Artwork for Sampath Top - June

3/5

Machang (Nawala)

277 1/3, Stanley Tillekerathne Mawatha, Nugegoda


Machang Nawala is at Nugegoda now. After the untimely death of their Nawala branch, Machang has claimed a new spot down Stanley Thilakeratne Mawatha.



“ඒ… තඩියො.”

“ඇයි මොකෝ”

“දන්නවද වැඩක්”

“නෑනෙ”

“මචං නාවල, නුගේගොඩට ගෙනැල්ල කියන්නෙ”

“හෑ…!”

ඒක ඇහුවා විතරයි මට නේද යාළු උක්ත ආඛ්‍යාත මාරු වුණා. ඇයි අප්පේ… මචං කිව්වාම ඉතින් මගේ ගෙදර වගේනෙ ඉස්සර තිබ්බෙ.

“ඒ බලබල ඉන්න බෑ අද ම යන්නෝනි හොඳද” මම විශ්විට වචනෙ දැම්මා. දාලා අනික් පැත්ත හැරෙද්දි මෙන්න චින්තකයත්, එක පයින් ම.

“මාත් එනව හොඳේ”

“එළ. තව කවුද එන්නේ… ඉන්නකො මම ෆේස් බුක් චැට් එකක් හදන්න. එන කට්ටිය ඒකට සෙට් වෙන්න”

ඔක්කොම වැඩ පැත්තක දාලා මම ‘මචං බොMUDA’ කියල චැට් එකක් හැදුවා. හදල දන්න කියන හැමෝම ඒකට එකතු කළා. කරලා ඉතින් සෙට්වෙන වෙලාව, වියහියදම් ගැනත් විස්තරේ දාලා ඔන්න ඉන්නව.

ආයෙත් ඉතින් මම චැට් එක බැලුවෙ පිටත් වෙන්න ඔන්න මෙන්න තියල. හැන්දෑවෙ 5ට විතර.

“යකඩෝ… අපේවුන් ඔක්කොම වගේ මචං ෆෑන්ස්ලනෙ”

එනවැයි කියල දාපු අය ම ඉන්නව 8ක් 10ක් විතර.

ආයෙ ඉතින් මොනව බලන්නද කියල ඔෆිස් එකෙන් පිටත් වෙන්න ඉඳපු අපේ 4, 5දෙනා අරගෙන මම ගියා ස්ටැන්ලි තිලකරත්න මාවත පැත්තට.

“කොහෙද බං මේ අලුත්…”

“අර තියෙන්නෙ උඩම තට්ටුවෙ දිලිසි දිලිසි” ජුබිලි කණුව පැත්තට වාහනේ කිට්ටු කරද්දි ම වගේ වම් පැත්තෙ සතොසෙ උඩ තට්ටුව පෙන්නල සරිත් මචං එක පෙන්නුවා. සැහ්! දැන් ඉතින් මටත් ඉවසිල්ලක් නෑ. බැස්ස තැනම තිබ්බ ‘මචං නාWALA’ ලිෆ්ට් එකෙන් උඩට ගියපු අපි කෙළින්ම ඇතුල් වුණේ බාර් එකට.

කිව්වට විශ්වාස කරන්න යාළු නොම්මර එකයි ඈ… ආයෙ ‘මචං’ අනන්‍යතාවය එලෙසින්ම තියෙන්න අර ලී බංකු, මේස ස්ටයිල් එකටම හදල තියෙනව. ඒ වගේ ම තමයි සේවක මඩුල්ලත්, පිවිසුමේ දි ම ෆුල් පිළිගැනිම. අපිටත් ඉතින් හරි සන්තෝසයි.

“අයියෙ, අපේ ඉන්නව 8ක් විතර. මේස 2ක් ළංකරලා සෙට් කරමුද”

“හරි මහත්තය”

කිව්ව විතරයි මේස ළංකරල, බංකු තියල සෙට් කරල දුන්න සේවක මිත්‍රයා, ඒ වෙද්දි අපි කතාවෙවී ඉඳපු ඕඩරෙත් අරගෙනමයි ගියේ. ‘සංස්ථා පරණ අරක්කු බෝතලයයි, බියරුයි, සැන්ඩියි, බයිට් එකට හොට් ගාලික් පෝර්ක් එකයි (රු. 600), මචං ස්පෙෂල් රයිස් එකයි (රු. 725), ක්‍රම්බ්ඩ් ෆ්‍රයිඩ් ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකයි (රු. 700).’ ඇතිනෙ ඉතින් නේ…

වැඩේ කියන්නෙ ඕඩරේ දාලා වේටර් අයියා ආපහු ආව කියන්නකො. ඇවිල්ලා පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු මේසෙ උඩින් තිය...ල ෆුල් සැලකිලි ආ…

ඒ අතරට ඉතින් අපි නම් හිටියෙ බර කතාබස්වල. මොකද ඉතින් හැමදාම සෙට් වෙනවැයි කට්ටිය ම මෙහෙම?

කොහොම හරි දාපු බඩු ටික මේසෙට එන්න නම් විනාඩි 15ක් 20ක් විතර ගියා. ඒත් ඒක දැනුණෙ නෑ. මොකද රූෆ් ටොප් එකේ හුළං පාරත් එක්ක කට්ටිය පුල් පන් එකේනෙ.

බෝතලේ කඩලා මුලින්ම ‘චිරාස්’ පාර දැම්මෙ… මම තමයි ඉතින්. දාලා කටගැස්මට කියල ගත්තා දවටල බැදපු මාළු කෑල්ලක්.

ම්ම්… හොඳයි ආ… හැබැයි දෙහි පෙත්තක් වගෙත් ආව නම් තමයි වටින්නෙ. මොකද ඒකෙ තියෙනවනෙ අමුතු ගතියක්. ඊටත් ඒ මාළුවල දැවටුම ටිකක් ඝන වැඩියි වගේ. මොකද මාළු රස දැනෙන්න ගොඩ වෙලාවක් හපන්න ඕන. හැබැයි හොඳ ෆ්‍රෙෂ් එකට තිබ්බ. පදමට බැදුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් තිබ්බ නිසා වැඩේ තවත් මරු.

ඒ එක්කම වගේ මම කාලා බැලුවෙ පෝර්ක් එකෙන් කෑල්ලක් දෙකක්.

ෂහ්! අන්න පෝර්ක් ඈ… නොම්මර එකයි. ආයෙ සියල්ල ගාණට. එකම අවුල තිබ්බෙ හිතපු තරම් ගාලික් රස තිබ්බෙ නැති එක. ඒත් වෙලාවෙ හැටියට ඒකත් හොඳයි අප්ප. මොකද ගොඩදෙනෙක් ගාලික් කන්නෙ නෑනෙ. අවංකයෙන් ම පෝර්ක් එකේ තෙලේ කෑලි තිබ්බෙත් 2, 3ක් වගේ. අනිත් ඔක්කොම මස්. කටුත් නැති තරම්. ඊටත් ඒවා බැදලා, සෝස්, ලූනු, ලූනු කොළ දාලා නිසා තලුමරමර රස කන්නත් පුළුවන්. ඒත් කොහෙද ඉතින්. අපේ ඉන්නවනෙ පෝර්ක්වලට අරක් ගත්ත එකෙක්. අනේ කිව්වට විශ්වාස කරන්න කෑලි 2ක් කාලා ඒ පැත්තට පිඟාන යැව්වා විතරයි. එද්දි ලූණු කොළයි, සෝසුයි...!

කට්ටිය දෙක දාද්දි මම හිටියෙ හතරෙ වගේ. ඒ නිසා ම පොඩ්ඩක්, තිබ්බ නිකම් දන්නැද්ද. බඩගින්නක් අල්ලයිදෝ කියල හිතලයි මම රයිස් එක අතට ගත්තෙ.

‘යම්ම්…’ එළ ආ… හැබැයි ඉතින් ලොකු මෙව්ව එකකුත් නෑ. නෝමල් චොප්සි රයිස් ගතියක් තමයි පෙන්නුම් කළේ. තඩි බුල්සායි එකක් උඩින් ම. ඊට පස්සෙ කැරට්, බෝංචි, ලීක්ස්, ගෝවා එක්ක රස පදමට ගැඹුරු තෙලේ බැදපු චිකන්, මාළු, ඉස්සො, දැල්ලො, පෝර්ක් ටිකක් නම් තිබ්බා. ඒ හැරුණාම ඉතින් බතුත් සෑහෙන්න තිබ්බා.

ඒත්… අනේ මන්දා!

කොහොම හරි ඊට පස්සෙ ඕඩර් කරලා මේසෙට ගෙන්නපු චිකන් චීස් කොත්තුව (රු. 600) නම් මෙලෝ රහක් නෑ. ඊට වඩා හොඳට චීස් කොත්තු නයිට් කඩවලත් තියෙනව. ඒ කියන්නෙ, ඒකෙ ඔක්කොම වගේ ගාණට තියෙනව, වගේ පේනව. හැබැයි චිකන් එහෙමත් හොඳට තිබ්බා. චීසුත් තිබ්බා… ඇත්තටම රස පැත්තෙන්, හිතාගන්න බැරි අවුලක් තිබ්බෙ. එක්කො කොත්තු බාස්ගෙ අතින් මොනව හරි රසකාරකයක්වත් අඩු වෙලා වෙන්න ඕන. හැරත් කොත්තුව කර වෙලත් මදි ටිකක්.

අන්න ඒකට අන්තිමට ආපු බ්ලැක් පෝර්ක් කහබත් එක (රු. 650). පිස්සු හැදෙනව ඈ… බ්ලැක් පෝර්ක් කියන්නේ, සුපිරි ම බ්ලැක් පෝර්ක් ඈ… ආයෙ ගැරන්ට් කරල කියන්න පුළුවන්. ලංකාවෙ තියෙන සුපිරිම බ්ලැක් පෝර්ක්වලින් එකක් තමයි, ‘මචං බ්ලැක් පෝර්ක්’ එක. එදත් එහෙමයි අදත් එහෙමයි. මිරිස් තුනපහ වගේ ම ඒකට දාපු පෝර්ක් කෑලිවලත් තිබ්බෙ පුදුම රසක්.

“ඒ… මෙතනින් බ්ලැක් පෝර්ක් එකක් අරන්, ගෙදර ගිහිල්ලා පාන් කන්න හිතෙනව බං. ඒ තරම් ඈ...” පෝර්ක් රසට පිස්සු වැටිලා වගේ චින්තක වෙරි මර ගාතෙ කියවනවා. ඒ අතරෙ, පෝර්ක් එක අනික් පැත්තට ගිහිල්ලා. මට ඈතින් පේනවා, අපේ පෝර්ක් කෑදරයා දසබසගාලා එ්කට දෙසනව. කොහෙද ඉතින්, කණ සාක්කුවෙ දාගෙන පුළුවනයැ ඒකට කෑගහන්න. අන්තිමට මගේ අඩවන් වූ දෑස් ඉදිරියෙම පෝර්ක් එක ඉවර වුණා...

හනේ... හයියෝ….

ඔන්න කොහොම හරි අභාවප්ප්‍රාප්ත වෙන ගාණට වැදිලා තියෙද්දි තමයි කස්ටිය පූල් බෝඩ් එකට කිට්ටු කළේ. මට ළාවට මතකයි මම බෝල ටික හැදුවා. ඒ නිසාමයි කියන්නෙ යාළු, එතන නම් පූල් ගහන්න යන්න එපා. අපරාදෙ සල්ලි. මොකද බෝල තියෙන්නෙ 14න් 2යි, 12න් 2යි, 7න් 2යි, 3න් 2යි… ඊටත්, හොම්බ මොට වෙච්ච, මිට ගැලවිච්ච පොලුත් 2යි.

වැඩක් නෑනෙ ඉතින්, නේ…!


TIP

Try Black pork curry with manioc or yellow rice.

Artwork for Sampath Content Sep generic

Address

277 1/3, Stanley Tillekerathne Mawatha, Nugegoda

Directions

It's located at the top floor of Sathosa building down Stanley Tillekerathne Mawatha.

Contacts

Instagram

Report Inaccuracy
Similar Places

User Reviews
T
1

2/5

0

Tharinda Palansuriya

Yesterday I visit Machan Nugegoda Branch.Worst food and they cant make the orders ontime and they missed items lot. We ordered sea food rice. We saw some meat on it and we guess that was beef and asked from waiter is that beef ? He said that was a beef and he took that out from table and served another to us. We noted that was the same they put out beef pieces and put some sea food on it. Terrible service. Quality of other portions are too bad also. Seems like untrained staff working there. Im not recommended nugegoda branch.

H
1

4/5

1

hasitha

Food is awesome… Cool Pricez !!!

T
1

2/5

0

Tharinda Palansuriya

Yesterday I visit Machan Nugegoda Branch.Worst food and they cant make the orders ontime and they missed items lot. We ordered sea food rice. We saw some meat on it and we guess that was beef and asked from waiter is that beef ? He said that was a beef and he took that out from table and served another to us. We noted that was the same they put out beef pieces and put some sea food on it. Terrible service. Quality of other portions are too bad also. Seems like untrained staff working there. Im not recommended nugegoda branch.

H
1

4/5

1

hasitha

Food is awesome… Cool Pricez !!!

See 19 Comments