4/5

Machan Dambulla

Mirisgoniya Junction, Dambulla


Chill with amazing tasteful bites & beer. But management is a question.



ඇයි ඉතින්.. කුරුල්ලො ඉන්නව කිව්වනෙ පැළෙන්න. ලසාටයි මටයි ආයෙ ඉවසිල්ලක් නෑ හොඳේ. ආරංචිය ආපු සනික, එක පැයට ලෑස්ති වුණේ. ඊටත් කැමරා බඩු ටිකයි, ඇඳුම් ආයිත්තම් ටිකයි සනිකව බෑග්ගත කරගෙන එවෙලෙ ම වීල් එකක කොටුවට කියන්නකො.

“අඩේ හැන්දෑවෙ විසිට් එක යාගන්න බැරි වෙයි නේ බං”

“ඔව් බං. අවුලක් ගන්න එපා ඉතින්. උදෙන්ම බහිමු වැඩේට”

කියල ඔන්න දෙන්න හෙමින් සැරේ නැග්ග බස් එකකට. ඒකත් මගදි සෙට්වුණා කියන්නකො ස්කූල් ට්‍රැෆික් එක ලෙසටම. අයියෝ... පුංචි හරි බලාපොරොත්තුවක් තියාගෙන ගියේ රෑ වෙලා වැව පැත්තෙ රවුමක් දාන්න. දැන් ඒකත් නෑ.

“කමක් නෑහ්! කොහොමහරි හය වෙද්දි බැහැගත්තනෙ”

කදමලු ටික බාගත්ත අනික් පැත්තට අපි කෝල් එකක් ගැහුවෙ අපිව පිළිගන්න එනව කියපු ඩෑල් දෙකට.

“ආ.. බොලා, දැන්ද ආවෙ. අපි පහේ ඉඳන් ඔතන යකෝ. බැරිම තැන ආවා මචං එකට. වරෙන් වරෙන් දැන් මෙහෙට”

කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. දැන් මචං ගියා කියන්නෙ ඉතින් හෙට පාන්දරින් පිටත් වෙන සිහිනයත් බොඳ වෙනව. ඒත් ඉතින් මොනව කරන්නද? අරුන් දෙන්න එතනනෙ.

‘යං යං’ කියල හෙමින් සැරේ මායි යාළුවයි ගෑටුව එතනට.

යද්දි.. මගෙ අප්පෝ! තව කොල්ලො දෙන්නෙකුයි, අපේ වුන් දෙන්නයි ගසනව මරේ කියල.

“හා හා... වාඩි වෙයල්ල වාඩි වෙයල්ල. අනේ උබලගෙ පහ”

“බෝ නං කියයි. යකෝ මග දිගට ට්‍රැෆික්, අම්බානක”

“ආ කමක් නෑ, කමක් නෑ. දැං කියාන්කො මොනවද කන්නෙ කියල. මොකද මෙතන බොන්න තියෙන්නෙ කොහොමත් බියර් විතරයි”

“හප්පේ ඒක හොඳයි. නැත්නම් හෙට පොටෝ නෙමේ ගහන්න වෙන්නෙ.

මොනව හරි කමක් නෑ ඉතින්. ස්ට්‍රෝන්ග් බියරුයි... රයිස්, පෝක් මොනව හරියි?”

“රයිස්, පෝක්? එළ එළ. අපි කොහොමත් සීෆුඩ් ග්‍රීන් රයිස් (රු. 580 එකකුයි, පෝක් වොක් කොත්තුවකුයි (රු. 550) ඕඩර් කරල තියෙන්නෙ. ඒනං, ඒක එනකං මේ හොට් බටර් මෂ්රූම් (රු. 380) එකයි, දයිය පෝක් (රු. 450) එකයි භාවිතයට ගමු”

“ආ... ඔය තියෙන්නෙ.

මේ මදෑ”

කියල... දෙන්න ගත්තට බීර අතට, බීපු පළවෙනි උගුරෙන් ම  දෙලෝ රත්වෙලා ඉස්මොලේ යනව තව පොඩ්ඩෙන්.

“තුක් විතරක්! මේ මොන මළජරාවක්ද බං මේ. කලවංද කොහෙද තනිකර ම. අමතු සබන් රහයිනෙ බං”

“හප්පට සිරාවට? ඒනං මේකා ගෙනැල්ල තියෙන්නෙ ලයිම් බියර්ද කොහෙද. ඉඳාන් ඉඳාන් මං කියන්න”

අනේ යාළු, බොන එක, එක පාර ම එපා කෙරෙව්ව ඒ වේටර් මහත්තය හොඳේ. ස්ට්‍රෝන්ග් ගේන්න කිව්වාම වෙන එක එක මළ ජරාවල් ගේනවද කියන්නකො එයාට ඕන. නැත්නම් නෑ කියන්න ඕන එක්කො.

පස්සෙ ඉතින් යාළු, කටත් එක්ක මොකක්දෝ වෙලා අමාරුවෙන් ඒ දාගත්ත වීදුරුව බිව්ව. වෙලාවට සුප්ප බයිට් ටිකක් තිබ්බෙ. සත්තයි කෝකියට මල් තියෙන්න ඕන ඒ වගේ බයිට් ටිකක් එව්වට. හොට් බටර් මෂ්රූම් එක එහෙම පංකාදු පහයි කියන්නකො. තඩි හතු කෑලි හොඳේ. ලුණු ඇඹුල් පදම නූලට තියාපු බැටර් එකක දවටල ගැඹුරු තෙලේ පදමට බැදල... කොටින්ම කියතොත් සෝස් ටිකක් ගාගෙන රස බලද්දි, කරස් ගාලා හැපෙන ගතියට, හප්පේ... ගමකට කතහැකි ඕං.

ඒ වගේම තමයි දයිය පෝක් එකත්. අනික ඒ පෝෂන් එකේ ලොකු. කෙලින්ම ආයෙ දෙන්නෙක්ට ඩයට් එකට ගන්න පුලුවන් ගානයි. හැබැයි කොළඹ දයිය පෝක් එක වගේ නෙවෙයි යාළු ඒක. පොඩ්ඩක් ඩෙවිල් ගතිය වැඩියි. ඒ කිව්වෙ ඇත්තටම මෙහේ මචංවල ඒවා පොඩ්ඩක් වේලිච්ච ගතියයිනෙ. අරක සෝස් එක්ක තෙත ගතියට තියෙන්නෙ. හැබැයි කෑලි මිරිස්, අමු මිරිස්, මාළු මිරිස්, කැරට්, ලූණු අඩු නැතුව දාලා පෝර්කුත් මස් කෑලි ම තියෙන්න, ගැඹුරු තෙලේ බැදල... අවංකයෙන්ම ඒක නම් තරු පහයි හොඳේ.

ඔය අතරට කොහොම හරි ග්‍රීන් රයිස් එකයි, කොත්තුවයිත් ඇවිල්ල තිබුනෙ. ඉතින් අපි බඩගින්නටත් එක්ක බැස්ස ඒකටත් හෙමින් සැරේ රස බලන්නය කියල. හැබැයි ඔක්කොටම කලින් කියන්න ඕන, රයිස් එකෙයි කොත්තුවෙයිත් සයිස් දෙක නම්.. පැහැදිළිවම තුන් දෙනෙක්ට, ඕං...

ඒ වගේමයි රසවලුත්. ලීක්ස්, අමුමිරිස්, ගම්මිරිස් එක්ක ගැඹුරු තෙලේ බැදල දාපු ඉස්සො, මාළු කෑලි තොගයයි, පොඩි පොඩි දැල්ලො කෑලි තොගයයි, කැරලි බිත්තරත් හොඳ හැටියටයි... කිව්වත් වගේ ග්‍රීන් රයිස් එකෙත්, කුක්ගෙ අත්ගුණේද මන්ද මල්ලි පංකාදු පහයි.

ඊටත්, කොත්තුව? සන්තෝසයි කියන්නෙ ඒකෙ නම් නැති දෙයක් නෑ ආයෙ. රම්පෙ කරපිංචවලින් පටන් ගත්තාම මිරිස්, ගම්මිරිස්, සුදුලූනු. එතකොට මාළු මිරිස්, කැරට්, ලීක්ස් ඇති වෙන්න. ඊට පස්සෙ ගැඹුරු තෙලේ බැදපු පොඩි පොඩි පෝක් කෑලි තොගයයි. ඒ විතරක් නෙවෙයි කැරලි බිත්තර, සෝස් අඩුපාඩුත් ලෙසටම කියන්නකො. ආයෙ කන්න කන්න ආසයි යාළු. හැරත් බයිට් එකත් කියාපුනෙ.

ඔහොම ඉතින් බයිට් තියෙද්දී... අර ජරා බීර වුණත් නතින්ග්. හැබැයි එහෙමයි කියල අපි දිගටම එව්ව බිව්වෙ නෑ. පස්සෙ ඔරිජිනල් ස්ට්‍රෝන්ග් ගෙන්න ගත්ත. හැබැයි වැඩේ වරද්ද ගත්තෙත් එතන තමයි.

ඊට පස්සෙ වැදුණ කියන්නෙ යාළු, කණ සාක්කුවෙ මම රාක්කයෙ කිව්වලු. හම්මෝ!


TIP

Try any thing.

Have you visited this place?

Write your own review!
Leave a comment