Artwork for KAMU TOP BANNER

4/5

Machang (Pannipitya)

High level roadPannipitiya


An awesome place to get booze and a delicious meal for a very reasonable price.



ඔන්න ඈ…

මෙදා පාර නම් වැඩේ කෑවෙ මමමයි.

පොඩි වැඩ ටිකක් කරගන්න පහුගිය බදාදා නිවාඩු දාපු මට, හවස් වෙද්දි ආපු වැස්ස නිසා හිතුණෙම පොඩි අඩියක් ගහන්න. ආයෙ ඉතින් ගෙවල් පැත්තෙ සෙට් එකත් එකෙන්ම ඕකේ නෙ. ඒ වාසියෙන් හොඳම පිට් 3දෙනෙක් විතර අල්ලල මැසේජ් දාපු මම, පණිවුඩේ තිබ්බෙ හන්දෑවෙ 7, 8 වෙද්දි පන්නිපිටියෙ මචං එකට එන්න කියල.

ඒ කියල, වෙලාව බලල, මාත් බැස්සා පාරට. ෂෝටක් එහෙම දාගෙන, කුඩයක් එහෙමත් ඉහිලගෙන. බැහැලා ගිහින් ගත්තා වීල් එකක් හංදියෙ වීල් පාර්ක් එකෙන්. අරගෙන, සිගක් එහෙමත් පත්තු කරගෙන, බලාගෙන ඉන්නව ඉන්නවා... පැය කාලකට වැඩිය ගියා කියන්නකො පන්නිපිටියට එන්න. ඒ තරමට ට්‍රැෆික්. වෙලාවට අපේ එකෙක්වත් ඇවිල්ල හිටියෙ නෑ. නැත්නම් කුණු බැණුම් අහගන්න වෙන්නෙ.

කොහොම හරි එක පිම්මෙ වීල් එකෙන් පැනපු මම දූවල ගිහින් නතර වුණේ මචං එකේ උඩ තට්ටුවෙ. වට පිට බලලා, වතුර ටිකත් ගසල දාලා හිමින් සැරේ ගිහින් හිස් වෙලා තිබුණු මේසයකින් වාඩි වුණා. ඒත්, බයිට් ඕඩර් කරන්නවත් බෝතලේ ඇවිත් නෑනෙ. ඉතින් ඉස්සෙල්ලම කළේ ෆෝන් එක අතට අරගෙන කට්ටියට කෝල් කරලපු එක. බැලින්නම්, මෙන්න බොලේ අපේ එක්කෙක් ගේට්ටුව ළඟම. ඒකත් බෝතලේ ගේන එකාමයි ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නෙත්. මට ඉතින් රජ මගුල් වගේ.

අායෙ බල බල ඉන්න දෙයක් නෑනෙ. අනිත් අයට කෝල් කිරිල්ල පැත්තකින් තියපු මම යාළුව ඇවිත් වාඩි වෙන අතරට කෑම මෙනුව අරගෙන බයිට් තෝරන්න පටන් ගත්තා. දෙයියනේ කියල අපේ උන්දැල ඕන මසක් මාළුවක් කනවනෙ. ඒ නිසා මම බේද නැතුවම ටාගට් කළේ පෝර්ක්.

මෙනුවට අලුතින් ආපු හොට් බටර් පෝර්ක් එකක්, අනිවා ගන්න ඕන කියල හිතපු මම ඩයට් එකට, මචං ස්පෙෂල් මික්ස් රයිස් එකක් ඕඩර් කරන්නයි කල්පනා කළේ. සැන්ඩියට ඉතින් කොහොමත් සෝඩනෙ.

කියන්න සන්තෝසයි යාළු, ඕඩරේ දාන්න වේටර් මල්ලිලා හොය හොය ඒ හැටි ලත වෙන්න නම් වුණේ නෑ. එක ‘ස්..’ පාරයි, මල්ලි අපේ මේසෙ ළඟ. ඒකත්, ඕඩරේ නිකම් අහගෙන විතරක් ගියේ නෑ. පොතක් අරගෙන ලියාගෙනයි ගියේ. ඒ මදිවට විනාඩි 5ක් යන්නත් කලින් පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු සියල්ල ගෙනැල්ල මේසෙත් ටොප් එකට හදල දුන්න.

හැබැයි ඉතින් බයිට් එක මේසෙට එන්න නම් විනාඩි 10ක් විතර ගියා. ඒත් අවුලක් තිබ්බෙ නෑ, මොකද අපේ අනිත් යාළුවො දෙන්නත් ආවෙ පරක්කු වෙලානෙ. කොහොම කොහොමින් හරි පළවෙනි චියර්ස් පාරට කටගැස්ම වුණේ හොට් බටර් පෝර්ක් එක.

ෂප්පේ… ටොප් කියන්නෙ යාළු, මතක් වෙද්දිත් කටට කෙළ උනන ගානයි. අනික උණුඋණුවෙ නිසා රස ඩබල් ත්‍රිබල්. හොඳ ඝනකමට ඇතිරුණු බටර් තට්ටුවෙ ක්‍රිස්පි ගතියත් නියමෙටම තියෙනව. ලූණු, ලූණු කොළ, අමුමිරිස්, කෑලි මිරිස් එහෙමත් පදමට එකතු කරල. සැර ගතියත් හොඳ හැටි තියෙන නිසා බයිට් එකට නම් කියාපු. අනික පෝර්ක් කෑලිත් හොඳට බැදිල කරලනෙ. ගෑරුප්පුවකට කෑල්ලක් අමුණල අරගෙන සෝස්, චිලී පේස්ට් ටිකක තවරල රස බලද්දි, රස නහර පිනා යනව. ආයෙ අරක්කු සැර කොහෙන් ගියාද නැති ගානයි. අනික පිඟාන පිරෙන්න තියෙන නිසා බෝතල් බාගෙකට වුණත් ඇති. ඒත් කොහෙද ඉතින්, අපේ එවුන් එක්ක පුළුවන්යැ ඕවා බේරගන්න.

වෙලාවට පෝර්ක් එක වාශ්ප වීගෙන යද්දි මික්ස් රයිස් එක ආවෙ.

අන්න බඩගින්නට කනව නම් රයිස්! මික්ස් චොප්සියක් කිව්වත් ලොකු අවුලක් නෑ. මොකද මේකෙ බත් ටික වැහෙන තරමට චොප්සි තමයි තිබුනෙ. ඒකත් තම්බපු පෝර්ක්, චිකන්, ඉස්සො, මාලු පිරෙන්න. මගෙ මතකෙ හැටියට දැල්ලො නම් තිබ්බෙ නැද්ද කොහෙද. ඒ වුනාට ලීක්ස්, ගෝවා, කැරට් එහෙම නම් හොඳ හැටියට තිබුනා. අනික චයිනීස් සෝස් වලින් එන රසත් නියම ගාණටනෙ. වැඩේ කියන්නෙ සැර ගතියක් නම් නැති තරම්. ඔය, ගම්මිරිස් වලින් ආපු පොඩි සැර ගතියක් තමයි. එහෙමයි කියල ඒක ඉතුරු වුනෙත් නෑ.

මොකද ඒ වෙනකොට බෝතල් බාගයකට එහා පැත්තෙ ආමාශගත වෙලානෙ. පදමට සූර් වේගෙන එනකොට, දන්නැද්ද අපේ කට්ටිය. ආයෙත් වේටර් මල්ලිට එන්න කියල මචං එකේ හැමදාමත් නැගල යන වොක් කොත්තුවක් ඕඩර් කළා. හැබැයි ඒකත් පෝර්ක්! වැඩේ වුනේ ඔය මුලින් කාපු හොට් බටර් පෝර්ක් එක නැගල ගියානෙ. ඒකෙන්, පාර්ටිය දිගටම පෝර්ක්.

සැර ගතියෙන් වගේම තාච්චි කොත්තුවක තියෙන්න ඕන වේලුණු ගතියෙනුත් අනූන මචං වොක් කොත්තුවෙ මදි නොකියන්න දාලා තිබුණු කැරට්, ලීක්ස්, ලූණු, ලූණු කොළ නිසා දැක්කාම කන්න හිතෙන ගාණක් තිබුණෙ. ඒත් කියන්න ඒ හැටි හිතේ සතුටක් නෑ, කොත්තුවට දාලා තිබුණ පෝර්ක් කෑලිවල නම් රස ටිකක් මදි. මොකද බැදිච්ච ගතියක් නෑ. අනික ගොඩක් ඒවා තෙල් කෑලි. රස පදම ගන්න නම් සෝස්, චිලී පේස්ට් ටිකක් ගා ගන්නම වුන සීන් එකක් තිබුනෙ.

කොහොම කොහොමින් හරි බෝතලේ අඩියට හිඳෙද්දි අපේ අයියල දෙන්නෙක් විතර සැප දෙන්න පටන් අරගෙන. ඔය කිව්වට ඉතින් මටත් ටිකක්… දන්නැද්ද ඉතින්!

මතකෙ හැටියට වෙලාවත් රෑ 11ට කිට්ටු කරල තිබුණෙ. ළා.. බඩ ගින්නක් ආවට මොකද 10.30ට මචං කුස්සිය වහනවනෙ. ඉතින් දුක තමා.

එහෙමයි කියල අපි නිකම් ඇරියෙ නෑ. සයිකල් 2ට ගොඩ වෙලා කෙලින්ම ඇල්ලුව කියන්නකො ගෙවල් පැත්තෙ මළගෙයක්!


TIP

Try the Hot Butter Pork.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

User Reviews
Avatar for effdog
2

4/5

0

effdog

Great place. Seriously cheap af. Try their “Machan special rice” its lit…This is no longer BYOB though. They have booze now.

Avatar for effdog
2

4/5

0

effdog

Great place. Seriously cheap af. Try their “Machan special rice” its lit…This is no longer BYOB though. They have booze now.

See 2 Comments