Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Macchiato (Kandy Selection)

Kandy Selection, High-level Rd. Nugegoda


Macchiato is the in-house coffee stop of the newly opened Kandy Selection in Nugegoda.



ඔය අන්තිම එක කියල හිතාගෙන ගියේ. ඇයි ඉතින් දන්නැද්ද, අපේ වැඩනෙ. ඊටත් ෂුවරුත් නෑනෙ. ඒත්, ගියාට පස්සෙනෙ?

“ම්.. චොකෝ කාසට්ල් මෙනියු එක ගන්න පුලුවන්ද?”

“අනේ.. සොරි සර්, අද ඒ කට්ටිය නෑනෙ. මැකියාටෝ එකෙන් බලමුද?”

“අප්පටසිරි එහෙමද? ආ.. කමක් නෑ එහෙනම් ඒකෙන්වත් බලමුකො”

‘අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්’ කියන්න වගේ ගොඩවෙච්ච පළවෙනි දවසෙම, අවශ්‍ය කඩේ නෑ. මොනව කරන්නද ඉතින් එහෙමයි කියල නොකා එන්නත් බෑනෙ. පස්සෙ මැකියාටෝ එකෙන් බලල දැම්ම ඕඩරයක්. ස්පයිසි චිකන් සබ් (රු. 860) එකකුයි, ඩබල් චොක්ලට් චීස් කේක් (රු. 520) එකකුයි, කැපුචිනෝ (රු. 390) එකකුයි.

දාලා ඔන්න අමුණල කරල ඇල්ලුව කඩේ මුල්ලකුත්, වාඩිවෙලා පොඩි කයියක් දාන්න. මොකද අපේ පරණ යාළුවෙකුත් ඇවිල්ලනෙ හිටියෙ. කොහොමහරි කයිය මැදක් යද්දී.. කෑම ටික ආවා මේසෙට! හප්පේ.. එච්චරයි මතක ඕං. කයිය කොහෙන් ගියාද නෑ. එකෙක් සබ් බාගයක් කෙලින්ම අතට, අනෙකා චීස් කේක් එකේ. දෙයියනේ කියල මට ඉතුරු වුනේ කැපුචිනෝ එක විතරයි.

හැබැයි කට්ටිය, කට දෙක කද්දි නම් ඔන්න ෂෙයාර් කරගන්න ලයින් එකේ.

“එහ්! කටක් කන්න”

“කටක්? එක කටද බොල මට දෙන්නෙ. හා හා කමක් නෑ ඉතින් දෙනෝකො”

ගත්ත සබ් එක අතට. අරගෙන හොඳට සෝස් ටිකක් එහෙමත් ගාලා ගැලපුව තඩි කෑල්ලක් කෙලින්ම බඩට.

ෂැහ්! නරකමනෑ ආ.. හැබැයි සයිස් එක තමයි පොඩ්ඩක් පොඩි. ඒත් ඉතින් අර පොඩියට කපල හොඳහැටි තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් පදම නූලට තියල, සෝස් වලිනුත් හොඳ හැටි රස කරපු පොඩි පොඩි චිකන් කෑලි තොගේ නම් අවංකයෙන්ම පංකාදුයි. අනික ඊට උඩින් චීස් පෙති 2කුත් දාලනෙ. ඉතින් රස ඩබල් ත්‍රිබල්. ම්.. වැඩේ කියන්නෙ මෙයාලා තක්කාලි, ලූණු එහෙමත් නොසෑහෙන්න දාලා. ඒ වගේම සලාද කොළත්. ඇත්තටම ඒව නම් තව අඩු වුනත් කමක් නෑ ඉතින්. මොකද ඒකෙන් අර චිකන්, චීස් රස යට යනවනෙ. 

සබ් එක එලෙසින් රස වෙද්දි එයාලගෙ කැපුචිනෝ එකෙත් හොඳ රසක් නොතිබ්බම නෙවෙයි. හැබැයි ඒකෙ කෝපි රස තව ටිකක් වැඩි වුනා නම් හොඳයි මං හිතන්නෙ. මොකද ඒකට දාපු ක්‍රීම්, කිරි එක්ක ගොඩක්ම ඉස්මතු වෙලා තියෙන්නෙ කිරි රස තමයි.

හැබැයි ඉතින් ඔක්කොමත් හරි ඩබල් චොක්ලට් චීස් කේක් එකත් හරි. සුප්ප ඈ ඒක නම්. ඩබල් චොකෝ කියන්නෙ රියල්ම ඩබල් චොකෝ. අනික පාවිච්චි කරල තියෙන චොක්ලට් එකත් සෑහෙන්න හොඳ චොක්ලට් එකක්ද කොහෙද. මොකද කන්න කන්න ආස හිතෙනවනෙ. අර.. එකම අවුල තියෙන්නෙ චොකෝ රස වැඩි නිසා චීස් රස ටිකක් යටගිහින්. ඇත්තටම මම නම් ඒකට එක පයින්ම කැමතියි. ඒත් චීස් රසම බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් එච්චර සෙට්වෙන එකක් නෑ මගෙ හිතේ.

ඒ ඔක්කොමත් වගේ නෙවෙයි…

බිල ගෙවද්දි තමයි ඈ.. ඇත්තටම කෑමවල සයිස් එකයි, රසයි බලද්දි නම් ඒ ගාණ පොඩ්ඩක් වැඩියි වගේ. ආ නැද්ද මං කියන්නෙ!


TIP

Try Spicy Chicken Sub

Address

Kandy Selection, High-level Rd. Nugegoda

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment