට චොප්සියක් වගේ. චිකන් එකෙත් රස හරිම සොෆ්ට්. මිරිස් තුනපහ පදම වගේ ම, ලුණු ඇඹුල් පදමත් මාර ම ගානකට. හරියට නිකම් අර පොෂ් හොටෙල්වල වගේ. ම්ම්... ගෝව තෙල්දැමුමෙත් අමුතුම ගතියක් තිබ්බ. මොකද ඒකට අබ, කරපිංච එහෙම බැදල දාලා, ගෝව ළාවට මැළවෙද්දි ම වගේ බාලනෙ. අනේ... කඩල පරිප්පු එක නම්, රසයි. හැබැයි මම වැඩිය කෑවෙ නෑ මොකද මම ඒවට එච්චර කැමති නෑ.

ඒකට, අක්ක බෙදාගෙන තිබ්බනෙ කොළමැල්ලුම්, කෙහෙල්මුව එහෙමත්. අන්න ඒ දෙක නම් සුප්ප. ඇත්තටම ගෝව තෙල්දැමුමට වඩා කොළමැල්ලුම රස පදමටම තිබ්බ. ඒකෙත් තිබ්බෙ නම් ලීක්ස් වර්ගයක්. හැබැයි රස හොඳයි. අමුමිරිස් ටිකක් එහෙම දාලා, ලාවට මළවල අරගෙන තිබ්බෙ. කතා දෙකක් නෑ ආයෙ, කෙහෙල්මුව තෙල් දැමුම නම් හොඳ පුරුදු කාරයෙක් තමයි හදල තියෙන්නෙ. මොකද ඒකට කූනිස්සො පොඩ්ඩකුත් දාලා, කෑලි මිරිස් එක්ක ලාවට තෙල් පොඩ්ඩක් ගලපල සුපිරියට අරගෙන තිබුන.

වැඩේ කියන්නෙ ඒ... කෑවට පස්සෙනෙ. හරියට නිකම් දවල්ට කෑව වගේ. හෙල්ලෙන්න බෑ ආයෙ. මම යාන්තම් ගොඩ ආවෙ ප්ලේන්ටියක් ගහල. මසා කාපු අනික් පැත්තට වාහනේ, බුදි. අක්කත් එතනමයි, ෆුල් අන්දොස් ඉතින්…!


TIP

Try String Hoppers

Have you visited this place?

Write your own review!
Leave a comment