Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

2/5

Machang (Nawala)

277 1/3, Stanley Tillekerathne Mawatha, Nugegoda

Get it delivered on Pickme Food

Machang Nawala is at Nugegoda now. After the untimely death of their Nawala branch, Machang has claimed a new spot down Stanley Thilakeratne Mawatha.



හ්ම්…

අනේ මන්දා. දැන් නම් ‘මචං’ එක එන්න එන්න ම..?

ඒකත් මෙච්චර බිස්නස් තියෙන ‘නාවල මචං’ එකම වෙච්චි එකනෙ වැඩේ කියන්නෙ. අනිත් ඔක්කොම ‘මචං’ හොඳට දුවනව. මේකෙ, හැමදාම බැලුවොත් මොකක් හරි අවුලක්.

දැන් බලන්න යාළු ඔන්න ඊයෙ ගියා ඈ... මායි යාළුවයි. ගිහිල්ල හිටං පිටිපස්ස පැත්තෙ මැද්දට වෙන්න තිබ්බ උස මේසයක වාඩිවුණා. වාඩිවෙලා... බලාගෙන ඉන්නව, ඉන්නව කවුරුත් නෑ. ඊටත්, අපිටත් ඒක ගාණක් ගියේ නෑ මොකද ඔෆීෂියල් වැඩ ගොඩක් තිබ්බනෙ කතාබහ කරගන්න.

කොහොම හරි ටික වෙලාවකින් සේවක මල්ලි කෙනෙක් ආවා. ඒ ඇවිල්ල ඕඩරෙත් අරගෙන ගියා. ඒ යද්දි තමයි යාළුව මට කිව්වෙ...

“ඒහ්... උබ දන්නවද? අපි ඇවිල්ල පැයක් වෙලා බං”

කාට කියන්නද කියන්නකො ඉතින්!

ඒකත් අවුලක් නෑ, ඕඩර් කරපු කෑම ටිකවත් වෙලාවට ගෙනෙන්?

ආසාවටමයි යාළු ඕඩර් කළේ එයාලගෙ අලුත් ම හඳුන්වාදීම් තුනක්. සැල්දරි පෑන් ෆ්‍රයිඩ් පෝක් එකයි (රු. 750), ඩීප් ෆ්‍රයිඩ් ස්පයිසි බීෆ් විත් චිප්ස් එකයි (රු. 850), ස්පෙෂල් සීෆුඩ් චොප්සි රයිස් එකයි (රු. 775). බොන්න බීරයි, සැරවැයින් කාලයි.

අනේ කොහෙද...

බැරිම තැන අර සේවක මල්ලි එතනින් යන වෙලාවක් බලල මම කතාකළා.

“කෑම ටික එහෙම කොහොමද දන්නෑ නේ මල්ලි”

“සර් අර පෑන් ෆ්‍රයි වගේ ඒවා හදන්න ටිකක් වෙලා යනවනෙ”

“හා...”

ඒ කියන්නෙත් ඕඩරේ දාලා පැය බාගයකට විතර පස්සෙ. ඒකත් ඇහුවාම. හැබැයි වටේ පිටේ සමහර මේසවලට නම්, කෑම ටික සනි සනික!

රෙස්ටුරන්ට් එකටම මේස 4-5ක් ෆ්‍රී තියෙද්දිත් මෙයාලගෙ සර්විස් එක මෙහෙම නම්...

ඊටත් මට යකා නැග්ගෙ, අර හදන්න වෙලා යනව කියපු කෑමවලින් දෙකක්, පෝක් එකයි, බීෆ් එකයි ආවා. හැබැයි සීතල ම සීතලයි. බොලේ එහෙම වෙන්න බෑනෙ. දැං, වෙලා ගිහින් හැදුව නම් ඒක ඒ වෙද්දි රස්නෙට තියෙන්න එපැයි?

හිත හදාගෙන කටක් කෑවට පස්සෙ තමයි පොඩ්ඩක් හරි කේන්තිය නිවුණෙ. හොඳ හැටි ලුණු ඇඹුල් පදමෙ, පදම් වෙච්ච බීෆ් කෑලි... මිරිස්, ගම්මිරිස්, කොච්චි, සෝස් ජාති ටිකකත් කළවම් කරලා, චිප්ස් චූට්ටකුත් එක්ක. ගාණෙ හැටියට නම් වැඩක්ම නෑ. ඒත් අලුත් එකක් හින්ද කමක් නෑ කිව්ව හැකි.

පෝක් එක!

කතාකරන්න එපා, ෆොටෝ එකේ තියෙන්නෙ හොඳ සැලඩ් එකක්. ඒත් මේසෙට එන්නෙ පාස්ලි කොළ දාපු තණකොළ පිඟානක් වගේ එකක්. හිතන්නකො ඒකත් නොම්මර එකට සීතල වෙලා එද්දි. පංකාදු පහට පෑන් ෆ්‍රයි වෙච්ච පෝක් ටික, අර සේවකයට බෑනෙ වෙලාවට ගෙනැල්ල දෙන්න. 

ආයෙත්, ඒ දෙක කකා අපි බලාගෙන ඉන්නව රයිස් එක එනකම්. 10යි වෙලාව, රයිස් තියා එක හාන්කවිසියක් නෑ. බැරිම තැන කතාකරල මැනේජර්ට කිව්ව. ඒ කිව්වාම කියන්නකො ඕඩරේ කිචන් එකට ගියේ. බැලින්නම් අර සේවකයා රයිස් එක ඕඩරේටවත් දාලා නෑ.

ඔක්කොමත් හරි, ඇදගෙන නාගන්නව වගේ වැඩක් වුණේ චොප්සිය ගෙන්නගෙන. ඉස්සො දෙන්නයි, දැල්ලො කෑලි හතරයි, මාළු... කෑලි දෙකයි, කටු දෙකයි, එළවළු නම් දාලා තියෙනව අම්බානක. ඒ හැරුණාම රසකාරක එහෙමත් මදි නොකියන්න දාලා... මං හිතන්නෙ විසිකරන්න තියෙන ඒවයින්ද කොහෙද ඒක දාලා තියෙන්නෙ.

තව මොනවත් කියන්න යන්නෙ නෑ යාළු මොකද, දැනටමත් කුණුහරුප ගලාගෙන එන තත්ත්වෙක ඉන්නෙ. කොහොමහරි ආයෙ නම් යන්නෑ ඔය හතර මායිමේ. යන්න දෙන්නෙත් නෑ එකෙක්ටවත් දන්න කියන ‘මචං නාවලේ’...


TIP

Try Black pork curry with manioc or yellow rice.


Similar Places

User Reviews
Avatar for Lochana Akalanka
1

2/5

0

Lochana Akalanka

They have significantly reduced the quality of their special mix rice. Disappointing.

T
1

2/5

0

Tharinda Palansuriya

Yesterday I visit Machan Nugegoda Branch.Worst food and they cant make the orders ontime and they missed items lot. We ordered sea food rice. We saw some meat on it and we guess that was beef and asked from waiter is that beef ? He said that was a beef and he took that out from table and served another to us. We noted that was the same they put out beef pieces and put some sea food on it. Terrible service. Quality of other portions are too bad also. Seems like untrained staff working there. Im not recommended nugegoda branch.

H
1

4/5

1

hasitha

Food is awesome… Cool Pricez !!!

Avatar for Lochana Akalanka
1

2/5

0

Lochana Akalanka

They have significantly reduced the quality of their special mix rice. Disappointing.

T
1

2/5

0

Tharinda Palansuriya

Yesterday I visit Machan Nugegoda Branch.Worst food and they cant make the orders ontime and they missed items lot. We ordered sea food rice. We saw some meat on it and we guess that was beef and asked from waiter is that beef ? He said that was a beef and he took that out from table and served another to us. We noted that was the same they put out beef pieces and put some sea food on it. Terrible service. Quality of other portions are too bad also. Seems like untrained staff working there. Im not recommended nugegoda branch.

H
1

4/5

1

hasitha

Food is awesome… Cool Pricez !!!

See 22 Comments