Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Machang Homagama

Station Rd, Homagama


An awesome calm place to get booze and a delicious bites & meals for a very reasonable prices.



සෑහෙන පරණ කතාවක් ඉතින්. වැඩේ කියන්නෙ, ඔයාලට කියන්න බැරිවුණානෙ මේ ප්‍රශ්න අස්සෙ. හැරත්... කාපු බීපු සතුටු වෙච්ච ඒව කතාකරන කාලයක්ද මේ.. නෙහ්?

ඒත් ඉතින්... අමාරුවෙන් හරි මට මේක අපේ බ්ලොග් ලැයිස්තුවට එකතු කරන්න වෙනව.

රස්සාවනෙ යාළුවනේ..

ඇත්තටම සිද්ධිය වුණේ අවුරුද්දට ඔන්න මෙන්න තියල. මායි යාළුවො දෙන්නෙකුයි පොඩි අඩියක් ගහන්න කියල දස අතේ තැනක් හෙව්ව. කොහෙද... තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව සිසාරා… නෑනෙ හිතට අල්ලන හරි හමන් තැනක්. බැරිමතැන තුන්දෙනා කොට්ටාවෙන් හෝමගම පැත්තටත් ටිකක් දාලා වීල් එක නැවැත්තුව.

“මොකෝ බං කරන්නෙ දැං?”

“ඒකනෙ බං. මං දන්න විදියට නං හෝමගමත් තියෙන්නෙ මචං එක විතරයි බොන්න”

“හ්ම්.. එහෙනං ඉතින් ඒකටවත් ගැලපෙමු. වෙන මොනා කරන්නද. අනික රෑ වෙන්නත් බෑ බං. අවුරුදු කටේ නිසා ගෙදරවුන්ගෙන් කුණුහරප අහගන්න වෙන්නෙ”

වචනෙ බැස්ස විතරයි ඉතින් තුන්දෙනාම, කෙළින්ම මචං එකේ.

ඒකත් වෙලාව කියන්නෙ අපි යද්දි සෙට් දෙකතුනයි කියන්නකො හිටියෙ. මුළු රෙස්ටුරන්ට් එකම ෆුල් ෆ්‍රී. අමුනල කරල ඔන්න වාඩිවුණා හොඳ නිදහස් තැනක් අල්ලල. ම්ම්… නියමයි ඈ. රස්තියාදු වුණාට පාඩු නෑ වගේ. සර්විස් එක එහෙමත්! ඊටත් වාඩි වෙලා අනික් පැත්තට කෑම මෙනු, ලිකර් මෙනු, හැඳි ගෑරුප්පු පිඟන් කෝප්ප සියල්ල එක පේලියට මේසෙ උඩටනෙ.

“සර් ඕඩරේ..”

“අපිට ගේන්න අයියෙ පරණ අරක්කු බාගයයි, සෝඩයි.. බයිට් එකට බ්ලැක් පෝක් යෙලෝ රයිස් එකයි (රු. 650), හොට් බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 560).”

“හරි සර්”

“ඒ එතකොට මට. මං පෝක් කන්නෙ නෑනෙ බං”

“හයියෝ මළවදේ. ඔන්න පටන් ගත්ත. ඒනං බෝ කියාන්කො බොට ඕන දෙයක්”

“ම්.. ඔම්ලට් වගේ මොනවහරි...”

“ඒනං සර් චිකන් ඔම්ලට් එකක් (රු. 340)?”

“ආ ඔව්. චිකන් ඔම්ලට් හොඳයි”

“හරි සර්, ඕකේ”

උපරිම සුහදශීලි විදියට ඕඩරේ බාරගත්ත සේවක මිත්‍රය, ඒක කිචන් එකට දාපු සනික අපේ ලිකර් අඩුමකුඩුම ටිකත් මේසෙට ගෙනාවා. ඇත්තටම, ආයෙ ආයෙ කිව්වත් පාඩු නෑ, අපේ වෙලාවද කියන්න දන්නෙත් නෑ, එදානම් සුපිරිම සේවාවක් හොඳේ.

‘බො’යන්න කටේ තියාගෙන ගියාට මොකද මම නම් ඇත්තටම බෝතලේ දිහා බලාගෙන පොඩ්ඩක් ඉවසල හිටියෙ බයිට් එක එනකම් කියල. ඒත් කොහෙද අපේ අනිත්වුන් දෙන්නනෙ… ඇල්ලුව කියන්නකො අමුඅමුවෙන්ම චියර්ස් පාරක්. හප්පේ... මගෙ ඇඟත් එක්ක හිරිවැටිල ගියේ. වෙලාවට ඒ විනාඩි පහ හය යනවත් එක්කම වගේ ඔම්ලට් එක ආවෙ. ආයෙ ඉතින් අර පෝක් කන්නෙ නැති එක්කෙනාගෙ වෙලාව තමයි. මුල් වට දෙක තුන යද්දි උපරිම... ඔම්ලට් එක ඉවරයි!

මොකද හොඳ ලුණු ගම්මිරිස්, මිරිස් පදමට බයිට් එකට කියාපු ම විදියටනෙ හදල තිබ්බෙ. අනික ඒකට අමු මිරිස්, ලූණු එහෙමත් ලියල දාලා, බැදපු චිකන් හීනියට ඉරල දාලා, කොටින්ම කියතොත් කන කන කටක් ගාණෙ චිකන් කෑල්ලක් එක්ක කටට සැරට බිත්තර රස, මදි නොකියන්න. ඉතින් ඉවර නොවී තියෙයිද කියන්නකො, ආ...

කොහොම හරි ඒ අනික් පැත්තට මේසෙට ආවා...

බයිට් එක නම් නෙවෙයි, බයිට් එකටත් එහා ගියපු සුපිරි රස වින්දනයක්. ත්‍රි පීස් වාදක මඩුල්ල. යාළු එච්චරයි මතක හොඳේ. අපේවුන් ඇල්ලුව ඇල්ලිල්ලක්… කෙළින්ම සිංදු තුනක් කියන්න ආපු අයියල හයක් කියල ගියේ, ඕං.

වෙලාවට ඔය අතරට දෙයියනේ කියල පෝක් යෙලෝ රයිස් එකයි, හොට්බට්ර් කට්ල්ෆිෂ් එකයිත් මේසෙට ආවෙ. නැත්නම් කට්ටිය අමුවෙන්ම ඉතුරු කාලටත් වැඩේ දෙන ගතියක් තිබ්බෙ, සිංදු ගැම්මනෙ.

ඒ වැඩේට නම් ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියල බැස්සෙ මම. ගත්ත පිඟානක් බෙදාගත්ත රයිසුයි පෝර්කුයි කට්ල්ෆිෂුයි තුනම එකට. බෙදාගෙන තව ෂොටකුත් දමාගෙන ඇල්ලුව පෝක් කෑල්ලක් කටගැස්මට.

ෂැහ්! අඹ ගහේ ජම්බු කිව්වලු. යාළු පංකාදුයි ඈ…

ආ... මට අමතක වුණානෙ. මේක ‘මචං’ නෙ. ඊටත් මචං එකේ බ්ලැක් පෝක් එකනෙ. එදා ඉඳන්ම, අඩුවක් පාඩුවක් කියන්න නැති එකම බ්ලැක් පෝර්ක් එක. රසත් සුපිරි, කහබත් හරි මඤ්ඤොක්කා හරි එක්ක ගැළපීමත් සුපිරි. ඔක්කොටමත් වඩා උණු උණුවෙන් මේසට ආව කියන්නෙ බයිට් එකටයි ඩයට් එකටයිත් සුපිරියිනෙ. අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ ඒකෙ තෙල් කෑලිත් අඩුයි. මිරිස් තුනපහ, ලුණු ඇඹුල් එක්ක, රම්පෙ කරපිංච ගොරක සුදුලූනුත් රස පදමට ගැලපිලා…

කොටින්ම, කන්න කන්න ආසයි යාළු.

ඊට දෙවනි නැති හොට්බටර් කට්ල්ෆිෂ් එකනෙ. හප්පේ, ඒකට දාලා තිබ්බ දේවල්. රස පදම නූලට තියෙන්න හදපු බැටර් එකක හොඳ හැටි දවටල ෆ්‍රෙෂ් තෙල්වල බැදලා ඒකට ලූණු, ලූණු කොළ, කෑලි මිරිස්, ගම්මිරිස්, මාළු මිරිස්, ලුණු ඇඹුලුත් ටොප් එකට දාලා… කොටින්ම කියතොත් උණු උණුවෙ සෝස් ටිකකුත් ගාගෙන කරස් ගාලා හැපුව කියන්නෙ, ෂොට දෙක දාගන්නව නතින්ග්! ඇයි ඉතින් සැර ගතිය කොහෙන් ගියාද නෑනෙ මචන්.

ඒ වගේම තමයි ඉතින්, ඒ තරම් රස බයිට් එක්ක සූර් වෙන්න වාඩි වුණා කියන්නෙ… ගසනව ගසනව තේරෙන්නෙත් නෑ, අනිත්මට ඇපත් නෑ, අපිත් නෑ…

ඕං පහුවෙනිදා කට්ටිය කිව්වෙ, හෝමගම හංදියෙ රෑ ජාමෙ කරල තියෙන විකාරයක්... චිකේ ලැජ්ජාවෙ බෑ අප්ප!


TIP

Try Black Pork Curry


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment