4/5

Machang (Pannipitiya)

High level roadPannipitiya


An awesome place to get booze and a delicious meal for a very reasonable price.


“සිරාවට?

එළ එළ බං. අවුලක් නෑ ඒනං උඹවත් වරෙන්කො”

අපේ වුණ්ගෙ රෙද්දෙ සෙට්විලි. හතරක් එනව කියල අන්තිමට එකයි කියන්නකො ආවෙ. මට නේද, මළේ මළ. ඇයි අප්පේ, දත කට මැදගෙන හිටිය කාලෙකට පස්සෙ සෙට්වෙන්න කියල. ඒකටත් පොල්ල තිබ්බනෙ මුන්. අනේ ඇත්තමයි…

හැබැයි මාත් අතඇරියෙ නෑ. ඕන මගුලක් වෙච්චාවෙ කියල ඉඳපු එකා එක්ක ගියා බොන්න. හැරෙන තැපෑලෙන් කෙළින්ම පන්නිපිටියෙ මචං එකට!

වැඩේ කියන්නෙ ඒ යද්දිනෙ, මුළු ප්ලේස් එකම නිකම් පාළුවට ගිහින් වගේ. හැබැයි දොරෙන් එබිකම් කරල බැලුවාම වේටර් මල්ලිලත් ඉන්නව පේන්න.

“ම්.. මොකක්ද සීන් එක...”

“ඇයි බං. වහලද?” පිටිපස්සෙන් ආවෙ යාළුව.

“නෑ බං. මගෙ හිතේ අද සඳුද නිසා වෙන්න ඕන, සෙනඟ නැති සීන් එකක් තියෙන්නෙ. සඳුදට ඉතින් එන්නෙ ම බේබද්දො විතරනෙ.”

“ආ.. ඒක මිසක්. ඒකට අවුලක් නෑ යමංකො යමංකො ඇතුළට. බාග වෙලාවට රෑ වෙද්දි සෙනඟ වැඩි වෙන්නත් බැරි නෑ. ගිහින් අල්ලගමු සනික තැනක්”

දෙන්න ඔන්න අඩියට දෙකට උඩ තට්ටුවෙ ඈ. ගිහින් ඇල්ලුව කෙළින්ම අයිනට ම වෙන්න තිබුණු සුපිරි මේසයක්. ෆෑන් එකක් එහෙම දාලා..

ෂැහ්, ෆුල් නිදහස් ප්ලේස් එකනෙ. ඊටත් වෙනද මචං එක වගේද බලන්නකො අද මචං එක. කොටින්ම මචං කියන්නවත් එකෙක් නැති ගානයි.

හිතේ නිදහසින් අපි හෙමින් සැරේ... හරි බරි ගැහිලා වාඩිවුණා විතරයි. මෙන්න බොලේ සේවක මිත්‍රයෙකුත් අපේ ළඟ.

“ගුඩ් ඊව්නින් සර්. මොනවද බොන්නේ..”

“හ්ම්.. අපිට බියර් දෙකයි. ඕල්ඩ් බාගයකුයි ගේන්නකො. බයිට් එකට ස්පයිසි ග්‍රීන් රයිස් එකකුයි (රු. 550), හොට් ගාලික් පෝක් එකකුයි (රු. 550), හොඳේ”

“හරි සර්. පටස් ගාලා ගේන්නම්”

අර කිව්වට! වෙනද වගේ නම් පටස් ගාලා ගේන්න තියා හිතන්නවත් වෙන්නෙ නෑ. ඔය අද නිසා මිසක්.

දෙයියනේ කියල හැබැයි කොල්ල වචනෙ නම් වචනෙ කියන්න වගේ බොන අඩුමකුඩම ටික විනාඩියට දෙකට ගෙනාවත් එක්ක. හැරත් පෝක් එක! බොලේ ඒකත් ඊළඟ ටර්න් එකේ, ඒකත් මේසෙ උඩනෙ.

“ඉතිං බලාං බං… සෙනඟ නැති දාට, නේ?”

“ඒක නේන්නං බං මාත් මේ බැලුවෙ.” යාළුව කිව්වට... ඇහැ තිබ්බෙ නම් බෝතලේ පැත්තෙ. පෝක් එකත් ආපු නිසා කාරිය බලබල ඉන්න දෙයක් නෑනෙ කියල හිතන්න ඇති.

බොරු කියන්න ඕන නෑනෙ, මාත් ඉතින් ඒ චියර්ස් පාරට ම සෙට්වුණා. සෙට්වෙලා හිටං… ඉස්ඉස්සෙල්ලාම කියල ඔන්න පෝක් කෑල්ලක් කටට.

කිරි අප්පට බල්ලො බුරපි! යකඩෝ.. එව්වනෙ බයිට්. අනික පෝක් කෑලිවල සයිස්. ආයෙ මහපට ඇඟිල්ලට වඩා ලොකුයි. හොඳ හැටි සෝස්, ගාලික් රස පදමට සෙට් වුණු සුප්ප දැවටුමක ඝනේට දවටල, ගැඹුරු තෙලේ බැදල. මගෙ හිතේ ඊට පස්සෙ වෙන්න ඕන ලූණු කොළ, කෑලි මිරිස්, අමු මිරිස්, සුදු ළූණූ, මොනවදෝ සෝස් වර්ග ටිකකුත් එක්ක ඩෙවිල් කරල අරගෙන තියෙන්නෙ. කොහොම හරි ඒක, බියර්වලට කෙසේ වෙතත් සැර අරක්කුවලට නම් කියාපු ම ඈ.

ආපු නැතිවුන්ට ඇඬෙන්න කියන්න වගේ, ඊට පස්සෙ මේසට ආපු උණු උණු රයිස් එකත් පංකාදු පහයිනෙ. සුවඳට ම බඩ පිරුනද මන්දා. ඒකෙ පෙනුමත්... නිකම් දැක්කාම කටට කෙල උනන සීන් එකක් තිබුණෙ. කීරි සම්බා හාලෙන්, හීනියට ලියල බැදපු කුකුල් මස්, මාළු, ඉස්සො, දැල්ලො හොඳ හැටි එකතු කරලා, කැරලි වෙන්න බිත්තරයකුත් දාලා, ලූනු කොළ, ලීක්ස්, අමු මිරිස් එහෙමත් පදමටම දාලා… සුප්ප රයිස් එක අන්න කනව නම්. කොටින්ම බයිට්, ඩයට් දෙකම කවර්නෙ.

ඒ වගේම තමයි…

ඒ බයිට් එක්ක ගැහුව කියන්නෙ ඉතින් අපිත් ෆුල් අන්ඩ කවර්!

වැඩිය ඕන නෑ යාළුව මරු කියවනව, මොකක්දෝ ඔෆිස් එකේ සීන් එකක්. ඒක අහගෙන ඉන්නව වගේ රඟපාන්න මම, කරටිය කෙළින් කරන්න හදනව හදනව, බෑ කියන්නකො.

හපෝ…

එහෙමත් වදිනවද මං කියන්නෙ අරක්කු වුණත් ඈ!


TIP

Try the Hot Butter Pork.


Latest