Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Macchiato

Macchiato, Kandy Uptown, Liberty Plaza

  • Open 10AM - 7PM


A new coffee shop in the midst of the gargantuan Kandy Uptown.



ඉරිදා දවසක කොල්ලුපිටිය හංදියේ ෂොපින් කරන්න යනවට වඩා හොඳයි, නිවාඩු දවසේ ගෙදෙට්ට වෙලා බුදියගන්න එක. ඇයි අප්පා ඉරිදා දවසට කොල්ලුපිටියේ ඉන්නේ හොල්මන් විතරයි. දකින දකින කඩේ වහලා.

ඇත්ත ඇති සැටියෙන් ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිනොගන්න යාළුවො ඔය කාට කාටත් ඇතිනේ. ඉරිදට ෂොපින් කරන්න කොල්ලුපිටියට යන්න දඟලපු යාළුවෙක්ට මං දන්න බණ සේරම කිව්වා. කොහෙද ඉතින් අහන එකක්යැහ්. මිනිහා තනියෙන් කට්ට කනවා මදිවට මාත් ඒවට සම්මාදම් කරගන්නවා. ඇයි ඉතින් “අනේ උඹත් වරෙන්කෝ, යාළු ෆිට් එකනේ” කිව්වම නොයා ඉඳිතෑකියැහ්.

කොහොමින් කොහොම හරි වහපු කඩවල් ගාණේ කැරකිලා අන්තිමට අපි ගියේ කොල්ලුපිටියේ Kandy Uptown එකට. ඇඳුම්කැඩුම් සේරම අරගෙන මිනිහට මහන්සියි. උගේ පස්සෙන් ගිහින් මටත් මහන්සියි. ගත්ත බඩු ටිකට බිල දාගද්දී තමයි අපට මේකේ ඇතුළේ තිබුණු මචියාටෝ කැෆේ එක මීටර් වුණේ.

වාතාවරණය

මේක තියෙන්නේ කොල්ලුපිටියේ කැන්ඩි අප්ටවුන් එකට ඇතුල් වෙද්දී ම වගේ. කඩේට ඇතුල් වෙන්න තියෙන ලිෆ්ට් එකෙන් උඩට එද්දී එක එල්ලේම මේක දැකගන්න පුළුවන්. ලොකු ඉඩකඩක් නම් නැහැ. හැබැයි හරි ම හුරුබුහුටි කැෆේ පොඩිත්ත. දුඹුරු පාට ලී මේස, පුටු අහුරලා හරි ම පිළිවෙළයි. මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක තියෙන එකක් වුණත් ෆුඩ් කෝට් එකක කනවට වඩා දාහෙන් සම්පතයි.

කෑම බීම  

සාමාන්‍ය කැෆේ එකක තියෙන සැන්විච්, පැස්ටා, කෝපි, තේ, හොට් චොකලට්, වොෆල්, චීස් කේක්, වගේ ජාති තමයි මචියාටෝ එකේ තියෙන්නේ. ඒ හැරුණා ම මොක්ටේල් වර්ග කීපයකුත් අපට මෙයාලගේ මෙනුවේ තියෙනවා දැකගන්න ලැබුණා.

අපි ඕඩර් කළේ “ස්පයිසි චිකන් සැන්විච් (රු.280) එකකුයි, “වොෆල්ස් විත් චොකලට් සෝස් ඇන්ඩ් විපින් ක්‍රීම්" (රු.420) එකකුයි. අලි තිබහකින් ඉඳපු නිසා “අයිස් චොකලට් (රු.320) එකකුයි, “වයිට් චොකලට් ෆ්‍රැපේ” (රු.420) එකකුයිත් ගත්තා.

ස්පයිසි චිකන් සැන්විච් එකේ පාන් පෙති තට්ටු තුනයි. ඒ තට්ටු අතරේ හොඳට චිකන් පුරවලා. නමේ තියෙන විදියට ස්පයිසි නම් නැහැ ඉතින්. ඒත් අවුලක් නැතුව කාගෙන යන්න පුළුවන්. අනික රුපියල් 280ක් වගේ මුදලකට සෑහෙන්න වටිනවා. මොකද මේ වගේ මහත සැන්විච් දෙකක් ම හම්බවෙනවනේ.

අපි ගත්ත වොෆල් එක නම් නියම පාර. හොඳට බඩ පිරුණා. උණු ම උණු වොෆල් දෙකක් උඩින් ලෝබ නැතුව චොකලට් සෝස් එක්ක විපින් ක්‍රීම් දාලා. වොෆල් එකත් ගොඩක් මෘදුයි. පංකාදු චොකලට් රසක් තිබුණා.

පණ්ඩිතකමට වයිට් චොකලට් ෆ්‍රැපේ එකක් ගත්තට මොකද, මම ඇහැ දාගෙන හිටියේ යාළුවා බිබී ඉඳපු අයිස් චොකලට් එකට. හැබැයි වුණේ ඒකෙ අනිත්පැත්ත. දෙන්න ම පොර කකා මගේ වයිට් චොකලට් ෆ්‍රැපේ එක බොන්න ගත්තා. මොකද මේකේ තිබුණේ වයිට් චොකලට් රසට එකතු වෙච්ච කෝපි රසක්. නියමෙට කූල් කරලා තිබුණු නිසා තිබහට පට්ට.

අයිස් චොකලට් එකේ වරදක් නැහැ. කිරි, චොකලට් ගානට දාලා තිබුණා. කියන්න තරම් අමුතු රසක් නැහැ. හැබැයි අඩියේ තිබුණු චොකලට් රස උඩටත් තිබුණා නම් තමයි මරු. මොනවා වුණත් මේකත් ෂේප් එකේ බීගෙන යන්න පුළුවන්.

සර්විස් එක

කතා දෙකක් නැහැ මචියාටෝ එකේ සර්විස් එක සුපිරි. කවුන්ටරේට ඕනේ දේ කියලා බිලක් දාගෙන විනාඩි 10න් අපේ කෑම ටික ලෑස්ති වුණා. මෙතැන වැඩ කරන හැමෝම හරි ම මිත්‍රශීලියි. කාලා බීලා ඉවරවෙලා රෙස්ටෝරන්ට් එකෙන් පිටවෙලා යද්දීත් “සුබ දවසක්” කියලා කියන්න එයාලා අමතක කළේ නැහැ.

අවසාන වශයෙන්

ෂොපින් පාරක් දාලා මහන්සිවෙලා ඉන්න වෙලාවක, තිබහට දෙයක් බීලා, පොඩි කෑමක් බඩට දාගන්න පුළුවන් විදියේ කැෆේ එකක් ළඟ පාත තියෙන එක ම සෑහෙන්න දෙයක්. කැන්ඩි අප්ටවුන් එකේ තියෙන මචියාටෝ එකත් අන්න ඒ වගේ. ලොකුවට ගණන් හිලව් නැති නිසා සාක්කුවටත් ෂේප්.

Address

Macchiato, Kandy Uptown, Liberty Plaza

Directions

Go to Liberty Plaza and then to their new department — Kandy Uptown for Macchiato.

Contacts

Website

Report Inaccuracy

Open 10AM - 7PM

Cuisine

Western

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Salad Bready Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

See 6 Comments